(ඉෂාන් සංජීව)
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීම සඳහා අද (15) උදෑසන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක නිරත විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට හාමුදුරුවරු කියලා කියන්න බැහැ.
දන්නැතිද මේ රටේ නීතියක් තියනවා කියලා... එ්කට හිසනමන්න ඕනෑ.. ඔය කරන්නේ හොරු ආරක්ෂා කරන එක. ඔයාට වඩාදැවෙන ප්‍රශ්න තියෙනවා. ඒවටත් ඔහොම පිණ්ඩපාතේ යන්නේ නැහැ. රන්ජන් රාමනායක මහතාට අපි ගරුකරනවා.
මහජන මුදල් හොරකම් කල හොරුන් රැකගන්න සංඝරත්නය ජනතාව ගොනාට අන්දවමින් දෙවන වතාවටත් ජනතාව මංකොල්ල කයි. බුදුදහම රකින්නේ කෙසේද?
මේ ස්වාමීන් වහන්සේලා පාත්තරේ අරන් රවුමක් යනවා. ඒකාබද්ධයේ හොරු ටික දඩේ ගෙවලා කියනවා පාත්තරේට වැටුන සල්ලි වලින් ගෙව්වා කියලා. කොහොමද ටිකිරි මොලේ? කියන්න දුකයි සමහර හරක් ඉන්නවා හොරා වුණත් ගෝලයා නිසා බේරගන්න ඕන කියලා හිතන. මේ වගේ මිනිස්සු නිසා ඒ අයගේ දරුවන්ට තමයි කවදාහරි වන්දි ගෙවන්න වෙන්නේ...
ජනතාව හැම අතින්ම මිරිකෙනවා. ජනතාවගේ මුදල් හොරකම් කරපුවාම ඒවා ගෙවනත් ඕනේ. හාමුදුරුවන්ව බලා ගන්නත් ඕනේ....
හිරේට ගිය අය නිදහස් කරගන්න ඕන තමයි. එ්ත් මේ වැඩේ අනුමත කරන්න බැහැ කොහොමටවත්. මොකද කුමක් හෝ වැරද්දක් කලත් ලොකු අයට දඩුවම් දිය යුතු නැතිබව ලාංකිකයන් පිළිගන්න බව මේකෙන් මනාවට ඔප්පු කරනවා ලෝකයටම. බුද්ධාගමේ කෙනෙක් වීම සතුටුයි. එ්ත් මේවා දකිද්දී දුක හිතෙනවා. මේ ස්වාමින්වහන්සේලට මීට වඩා කලයුතු බොහෝ වැඩ තියෙනවා.
මෙම ක්‍රියාව මුළු රටේම සෑම මන්ත්‍රී කොට්ටාශයකම කරන්න.. මහා සංඝපිතෘවරයාණන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. දේශප්‍රේමී මහා සඟ රුවනට අපගේ ප්‍රණාමය. ඔබ වහන්සේලා අපේ මව් රට සැමදා ආරක්ෂා කල බව ඉතිහාසය අපට සාක්ෂි දේවි සාදු, සාදු, සාදු ...!!!
බුදු හිමියන් වැඩ සිටියා නම්. කුමක් වදාරනු ඇත්ද?
හා.. හා.. මේවා මේවගේ රටවල සිද්ධවෙන වැඩ...
අනේ අපේ හාමුදුරුවනේ, අපේ සිර ගෙවල් වල, සුළු දඩ මුදලක් ගෙවාගන්න බැරිව, කොපමණ සිරකරුවන් සිටිනවාද? අනේ අපේ හාමුදුරුවනේ... එවැනි අය ගැන නැද්ද අනුකම්පා හිතුනේ... දේශපාලනයේ සුපිරි පන්තියේ හොරු නිසාද? හැබැයි අර ගමේ එදාවේල පිරිමහගන්න අල්ලපු කෙනාගේ වත්තේ පොල් ගෙඩිය අහුලපු, කෙසෙල් කැන කාපා ගත්තට ඒ වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැහැ.. අනේ අපේ හාමුදුරුවනේ අනේ අපේ ගෞතම බුදුන් අද වැඩ හිටියා නම්, මොනතරම් දෙයක් දැනේවිද?
මීට පස්සේ පුරාණයේ වගේ පිණ්ඩපාතයේ ගොස් තමන්ගේ ධනය සොයාගත්තා නම් අපූරුයි. බුදු දහමට අපහාස කරන්න එපා අපේ හාමුදුරුවනේ...
