(විනීතා එම් ගමගේ)
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
එමෙන්ම එම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (6) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධි බැංකුවේ පාලනය මහ බැංකුව යටතට පත් කිරීමට පියවර ගන්නා බවට කළ සඳහන පිළිබඳ අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව පැවැසීය.
හිටපු අමාත්‍යවරයා පවසන්නේ සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්නට හැකියාවක් නොමැති බවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනිවාර්යයෙන්ම මහබැංකුව යටතට ගත යුතුයි. ජනතාවගේ මුදල් එක් එක් දේශපාලකයින්ගේ බල පුළුවන්කාරකම් මත පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මහ බැංකුවේ පාලනයට ගැනීමට විරුද්ධ වනවාය කියන්නේ දූෂණයට ඉඩකඩ ලබා දෙනවා කියන එකයි.
හිතුමතේ ඕනේ දෙයක් වෙනස් කරන්න හැකි වුනේ මහින්ද ආණ්ඩුව කාලේ විතරයි. එදා මහාධිකරණ තීන්දු පවා දුන්නේ අරලියගහ මන්දිරයෙනේ විනිසුරුවන් උන්නේ... අත්සන් කරන්න විතරයිනේ... ඒක තමයි යහපාලනේ වෙනස...
හිතුමතේ ඕනේ දෙයක් වෙනස් කරන්න හැකි වුනේ මහින්ද ආණ්ඩුව කාලේ විතරයි එදා මහාධිකරණ තීන්දු පවා දුන්නේ අරලියගහ මන්දිරයෙන්නේ විනිසුරුවන් සිටියේ... අත්සන් කරන්න විතරයිනේ... ඒක තමා යහපලානේ වෙනස..
තුනෙන් දෙකක් ඕනෙද නැද්ද කියල තීරණය කරන්නේ ශ්‍රේෂ්ටාධිකරණය.
පසුගිය රජය කාලේ සමෘද්ධි සල්ලි මාටියා ගහන්න ඉඩ නොදුන් නිසා නේද අගවිනිසුරුතුමිය ගෙදර යැව්වේ?
මහා බැංකුවට ගන්නේ නැත්තං හොඳයි . එහෙම උනොත් ඒකෙ තියන සල්ලි වලටත් විඳලා තමයි නවතින්නේ.
ඔන්න බලන්න සමෘද්ධි බැංකුව ගැන රනිල්ටත්, S Bටත් තියන කැක්කුම. ඔවුන් දන්නවා ඔකේ රස.
හිතුමතේ හොරකම් කරන්නත් බැරි බව මතක තිය ගත්තොත් හොඳයි.
මහබැංකුව යටට ගන්න කියන්නේ... එතකොට ඒ බැංකුවත් මංකොල්ල කන්න පුළුවන් නේද රනිල්ට...?
ලංකාවේ ඕවා කරන්න බැහැ... එකකින් ඡන්දය ඉල්ලලා පැරදිලා පිං ඇමතිකම් අරගෙන පක්ෂය වෙනස් කරන ඔබලා ඉන්න රටේ වෙනස් කරන්න බැරි මොනවද?
චන්ද්‍රිකා මැතිනියගේ කාලේ මාලිගාවල් හැදුවා කියලා, ගාලු මුවදොරේ දුවනවා කිව්වා මතකද? දෝස් මුරේ දැම්මා කියලා.
සියලුම මුදල් ආයතන පාලනය මහබැංකුවෙන් අනුමතයි නේද?
ඔබට බැරිබව ජනතාව අවබෝධ කරගෙන ඇති නිසානේ පසුගිය මැතිවරණයේදී පැරදුණේ...
මහබැංකුව විනාශකර තව තියෙන වත්කම් හොයනවා. කාබාසිනියා කරන්න දැන් නම් මේ අය ගහලා පෙන්නුවේ නැතිනම් රටම ඉවරයි.