(ශාන්ත රත්නායක)
2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.
සිරකරුවන්ට බන්ධනාගාර තුළදී අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද ඔවුහු මෙහිදි රජයට බල කර සිටියහ.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවට පැමිණ විරෝධතාකරුවන් ඇමතීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගැන මොකුත්ම දන්නේ නෑ කියලනේ චෝදනා ලැබිල ඉන්න කට්ටිය කියන්නේ ....
කෝප් කමිටුවේ ඉඳල මහබැංකු මගඩිය විමර්ශෂණ වාර්තාව ආපු වෙලාවේ මග ඇරපු විකට නළු රන්ජන් රාමනායක දකිනකොටත් හිනායනවා.
මේ කැරැල්ලේදී මියගිය සියල්ලන්ම දරුණු ගනයේ අපරාදකරුවන්. එදා ආරක්ෂක අංශයේ පිරිසකුත් බරපතල තුවාල ලැබුවා .මේ සිද්දියේදී තුවක්කු රැගත් රැදවියන් වහලය මතට නැගී වෙඩි තියනවා සජීවීව රටම දැක්කා. මේ දරුණු අපරාදකාරයින් නිසා නැති වුන මනුස්ස ජීවිතවල වටිනාකමක් නැද්ද. අද දවස ගානේ පාතාලේ උදවිය වෙඩි තියාගන්න තැනට රට වැටිලා. ඒවගෙන් නැති වෙන්නේ ජීවිත් නෙමෙයිද ?
වැලිකඩ ඝාතකයන්ට දඬුවම් දෙන්න කියන උද්ඝෝෂණයට මිනිස්සු නැති උනාට. හොරුන්ට දඬුවම් දුන්න කියල හාමුදුරුවරු දාහක් පිණ්ඩපාතේ වඩිනවලු සල්ලි හොයලා බේරගන්න.
හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩින්නේ බෞධයන් බහුතරයක් ඉන්න රටේ ජනතාවගේ බදු මුදලින් බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදපු වරදට වන්දි ගෙවන්නනේ. නැතුව මහදවල් මහබැංකුව හොරාකාපු රටේ පුරවැසියකුත් නොවන කනෙක් වෙනුවෙන් නෙවේනේ!
තිලින කියන කතාවට 100% ක් එකගවෙනවා. මෑතකදී පත්තරවලත් ඒ පින්තුර පල උනා . මේ අපරාධ කරුවන්ගේ අතින් මැරුම් කාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කවුද කතාකරන්නේ ? ඒ මිනිස්සුන්ගේ පවුල්වල දු දරුවෝ අද කාගේ වත් හවුහරණක් නැතිව දුක් විදිනවා ඇති. ඒවා ගැන කවුද කතාකරන්නේ ? එත් මේ අපරාධ කරුවෝ ගැන කතා කරන්න ඕනේ තරම් ඉන්නවා. මේ වෙන මොකටවත් නෙමෙයි , අපේ රණවිරුවෝ බිලිගන්නා කරන උත්සාහයක්.
රන්ජන් ඔබ නළුකමට එහා ගිය ගරුකලයුතු පුද්ගලයෙක්.මොකද මුළු රටම ඉල්ලන අවශ්‍ය දෙය ඔබ හරියට කරනවා.මේ මිනීමැරුම් මුදල් මංකොල්ල ඒකාලේ මොන තරම් වුනාද? මේ ප්‍රසිද්ද පුද්ගලයන් බන්දනගර රෝහල් ගතවීම වහාම නවත්වන්න කටයුතුකරන්න.මේක රටට මහා විහිළුවක් වගේම යහපාලනයේ ලොකු හිඩැසක්.ඔබට ජයෙන් ජය!!!
රටේ බෝම්බ පිපිරෙන කොට මේ ගොල්ල කොහෙද හිටියේ?? මේවා විහිලු සංදර්ශන .!!
බන්ධනාගාර රැඳවියන්ගේ පූර්ණ වගකීම රජය සතුව රැඳවියන්ගේ අයිතිකරුවන්ට රජය වගකිව යුතුය. නම් ලැයිස්තුවක් අතැතිව නම් කතාකරමින් ඒ අය කැඳවා ඇත්නම් එය සැලසුම් සහගත ක්‍රියාවකි. යහපාලන රජයෙන් මේ සඳහා සාධාරණයක් මහජනයා අපේක්ෂා කරයි.. මහජනයා අවදියෙන්... !!!
2013/2014 කාලයේදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රුපියල් කෝටි 24 ක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයිද එමෙන්ම කාර්යාංශයේ ප්‍රචාරක අංශයේ වියදම පමණක් රුපියල් මිලියන 362 ක් බවද පුවත්හෙපත්ළි වල පලවුනා. මේවා කල ඇමතිවරු නිලධාරින් ගැන පරික්ෂන පැවැත්වුවාද? දඩුවම් දුන්නද? මරුකතරේ දහදුක් විඳන අයට පමනයි මේගැන කැක්කකුම.
රන්ජන් මහත්තයෝ ඇයි බොන්ඩ් හොරකම ගැන මේ විදියට උද්ඝෝෂණ නැත්තේ? ඒවා තමන්ගේ හුණු කිල්ලොටෙනේ නේද?