මහජන මුදල් සොරකම් කළ දෙදෙනෙකු දඟගෙට නියම වීම සුනාමිය, නාය යාම, ගං වතුර වැනි ජාතික ව්‍යවසනයක් නොවේ. රටට විපතක් වන්නේ සොරුන් රැකීමය. ජනතාව යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ ජාතික ධනය කොල්ල කෑ සියළු දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමණක් නොව ඔවුන් කොල්ල කෑ සියළු සම්පත් ආපසු ලබා ගෙන ඒ මහා ධනසම්භාරය රටේ යහපතට යොදවනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය. ඉහත පිණ්ඩපාත යෝජනාව ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමක් නොවන්නේ ද? කොහොමටත් ලංකාවේ සිටින බොහෝදෙනා හොරුය. මුදල් පිණ්ඩපාතේ යෑම ඒ අයගේ අලුත්ම අලුත් ගසා කෑමකි. එසේ කිරීමෙන් තම මඩිය තරකර ගැනීමට නොහැකි වන බව මේ අය හොඳින්ම දනිති. දඬුවම් දී ඇත්තේ වැරදි කළ අයටය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැලසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටමද?
හොරකම් කරන්නෙත් ජනතාවගේ මුදල්... හොරුන්ගේ දඩ ගෙවන්නත් ජනතවගෙන් මුදල්. දැන් කාලේ කවුරු කරන්නෙත් හොරුන්ට කඩේයන එකයි. හොරුන්ව ආරක්ෂා කරන එකයි. දේශපාලනයට ගිහිල්ලා ශාසනේ වනසන එකයි. අනුවණයින් රටක් පාලනය කරනකොට ඔහොම තමයි.
අනේ මෙහෙමත් චීවර ධාරීන් පිරිසක්.... බුද්ධාගම ඉවරයි...
ඉස්සර අපි පාත්තරේට දැම්මේ ගෞරවයෙන් පිළියෙළ කරපු ආහාර ... එතනට සල්ලි දමන්න තරම් දේශපාලනය විසින් අපේ ශාසනය විනාස කරලා. බොරුවට බෞද්ධ කම ගැන දොඩවලා පපුවට ගහගත්ත උදවියමයි ශාසනය වනසන්නේ ...
ස්වාමීන් වහන්ස, මට හිතෙන්නේ නම් මේක වැරදි ක්‍රියාවක් වගේ...
නඩු අහලා නීත්‍යානුකූලව දඬුවම් ලබාදීමකට එරෙහිව මේ කරන ක්‍රියාව අධිකරණයට අපහාස කිරීමක්. ලක්ෂ 62ක ජනතාවකගේ ඉල්ලීමකට කල නිගාවක්.
සංඝ සමාජයටම මෙය, කවදාවත් නොමැකිය හැකි ඓතිහාසික කැළලක් සහ අවමානයක්.
මීට වඩා ඔතන ඔය ඉන්න සඟරුවන වැඩ ඉන්න පන්සල් වලින් සල්ලි හෙව්වානම් හොඳයි වගේ... මුදල් හොරකම් කල අයව රැකගන්න කරන මේවට පින් ලැබෙනවද?
මේ සියලුම භික්ෂුන් වහන්සේලා පාරාජිකා වෙනවා. සොරකමකට අනුබල දීම නිසා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ රටක යම් නීතියක් තියෙනවනම් ඒ නීතිය භික්ෂුන් වහන්සේලාද පිළිගත යුතුයි කියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා නොකළ වරදවල් වලට රාජ දඩුවම් ලබලා අපවත් උනා. එදා බුදු රජාණන් වහන්සේ පාරට බැහැල මේ වගේ විකාර වැඩ කරේ නැහැ. ඒ කාලේ නොකළ වරදවල්වලට මඟඵල ලාභී ගිහි උපාසකයින්ට විවිධ දඩුවම් දුන්නා.බිම්බිසාර රජු හිරකරලා කකුල් පළල ලුණු දාලා වද දෙද්දී බුදුරජාණන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ට තාත්තව නිදහස් කරන්න කියල කිව්වේ නෑ. බිම්බිසාර රජු කියන්නේ බුද්ධ සාසනේ සිටි ප්‍රධානම මාර්ගඵල ලාභී ගිහි උපාසකයෙක්. මේ ස්වාමින් වහන්සේලා මොනවද? මේ කරන්නේ. කෝ අපේ රටේ මහා නායක ස්වාමින් වහන්සේලා. ධර්මය වේගයෙන් අතුරුදහන් වේගෙන යනවා. ඒකට වග කියන්න ඕනේ. මෙන්න මේ වගේ ස්වාමින් වහන්සේලායි...පාලකයොයි. මේ සියලුම ස්වාමින් වහන්සේලා මේ විදිහටම පාරට බැහැල පිණ්ඩපාතේ යනවා වගේ ගමක් ගානේ බුද්ධ දේශනාව කරගෙන ගියානම් කොච්චර යහපත් සමාජයක් උදාවෙයිද?
