(ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් තෑගි පිරිනැමීමේ වැඩසටහනක් අද(18) සිට සතියක් පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී මෙය ආරම්භ කෙරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියන්න තියෙන්නේ පොලිස් නම් සල්ලි තමයි...... කියලා...
මේ පොලිස්පති පත්වූ දවසේ ඉදන් තියෙන්නේ බොරු ෂෝ විතරයි. කොහොමද විනීත රියදුරෝ තෝරන්නේ? පිස්සුවෙන් වගේ බස් එක එලවපු එකා, මහන්සියට හිමින් හරියට යන වෙලාවක දැක්කොත් විනීත කියල තෑගි දෙයි.
පේ බැක් පිරියඩ් කියන්නේ මේකට. කලින් අල්ලස් හැටියට ගත්ත ඒවා දැන් තෑගි හැටියට දෙනවා. නරකම නැහැ. මොනවා වුණත් මම මේ දෙය අගය කරනවා.
අප අගය කලයුතු දෙයක්.විනීත රියදුරු මහත්ම/ මහත්මියන් එසේ අගය කළයුතු අතර අවනීත රියදුරන්හට උපරිම දඩුවම් දිය යුතුමය.
ඇත්තටම වෙන්න ඕනේ.. හැම වැරදිකාර රියදුටන්ටම දඩුවම් දෙන එක.... නීතියෙන්දැ බේරිලා යන්න බලය තියෙන පිරිසටද එවැනි බලයක් නැති අයටද සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි....
අල්ලස් නොගන්න පොලීසියට ජනතාවගෙන් තෑගි දීමේ ක්‍රමයකුත් ඇති කරමු.
වැඩේ හොඳයි නමුත් හැංගිලා රාජකාරි කරන එක නැවත්තුවා නම් ගොඩක් හොඳයි.
විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගන්නේ සැටලයිට් ආධාරයෙන්ද? පාරේ ස්ථාන කීපයක බලාගෙන ඉඳලා නම් ඒක කරන්න බැහැ.
ත්‍යාග මුදලේ වටිනාකම කීයද....? ප්‍රතිපාදන කොහෙන්ද? මුදල් දුන් බවට තහුරු කරන්න කෙසේද?
හොඳ රියදුරන් දිරි ගැන්වීමට ගත්, අගය කල යුතු පියවරක්.
අවිනීත රියදුරන් පොලිසියටද තෑගී බෝග දෙයි.
අගය කල යුතු දෙයක්.. එහෙත් අහඹු ලෙසින් විනීත රියදුරන් තෝරාගන්නවා නම් හොඳයි.. එකෙත් ජිල්මාට් එකක් නැතිව..
දැන් ඔය තෑගි ගත්ත සල්ලි වලින් කීයක් පගා ගැහුවද? දන්නේ නෑ
මම දකින විදියට මෙහිදී වැදගත් වන්නේ තෑගී මුදලේ ප්‍රමාණය නොව ඇගයීමේ ක්‍රියාවලියයි. පෙර වාර්තා තබාගතහොත් පසු කලෙක නිදහසට කරුණු ලෙස භාවිත කලහැකි ක්‍රමවේදයක් සකසන්න. තවද, මෙය සතියකට සීමා නොකොට නිතිපතා සිදුවිය යුතු ක්‍රියාවලියකි.