බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි ‘බටහිර කසළ නිසි මගට‘ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන සඳහා බේලින් මැෂින් බෙදාදීමේ වැඩසටහන අද(18) කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 18 September 2017
විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් තෑගි පිරිනැමීමේ වැඩසටහනක් අද(18) සිට සතියක් පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 18 September 2017
අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක මහනුවර සිට වයඹ සහ ගම්පහ දක්වා විශාල සංවර්ධනයක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාවතගමදී පැවසීය. මෙම සංවර්ධනයේ කේන්ද්‍රය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය. 17 September 2017
මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ දෙසැම්බරයෙන් අවසන් මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා පවසයි. 17 September 2017
අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ. 17 September 2017
වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ - ජා ඇල මාර්ගය කිරිදිවිට ප්‍රදේශයෙන් අද (16) දහවල් වන තුරු ජලයෙන් යටව පැවතිණි. 16 September 2017
ධීවර ඇමැතිත් වෙරළ පිරිසිදු කරන්න එක්වෙයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සංවිධානය කරන ලද ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සහ වෙරළ පිරිසිදු කිරිමේ උත්සවය අද (15) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෝදර කාක දූපත වෙරළ තීරයේදි ආරම්භ විය. 15 September 2017
‘ජනාධිපති තාත්තා‘ එළිදකී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ’’ජනාධිපති තාත්තා’’ ග්‍රන්ථය අද (15) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී එළිදැක්විණි. 15 September 2017
දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීම සඳහා අද (15) උදෑසන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක නිරත විය. 15 September 2017
පොත් මංගල්‍යය ඇරැඹෙයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19වැනි වරටත් සංවිධානය කරන ‘‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය‘‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද(15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 15 September 2017
ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක් ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ. 14 September 2017
මියන්මාර රජයට විරුද්ධව තව්හිද් සංවිධානය පාගමනක අහිංසක මුස්ලිම් ජනතාව සමුල ඝාතනය කරන බව කියමින් මියන්මාර රජයට හා හමුදාවට විරෝධය පළ කරමින් තවුහිද් ජමාද් සංවිධානය අද (14) මරදාන මුස්ලිම් පල්ලියේ සිට මරදාන එල්පිස්ටන් රඟහල තෙක් විරෝධතා පාගමනක් පැවැත්වීය. 14 September 2017
‘ඔවදන් සරණිය‘ එළිදැක්වෙයි ගෝනදෙණියේ සීවලි හිමියන් විසින් රචිත ’’ඔවදන් සරණිය’’ ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම අනුනායක බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද(14) කොළඹ මහවැලි කේන්ද්‍රයේදි සිදුකෙරිණි. 14 September 2017
අම්පාරේ වැව් ජල මට්ටම පහළට අම්පාර දිස්ති‍්‍රක්කයට වැසි නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම පහළ බැසීමට පටන් ගෙන ඇත. 14 September 2017
නීල බැම්ම අමුණ පිටාර ගලයි මාස කිහිපයක් තිස්සේ පැවති නියඟය නිමා කරමින් ඇදහැලුන වර්ෂාව නිසා පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක යා කෙරෙමින් කලාඔය හරස්කර ඉදිකර ඇති නීලබැම්ම අමුණෙන් ජලය පිටාර ගලන අයුරු 14 September 2017
අපුර රෝහල් වැඩ වර්ජනයේ මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාළියට සහාය දැක්විම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (14) දින පෙරවරු 8.00 සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි දහස් සංඛ්‍යාත රෝගිහු පිරිසක් දැඩි අපහසුතාවයට පත්වුහ. 14 September 2017
සයිටම් රථ පෙළපාළිය අදත් සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (14) ප්‍රදේශ රැසකින් ආරම්භ විය. 14 September 2017
රෝහලෙන් නිසි ප්‍රතිකාර ඉල්ලා අයෙක් විරෝධතාවයේ දිවයිනේ සමස්ත රෝහල්වලින් රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයකු අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටියි. 13 September 2017
සයිටම් විරෝධී රථ පෙළපාළිය රටපුරා සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (13) ප්‍රදේශ රැසකින් ආරම්භ විය. 13 September 2017
සයිටම් විරෝධී වැඩ වර්ජන දෙවැනි දිනටත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (13) දෙවැනි දිනටත් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි. 13 September 2017
වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා 2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය. 12 September 2017
ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක් කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් අද(12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි. 12 September 2017
සයිටම් විරෝධී වෛද්‍ය වර්ජන රටපුරා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය අද (12) දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි. 12 September 2017
ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත. 11 September 2017
මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි “ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල් ගල තැබීම සහ ධීවර ආම්පන් බෙදාදීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවට ආ පුංචි දැරියක එකවරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක ජනාධිපතිවරයා දෙසට දිව ගියේය. 10 September 2017
මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක් මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය. 10 September 2017
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක් මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරමින්, රණවිරු සහයෝගීතා එකමුතුව අනුරාධපුර නව බස්නැවතුම්පොළේදී අද (10) උද්ඝෝෂණයක් කළේය. 10 September 2017
ත්‍රීරෝද රිය ප්‍රපාතයට හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර් දියඇල්ල ප්‍රදේශයේදී ති‍්‍රරෝද දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරලී තිබූ අයුරු. 09 September 2017
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. 08 September 2017
පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ හා ව්‍යාපෘති එළිදැක්වීමේ සම්මන්ත්‍රණය හතරවැනි වරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි. 08 September 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026