මනුස්සකම, ජාතිය, ආගම, සාමය උදෙසා අපිත් දායකවෙමු. නමුත් අපිට කාගෙන්වත් කිසිම උදව්වක් සාධාරණයක් වී නොමැත. අපි එදත් අදත් හම්බ කරගෙන ජීවත් වන්නෙමු.
නවීකරණය වූ බුදු දහම. වැරදි කරුවන් වෙනුවෙන් පෙනී සිටින අය මුදල් ගෙවා ගත නොහැකිව සිරේ යන අහිංසකයින් ට පිහිට නොවන්නේ ඇයිද?
මෙතුමලාට වෙන දේවල් කරන්න නම් සල්ලි තියෙනවා... දඩ ගෙවන්නේ තමා සල්ලි නැත්තේ. මේ වගේ මිනිස්සුත් ලංකවේ ඉන්නවානේ.
අනේ මේ ලංකාවට ගිය කලක්... ලැජ්ජයි. කොහෙද? මොවුන්ගේ ප්‍රතිපත්ති...... දැන් හොරුන්ට උදව් කරන්න තරමට පහත් වෙලා.
අභියාචනා ඉදිරිපත් කරනවානම් දඩ ගෙවන්න ඕන නැහැ නේද.
විලි ලැජ්ජයි සිවුරටත්..... මේ සිවුරු පොරව ගත්ත පිරිස් අපේ නිර්මල බුදු දහම විනාශ කරනවා.. හොරු බේරගන්න පිණ්ඩපාත ගිය රටක්ද මේක..මේ මොනවද වෙනේ මේ රටට? වෙනත් ආගමික නායකයන් තම ගෞරවය රැක ගෙන ජීවත් වෙනවා.... පින්වත් හාමුදුරුවරු මේවද කරන්න ඕනේ..
කුසගින්නේ ආහාරයක් නැතිව පවුල් කීයක් නම් ජීවත්වෙනවාද? ඇඳුමක් පැළඳුම හරියට නැතිව පවුල් කීයක් ජීවත් වෙනවාද? ලෙඩකට හරියට ප්‍රතිකාර ගන්න බැරිව පවුල් කීයක් ජීවත් වෙනවද? සමහර පවුල් වල දරුවෝ පාසල් යන්නේ මොන තරම් අමාරුකම් තියාගෙනද? ඒ අය වෙනුවෙන්, පිඬු සිඟා වැඩ යමක් ඔවුනට දිය හැකිනම්, දිළිඳු කමේ ප්‍රතිවිපාක අඩු කිරීමට යමක් කළ හැකිනම් කොතරම් වටිනවාද? ශ්‍රී ලංකාව දැහැමි රටක් කිරීමට මේ ආකාරයට වැඩිය හැකිනම් මෙය කොතරම් දැහැමි රටක් වනවාද?
ගුරු හාමුදුරුවෝ හිතන් එන්නේ, අපේ උපාසිකා අම්මලා, සිල් රෙදි බෙදන්න කලින් ඒවා නැතිව සිල් ගන්න ආව කියලා වාගේ ....
මේවා හැරෙන්න වෙන වැඩ කටයුතු කරන්න නැද්ද? මේ උසාවියටද අභියෝග කරන්නේ?
මේ උත්සාහය අලුතින් පාසලක් රෝහලක් හදන්න නම්... ඒවා සල්ලි වලට කරන දේවල්ම තමයි.
පිටිපස්සේ යන දේශපාලකයන්ටත් මේවා හොඳ පාඩම්...
දකින්න ලස්සන දෙයක්... ඉන්න ලොක්කා සලිත වෙනවා !
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් දඩ මුදලක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. ඉතින් මේ කරන්නේ "ඇපෑලත් පරදිනවා" කියා දන්නා බැවින් එවන් නිගමනයකට පැමිණ කටයුතු කිරීමක්ද නැත්නම් ඉදිරියේදී පැවැත්වීමට ඉඩ ඇති ඡන්දයකට වියදම් කිරීමට ආධාර එකතු කිරීමක්ද?
අකැප දස වස්තු ගැන තිබුණ ධර්ම සංගායනාව ගැන වත් නොදත් පිරිසක්ද?
බුදු හාමුදුරුවෝ මේවා අනුමත කරන්නේ නැහැ..... චීවරය දේශපාලනයට සුදුසු නොවේ. බුද්ධ දේශනය පිළිපදින අපි මේ ගැන දුක්වෙනවා ..!!!
අනේ වසර 2600ක් රැකගත් බුද්ධ ශාසනෙට මොකක්ද මේ වෙන්න යන්නේ?
අපේ දහමට මෙච්චර නිගාවක් කරන්නේ... පටු දේශපාලන අරමුණු වලට ඇතැම් අය උදව් කරනවා නම් තව මොන කතාද? හරිම දුකක්...
