(බිඟුන් මේනක ගමගේ)
සිනමා ක්ෂේත්රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථා භාරය මගින් පිරිනැමෙන දීමනාව තවත් කලාකරුවන් 120ට ලබාදීමට නීතිය සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර ඇතැයි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
කලාකරුවන් 57ත් දෙනෙකුට මෙතෙක් එම දීමනාව ලබාදුන්නේ යැයි ද ඒ අනුව කලාකරුවන් එකසිය හැත්තෑ හත් දෙනෙකුට මෙම මස 15 වැනිදා සිට අදාළ දීමනාව පිරිනැමෙන්නේ යැයි ද හෙතෙම කීය.
රුපියල් 2000ක් පැවැති මෙම දීමනාව වසර 20කට පමණ පසුව මෙම රජය මගින් 2018 අයවැය යෝජනාවක් අනුව රුපියල් 5000 දක්වා වැඩි කළේ යැයි ද අබේවර්ධන මහතා කීවේය.
වැඩි කළ දීමනාවේ සමාරම්භක මුදල් ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර මුදල් ඇමැති මංගල සමරවීර හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරා ගත් කොටසකට දෙන මේ දීමනාවයි.., පොදුවේ දුන් සිල්රෙදි දීමනාවයි අතර සිල්රෙදි දීමනාව මුදල් අවභාවිතයක් වෙන්නේ කොහොමද කියලා කියන්න.
මම මේ කියන දේ සමහරකට නුරුස්සන්න පුළුවන්.. නමුත් මේක තමා ඇත්ත තත්වය... කලාකරුවන් යනු භික්ෂුන් වහන්සේලා නොවන්නේය. උන්වහන්සේලා කිසිම මුල්‍යමය ලැබීමක් හෝ දීමනාවක් මත රටට, ජනතාවට, ආගමට සේවය නොකරයි. තමන්ගේ මාසික සුවය මෙන්ම අමාමහ නිවන් ප්‍රර්ථනා කරමින් ලොභයෙන් දුරස්ව ජීවිකාව ගෙන යයි. නමුත් කලාකරුවන් යනු ක්ෂේත්රයේ පැමිණ ජනප්‍රිය වන්නට පටන් ගත්දා සිට තමන්ට ලබාගත හැකි උපරීම ලාභයන් ලබා ගැනීම උදෙසා කටයුතු කරමින් සිටින කණ්ඩායමකි. ඔවුන්ට ක්ෂේත්රයේ මුදල් උපාය ගත නොහැකි තැනට එනතුරු ඔවුන් ඉපැයීම අත්නොහරී. සුළු වැටුප් නොව ලක්ෂ ගණනින් අයකිරීම් කර කාර්යන් කරන මොවුන් ඉතාම විශාල ලෙස මුදල් වියදම් කරමින් හා සල්ලාල ගති පැවතුම් ගත කරමින් ජීවිකාව ගෙවයි. ඔවුන් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා නම් "හෙට මැරුණත් අපට සැපයි අද ජොලි කරලා" යන මතයේ ඉන්න බව නොරහසකි. ඔවුන් ඒ මුදල් ලබා ගන්නේ නිෂ්පාදකයන්ගේ වුවද වක්‍රවාකාරයෙන් ඒ මුදල් ජනතාවගෙන් නිෂ්පාදකවරු සිවිල් වැසියාගෙන් සූරාගනු ඇත. මෙලෙස මුදල් උපයන මොවුන්ට අනාගතයක් ඇතැයි තමන් දුබලයන් වනු ඇතැයි කිසිවිටක නොසිතයි. රටේ අවාසනාවකට සිදුව ඇත්තේ ජනතාව මොවුන් හැකිදා මෙන්ම බැරිදාද රැක ගැනීමට සිදුවීමයි.