රංජන් කස්තුරි
ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම පනතට විරෝධය දක්වන සියලු පාර්ශව සමඟ එක්ව එම විරෝධතා සංවිධානය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම පනත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියත්,ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යභාරයත් හෑල්ලුවට ලක්වන බවද එම නිසා එවැනි පනතක් සම්මත කිරිමට ඉඩනොදෙන බවද වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කරයි.
මීට අමතරව කොතලාවල සයිටම් හවුල් පනත පරාජය කිරිම සඳහා ජනතාව පෙළ ගැස්වීමය හා දැනුවත් කිරිමට පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. රාජ්‍ය පාසැල් පද්ධතියට සමගාමීව පුද්ගලික පාසැල් පද්ධතියක් ඇති බවද ඒවායින් පිටවන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන් සිටින බවද 2. රාජ්‍ය පාසැල් වලින් පිටවන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති එහෙත් රජයේ විශ්ව විද්‍යාලවල අවස්ථාව නොලැබෙන දරුවන් පිරිසක් සිටින බවද රජයේ විශ්ව විද්‍යාල වල අවස්ථාව නොලැබෙන මෙම දරුවන්ටත් උසස් අධ්‍යාපනය ලැබීමට අවකාශ ලැබිය යුතු බව මෙම බමුණුකුල මතධාරීන්ට තේරුම් යන්නේ කවදාද?