අහෝ ශ්‍රී විෂ්ණු දේවෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ සම්බුද්ධ ශාසනය පන් දහසක් අවුරුදු රැකගන්නා බවට සපත කර ඇත්තේය. තරහ අවසර, ඔබ වහන්සේ දුසිලුන්ගෙන් සසුන රැක ගන්නේ කෙසේද?
බන්දු මහතා ඇතුළු සෙට් එකත් පස්සෙන් යන්නේ ඔය...
චීවරයට කරන විනාශයක මහත..... මේවා සංඝ භේදයන්... මේ ආත්මයේදි සිට ඉපදින හැම අාත්මයකදීම විපාක දේවි...
හාමුදුරුවනේ, මේ වගේ ගරු අධිකරණයෙන් දඬුවම් ලැබූ වන්දිභට්ට දේශපාලකයන් වෙනුවෙන් පිණ්ඩපාතේ වැඩමවලා පස්සේ මිනිස්සු බැන්නම අපිට බනිනවා කියනවා. බුද්ධාගමට නිගා කරන්න එපා. ශ්‍රී ලාංකික ජනතාවගේ අාධ්‍යාත්මික වටිනාකම දියුණු කිරීමට පන්සල්වලට වෙලා බණක් දහමක් මිනිස්සුන්ට කියලා දෙන එක තමයි අපේ හාමුදුරුවන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ.
බලය ගන්න සංඝ භේද නොකරන්න.
මේවා අම්මා, මුත්තා කාලේවත් අපි නම් දැකලා නැහැ ළමයෝ...
බුද්ධාගමේ අවසාන යුගයට පැමිණ ඇති බවක් පෙනෙන්නේ.. දඩය ගෙවීමට අවශ්‍ය නම් ඕනෑ තරම් වත්කම් තිබේ.
ලංකාවේ සමාජය මේ කොයිබටද? එකතැනක මහ බැංකුව කොල්ල කාපු පුද්ගලයා වීරයා කරලා ගුණ ගයනවා. තව තැනක අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාපු අයගේ දඩ ගෙවන්න මේ විදියට පිඬුසිගා වඩිනවා. හරි දෙයට හරි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් බැරි තරමටම සඟ සමාජය පිරිහිලා නම්, පෘතග්ජනයා ගැන කුමන කතාද? අපේ හාමුදුරුවනේ ලංකාවට කලින්ම මුරුග සංඤාව ළඟා වෙන පාටයි.
සසුනට අපහාස කරනවානම් මේ පිරිස සසුනෙන් ඉවත් කළ හැකියි.
ඔක්කොම මැදමුලනට වැඩියා නම්, අවුරුදු 10 ක් හම්බ කරපු කෝටි දහස් ගණනක සල්ලිවලින් ටිකක් ගන්න තිබුණා. මේ පිරිස බුද්ධාගමේද? අදහන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයද?
මා දන්නා තරමට සංඝයා වහන්සේලාට මොනම කරුණක් සඳහාවත් මුදල් පරිහරණය අකැපයි. මා සිතන්නේ මෙය විනය කැඩීමක් කියායි. මෙවැනි දෙයින් සිදුවන්නේ සංඝයා වහන්සේ දේශපාලනයට කිරීමට ගොස් තමන්ට ඇති ගෞරවය කෙළෙසා ගැනීමක් පමණි.
මේ කරන දෙය ඉතාම වැරදි ආදර්ශයක්...කෝටි හැටක මහජන මුදල් වංචාවක්. හාමුදුරුවනේ ඉතින් ඇයි මේ රටේ නීතියට නිගා කරන්නේ?
දළදා මාලිගාව කොටි බෝම්බය නිසා විනාශ වුන වෙලාවෙත් පිණ්ඩපාතයේ වඩමවලා මුදල් එකතු කළාද? අනේ මට මතක නෑ.... ගංවතුරින් දහස් ගණන් මිනිසුන් අනාථ වුණාමත් මෙහෙම ආධාර එකතු කළාද ? මට මතක නැනේ... දැන් මේ අය මහජන මුදල් ඡන්ද කටයුතු වලට අවභාවිතා කරලා අධිකරණයකින් දඬුවම් නියම කලාම මෙහෙම කරන්නේ ඇයි?
බුදු සසුන වනසන්නේ පන්සිල්වත් නොරකින ගිහියන් නොවේ. ඇතැම් සිවුරු දරන්නන් විසිනි.
