(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී අභිමානවත් අයුරින් සැමරිණි.
සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලයනක් යන්න ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින තේමාවයි.
මැයි පෙළපාළිය කොළඹ කැම්බල් පිටියේදී පස්වරු 1.00ට පමණ ඇරඹුණ අතර මැයි රැලිය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ටවුමේ බී ආර් සී ක්‍රීඩාංගනයේදීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජවිපෙ නායකයන් පෙරටු කරගෙන ආරම්භ වුණු මැයි පෙළපාළිය ජිවන වියදම බඩු මිල උද්දමනය ,රාජ්‍ය දේපළ විකිණීම , අල්ලස ,දුෂණය , අපරාධ යන තේමා යටතේ විවිධ අයුරින් දැකුම්කළුව නිර්මාණය කෙරුණු ප්‍රදර්ශන රථ රැසකින්ද විවිධ නැටුම් ,ගැයුම් ,වැයුම් කලාංගවලින්ද විචිත්රවත්විය.
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත විවිධ සංගම් , වෘත්තීය සමිතිවල සාමාජිකයෝ ඒ සංවිධානවල බැනර් , පුවරු පෙරටු කරගෙන පෙළපාළියට එක්වුහ.
මැයි දින රැලියේ වේදිකාව කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය හුවා දැක්වෙන ආකාරයට ඉතා දැකුම්කළු අයුරින් නිර්මාණය කර තිබූ අතර වේදිකාවේ පසෙක කොමියුනිට්ස් නායකයන්ගේ පින්තූර නිර්මාණය කර තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සුබ පැතුම් පිරිනමමින් ජාත්‍යන්තර කොමියුනිට්ස් සංවිධාන හා දේශපාලන පක්ෂ එවා තිබූ සුබ පැතුම් පණිවිඩ ජවිපෙ නායකයින් විසින් කියවනු ලැබීය.
මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් , සුනිල් හඳුන්නෙත්ති , බිමල් රත්නායක , නිහාල් ගලප්පත්ති , නලින්ද ජයතිස්ස , දේශපාලන මණ්ඩලික සභික කේ . ඩි .ලාල් කාන්ත යව මහත්ව මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශය







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයගරුක ආදර්ශමත් පෙළපාලියක් සහ රැළියක්...
මමත් අද පලවෙනි වතාවට මැයි රැලියකට අාවා. අවේ බී.ර්.සී එකට. එ්කට එන්න හේතුව තමා. මට හෘද සාක්ෂියක් තිබීම. මෙතන බේබද්දො නෑ. රැලියට එන්න බොන්න දීලත් නෑ. ඉතාමත් කලාත්මකව, නිර්මාණත්මකව, සංවිධානාත්මවක, විනය ගරුකව, තේමාවට අදලව රැලිය පැවැත්වෙනවා. එ්කට හේතුව පක්ෂය තුල පවතින සහෝදරත්වය හා විනය. රටකට ඕනේ එ්ක. රට දුන්නොත් සහතික වශයෙන්ම රට ගොඩගන්නවා.
හෙට දවසේ කම්කරුවන්ට කුණු අදින්න වෙන්නේ නැති එකම පිට්ටනිය බී.ආර්.සී පිටිය විතරයි.
ජිවන වියදම, බඩු මිල උද්දමනය ,රාජ්‍ය දේපළ විකිණීම , අල්ලස ,දුෂණය අතර විශ්ව විද්‍යාල වල නවක වදය දෙන හැටිත් තේමාවේ තිබුනේ නැද්ද?