හාමුදුරුවනේ, මේක නම් මහා පාපයක්, ඔබ වහන්සේලා නඩු වාර්තා බලන්න. ඡන්ද නීති කියන ඒවා කවුරු වුණත් ගරු කළ යුතුයි. ඔබ වහන්සේලා විශේෂයෙන්... මේ දඬුවම් දීලා තියෙන්නේ අන්න ඒ වැරැද්දට අනුබල දීපු රජයේ නිලධාරීන්ට... ඒ අය ලොකුද පොඩිද කියලා නැහැ වැරැද්දට. ඔබ වහන්සේලා දැන දැනම වැරදි කරුවන්ට උදව් කරනවා. සමස්ත බුදු දහමටම අගෞරවයක්.. මේ කරන්නේ ලොකුම ලොකු පාපයක්. ඔබ වහන්සේලාට සත්‍යයම අවබෝධ වේවා. සාදු..සාදු... සාදු..!!!
දේශපාලකයින් පෙරටු කරගෙන දහමට කරන මේ අවමානය නොදන්නේද ? හරිම දුකක්...
මතු ආත්මයක දී වත් ඔබවහන්සේලාට බුද්ධිය ලැබේවා! දේශපාලකයන්ට ගැතිකම් නොකරන බෞද්ධයන් සිටින බෞද්ධ සමාජයක මා ඉපදේවා! අහෝ අපගේ අභාග්‍යයක්ද මේ! මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ. රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ.
මෙහෙම දේවල් සිදු කරනවා නම් මින්මතුවට බණ දේශනා කිරීමෙන් වැළකී සිටියා නම් හොඳයි. මන්දයත් මෙය මහත් පාප ක්‍රියාවක් වන බැවිනි.
එහෙනම් කොහොමද අාවේ සල්ලි ඉල්ලගන්න?
හැබැයි, හැමදාම මෙහෙම කරනවා නම් පේරු දායකයන්ට ලොකු උදව්වක්. මොනවා වුණත් අපි එදාට දෙන්නම ඕනෑනේ...
පාප මිත්‍රයෝ රැකගන්න පණ්ඩිතයෝ ගන්න උත්සාහය සුදුසු නැහැ වගේ....
මේක නම් ආගමට වන නිග්‍රහයක් කියලයි හිතෙන්නේ හාමුදුරුවනේ...
එහෙනම් ඇතැම් පන්සල්වල තියෙන ආදායමෙන් ඔය අලාභය ගෙවන්න. කරුණාකර ශාසනය පිරිහෙන වැඩ කරන්න එපා.
අපි හිතන් හිටියේ හාමුදුරුවන්ට බනින්නේ ෆොන්සේකා මහත්තයයි, රාමනායක මහත්තයයි විතරයි කියලා. දැන් බලනකොට හැමෝම බනිනවනේ අපේ හාමුදුරුවනේ.
දැන් කොහොමත් පරණ ලොක්කා ගාව තියෙන සල්ලි ටිකක් විසි කරලා මේ අයට බන්ධනාගාරගත කළ කාලසීමාව ටිකක් අඩු කර ගන්න පුළුවන්. මොකද නැත්නම් කොහෙන්ද දඩ ගෙවන්න සල්ලි කියල බලනව නේ. අන්තිමට බෞද්ධයෝ ටිකයි කලකිරෙන්නේ...
අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා හිරේ ගියාම මේ වැඩවලින් බුද්ධාගමට කරන්නේ මහා විනාශයක්... ඔය දේශපාලකයෝ ගාව කෝටි ගණන් තියාගෙන ඒ අහිංසක ජනතාවගෙන් සල්ලි ඉල්ලන්නේ. මේක මහා සාපයක් වෙලා අපේ රටට.
පවිටු දේශපාලකයන්ට කඩේ යන බුද්ධාගම විකුණගෙන කන අය මිසක මොවුන් සැබෑ ස්වාමීන් වහන්සේලා නොවේ. බුද්ධාගම වගේ පිවිතුරු ආගමක් විනාශ කරන්නයි හදන්නේ...
උඩ බලාගෙන කෙළගසා ගැනීමට නොහැකි නිසා කිසිවක් නොලියන්නෙමි. බඩගෝස්තරවාදය වෙනුවෙන් පිණ්ඩපාතේ වඩිනවා යයි මින් පෙර අසා දැක නැති මා, දනට, පිනට ඉලපොතත් අවශ්‍ය කරන බව මේ දැන් අවබෝධ කර ගත්තෙමි....
දැක්කම දුක හිතෙනවා. මොනවා කරන්නද?
මට ලැබුණු සිල් රෙද්දත් තියෙනවා... මම ඒක පූජා කරනවා....
එදිනෙදා දානේ වේලත් ඔය විදියට හොයා ගන්නවද අවසර?
රු.47,000ක් හොරකම් කරපු කෙනෙක් අවු 7කට හිරේ දමලා. එයා වෙනුවෙනුත් හිඟමනේ යන්නද කියන්නේ? මෙයාලා මේ හිඟමනේ යන්නේ හිරේ ඉන්න දෙන්න වෙනුවෙන් නොවෙයි. එයාලට නියෝග දීපු කෙනා වෙනුවෙනුයි...
බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකාවේ වලංගු රුපියල් 2500 කින් මාසයක් පවුලක් ජීවත්වෙන්න පුළුවන් කිවුවා. ..අනේ අපේ බුද්ධාගමට වෙන්න යන හේනේ .?
මේවා මෙහෙයවන දේශපාලන නායකයෝ අපේ ඇස් පනාපිටම මේ ආත්මෙදීම විඳවාවී ... !!!
බුදු දහමට අනුව චීවරයේ අර්ථය නොදත් භික්ෂූන්ද මේ ..?
මට දුක පොඩි හාමුදුරුවරු ගැන.. මොකක්ද එතුමන්ලාට වැඩිහිටි හාමුදුරුවරු දෙන ආදර්ශය... එන්න කිව්වම එනවා. මේක වැරදි ආදර්ශයක්... හරිම දුකයි...
නීතියට සියල්ලෝ සියලු මිනිස්සු පිළිපැදිය යුතුයි... ගරුකළ යුතුයි.. චීවරධාරින්ද මිනිස්සු වෙති...
අපරාධකරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදුවරයෙකුගේ නියමයක් ද? දැන් සිදුවෙමින් පවතින්නේ භික්ෂු වෙස් ගත් කොල්ල කරුවන් සිය සුඛ විහරණයට අමතරව තමන් පයුරු පාසානය කරන චෞරයන් බේරා ගැනීමටද ගිහියන් ගොනාට ඇන්දවීම ය. පිණ්ඩපාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි. එවැනි අයෙකුට ආහාර වේලක් දීමෙන් තමන්ට පිං සිදු වෙතැයි වෛදික, ජෛන, ආදී ආගමිකයන්ගේ ද විශ්වාසයි. පිණ්ඩ යනු ආහාර මිස මුදල් නොවේ.
නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය පංච ශීලයෙන් එක් සිල් පදයකි. එය කඩ කිරීම නීතියට අනුව ද වරදකි. එවැනි අපරාධයක් කළ අයවළුන් වෙත සමාජ ගෞරවයක් ලබා දීමට දත කන්නේ ගිහියන් පන්සිල් ගන්වන පිරිසකි. දරුවන්ගේ කුසගිනි නිවීමට වෙළඳ සැලකින් පාන් ගෙඩියක් සොරකම් කළ පියෙකුට සිර බත් කෑමට සිදුවීමේ පුවතක් කලකට පෙර අසා ඇත්තෙමු. එවන් දුගියෙකුගේ දුක නොදුටු චෝරවාදියෝ සිල් රෙද්දෙන් රුපියල් හැට කෝටියක් ගසා කෑම සිදුකළ කුමන්ත්‍රණය කළ දෙදෙනා වෙනුවෙන් හඬා වැටෙති.
මම රුපවාහිනියේ දැක්කා හාමුදුරු නමක් හාමුදුරුවන්ට ඇමතිලාට බනින්න එපා කියලා කිව්වා... ඇමතිවරු බනින්නේ සිල්වත් හාමුදුරුවරුන්ට නෙමෙයි. එ් හාමුදුරුවෝම ඒ හාමුදුරුවන්ලාට සීලය ආරක්ෂා කරගන්න කීවානම් තමයි හොඳ... මේවා දකිනකොට .....
දේශපාලයනයට, ජාතිවාදයට, වාසියට කඩේ යන්න ඕනේ වැඩ බැරි මිනිස්සු... ස්වාමීන් වහන්සේලාට මේවා හරියන්නේ නෑ....
අනේ අනේ. ශාසනේට මොනවද වෙන්නේ? වැදගත් අය මේවට උදව් කරනවද? නීතියෙන් දඬුවම් දී තියෙන්නේ.. ඇයි ස්වාමින් වහන්සේලා කලබල වෙන්නේ? ඔය සල්ලිවලට මාටියා පාර තමයි.
මහනායක හමුරුවනේ, අහිංසක අපේ සල්ලිම නැවත ගන්න ඉඩ දෙන්නේ ඇයි?
මේ වගේ අය ශාසනයට දා ගත්ත අයට තමයි වග කියන්න ඕනේ...
එදා පිඩුසිඟා වැඩියේ ශීලයට අනුග්‍රහ පිණිස ජීවිතය පවත්වාගැනීමට. අද දඩමුදල් එකතුකිරීමට. බුදු පුතුන් පහලට වැටී තිබෙන තැන. මහනාහිමිවරුන්ගේ නෙත් ඇරේවා! ගුණයෙන් පිරිහිලා, නුවණින් පිරිහිලා, ආකල්පවලින් පිරිහිලා, දැනුමෙන් පිරිහිලා.
මේ වැඩවලින් බෞද්ධ අපේ සිත් නොතලන්න.
ලජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු...
ධර්මය දන්නේ නැහැ... ,ඉතින් බලාපොරොත්තුවෙන්න පුළුවන් මොනවාද.....? ඕක ධර්මයේ වැරැද්දක් වත් බුදුන්වහන්සේ ගේ වැරැද්දක් වත් නෙමෙයි.
මේ වගේ විහිළු නිසා මේ අයට සංඝයාවහන්සේලා යැයි කියන්න මින් ඉදිරියට බැරිවෙනවා. අපේ බුදුදහමට විශාල නින්දාවක් අපහාසයක්. හරියට විශාලා මහනුවර දුර්භික්ෂය වගේ පෙනෙන්නේ....
සිදුහත් කුමරු ගිහිගෙය කලකිරි බුදුවුනා. බුදු රජාණන් වහන්සේ දැන් හිටියනම් සාසනෙත් කලකිරෙනවා මේවා දැකල
මේ යන්නේ සම්බුද්ධ ශාසනේ විනාස කරන්න දේශපාලනය කරන අයද ...?
දේශපාලන අල්ලසක් ගත්තා නම් 365 දවසෙම හරි හෝ මේ දේ කරන්න ඕනෑ... වැරදි වුණත්...
මේ සංඝයා වහන්සේලා ලවා කරවන පාපකාරී ක්‍රියාව මුළු ලෝකවාසී බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ හදවත් මහත් ප්‍රකම්පනයට පත්කරවන සිදුවීමක්. මෙහි ඇති අති බිහිසුණුකම ජනතාවට වැටහෙන්නේ තව මාස කිහිපයකින් පසුවයි. මේවා ඉතා සැලසුම් සහගත මහජන මුදල් මංකොල්ලකෑමක්. දුප්පත් මිනිසුන්ගේ සල්ලි දෙවතාවක් ගැනීමට සහ රටේ නිතිය හෑල්ලුවට ලක්කිරීමට අමතරව බුදුදහම සහ සංඝයා පිළිබඳව මිනිසුන්ගේ තිබු ගෞරවය ද විනාශ කිරීමයි.
මේ අය පිණ්ඩපාතේ නෙවේ යන්නේ... මේ වගේ වැඩවලට රාජපක්ෂගේ කාලේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු වූ ද, සිල් රෙදි බෙදීමට මුලිකව කටයුතු කළා වුද, සිල් රෙදි නඩුවට සාක්ෂි දෙන්න සිදුවුණා වූද සත පහක වටිනාකමක් නැති "වටිනාපහ" ගම කරගත් හිමි නමක් සහ අනාගතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර බලාගෙන ඒ පළාතේ කටයුතු කරන්නා වූ හිමි නමක් "මුදල් පිණ්ඩපාතේ" යන බව ජනතාවට හොඳින් තේරේ. මේ අය මිනිස්සු ශ්‍රද්ධාවෙන් පාත්තරේට දාන මුදල්වලට මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙම වුණාම මහඋළු ගෙදර ඉන්න දෙන්නට දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි! මේවා කරන්නේ මිනිසුන්ට ආදරේකට නෙවේ. ඒ කාලේ හෑල්ලුවට ලක් කර තිබු නීතිය නැවතත් හෑල්ලුවට ලක්කිරීමටත්, රාජපක්ෂ අගමැති කරගෙන ආයෙත් තනතුරු ගැනීමටත් බව පැහැදිලිය. ඒ කාලේ වැලිකඩ සිපිරි ගෙදර වෙඩි තබා නිකරුනේ මරා දාපු 27 දෙනා වෙනුවෙන් කටක් නොඅරින මේ අයට වැඩ පිළිවෙලක් නැති එක පුදුමයිනේ!
මොන නාඩගමක් ද මේ... හොරු රකින්න අපට ඕනේ නැහැ.. කෝ අර සිංහලේ කියන මහා විරුවන්? ඒ අය මොනවද මේවට කියන්නේ? වහාම රටට කියන්න.
මුදල් පරිහරණය ස්වාමින්වහන්සේලට අකැප දෙයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එය ඉතාමත් හොඳින් පැහැදිලි කර ඇත. මේ මුදල් එකතු කරන්නේ දේශපාලන විය හියදම් වලටය. ජනතාවනි, කරුණාකර රැවටෙන්න එපා.
බෞද්ධ අපි වගේ මෝඩයෝ ලෝකේ තවත් නැතුව ඇති.
මෙහෙමත් රටක්
මේකද මා අදහන බුදුදහම? සංඝයා පිළිබඳව මාගේ තිබු ගෞරවය ද මේ පිළිකුල් සහගත ක්‍රියාවෙන් විනාශ විය.
මේ අයුරින් මුදල් සොයා යාම සම්පුර්ණයෙන්ම භික්ෂු විනය විරෝධී ක්‍රියාවක් ... රට ආපදාවකට පත් වුනු අවස්ථාවක නම් මෙලෙස ක්‍රියාකිරීම හැර මේ හොරුන් වෙනුවෙන් කරන මේ වැඩේ සියලුම ජාතීන් හෙලා දැකිය යුතුයි ..
අහිංසක මනුස්සයෙකුට බත් හැන්දක් බෙදලා පිනක් සිදුකර ගැනීමට පිණ්ඩපාත නොකරන හාමුදුරුවන් දඩ සල්ලි එකතුකිරීමට යනවා. අනේ අපේ බුද්ධ ශාසනේට ගිය කල. බොදු හදවත් හඬා වැලපෙනවා.
ශ්‍රී ලංකාවේ එළිපිට සිදුකරන මහජන මුදල්ම මහා මංකොල්ලය මෙවැන්නන් විසින් කරගන යයි. බුදු දහම රැක ගැනීම ජනතාව යහමගට ගැනීම පසෙක ලා බුද්ධ චීවරය පොරවාගන සිදුකරන්නේ වැරැද්දකි. බුද්ධාගමත් රටත් ජාතියත් විනාශ වේ.
පොදු දේපළ හොරාට ගත්තට කමක් නැද්ද? මේක නම් පුදුම රටක්..
ආගමික අය මේවගේ දේශපාලනයක් කරනවද?
මහා සඟරුවනට අපහාස කරන මිනිසුන් උපදින්නේ තිරිසන් ආත්මවල පමණක් බව තරයේ මතක තබාගන්න. මේ උතුම් මිනිස් ආත්මයක් ලබාගත් ඔබ මහසඟරුවනට හෝ පූජක උතුමන්ට පරිභව නොකර සිටීමට සිතට ගන්න..
මහජන මුදල් හොරකම් කල අය රැකගන්න ජනතාව ගොනාට අන්දවමින් දෙවන වතාවටත් ජනතාව මංකොල්ල කනවා වගේ. අහිංසක මනුස්සයෙකුට බත් හැන්දක් බෙදලා පිනක් සිදුකර ගැනීමට පිණ්ඩපාත යන හාමුදුරුවන් දඩ සල්ලි එකතුකිරීමට යවනවා. අනේ අපේ බුද්ධ ශාසනේට ගිය කලක්.
බුද්ධාගම රැකෙයිද මෙහෙම වැඩ කරන කොට...
මේවා පිටිපස්සේ ඉන්නේ දේශපාලන බංකොලොත් කරුවන්...අනේ බුදුහාමුදුරුවෝ හිටියා නම්...
ඔච්චර දුකනම් ඔතන තියෙන..ලොක්කාගෙන් නිකන් ලැබුණු බී.එම්.ඩබ්ලිව්. කීපයක් වික්කානම්... ඔච්චර කරදර වෙන්න ඕනේද ..?
දුක හිතෙනවා රට ගැන මේවා ගැන අහනකොට...
චීවරය දේශපාලන අත කොලුවක් වෙලා ... හිරිකිතයක් නැතිහැටි ....
අවසාන ශතවර්ෂ කීපයේ අපේ සංඝරත්නයෙන් බහුතරය රට ගැන තමන්ගේ නුවනින් හිතල, රට ජාතිය බේරගන්න තමයි වැඩ කරලා තියෙන්නේ. බුද්ධාගමේ පොත පතින් පැවත එන දේවලුත් රැකගෙන තියෙනවා. ඒත් ප්‍රතිපත්තිමය වශයෙන් නියම බුදුදහම රැකගෙන නෑ. මාර්ගඵලලාභී භික්ෂුන් අද අඩු ඒ නිසයි. ඒ නිසා අද බුදු දහමත් විකුර්ති වෙලා. නියම බුදු දහම අපිට දකින්නත් අමාරුයි, අපි පොඩිකාලේ ඉදලම දැකල තියෙන්නේ වැරදි බුදුදහමක් නිසා.
දැන් ඉතින් ථෙරවාදය ඉවරයි.. තියෙන්නේ චෝරවාදයම තමයි..
මට හිතෙන්නේ මීට පස්සේ පන්සලේ හැම වැඩකටම පිණ්ඩපතෙන්ම සල්ලි හොයාගන්න කියල අපි නිශ්ශබ්දව ඉන්න එක හොඳයි.
බණ්ඩාර කැකිරාවෙන්. දේශපාලකයන්ට කඩේ නොයන, පන්සිල් ,අටසිල් , දසසිල් ,රකින මාර්ගපල ලබාගත් පිණ්ඩපාතේ වඩින මහා සගරුවනට බොරුවට අපහාස කලොත් නම් පවු තමයි ...
එදා රණවිරුවෝ.. දැන් චීවරේ...