(දයාරත්න ඇඹෝගම)
දිවයිනේ සමස්ත රෝහල්වලින් රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයකු අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටියි.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු සමස්ත රෝහල්වල වෛද්‍යවරුන් හිතු හිතු අවස්ථාවන්වලදී සේවය සදහා රෝහල්වලට පැමිණෙන බවත් සවස් වරුවේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දිමට සිටින්නේ එක් වෛද්‍යවරයකු පමණක් බවත් විරෝධතාකරු කීවේය.
එසේම සායන සඳහා යන අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට දීර්ග කාලයක් සිටිමට සිදුව ඇති බවත් ඔහු කියයි.
රජයේ අනෙකුත් නිලධාරින්ට මෙන් නියමිත වේලාවට වෛද්‍යවරුන්ට රෝහලට පැමිණෙන ලෙසත් වර්ජන අතහැර රෝගින්ට ප්‍රතිකාර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කිරිම සදහා තමන් මෙසේ විරෝධතාවයේ නිරත වන බව ද ඔහු පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරදරේ නිසානේ මහත්තයෝ........අපේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් සිංගප්පුරු ගිහින් ප්‍රතිකාර ගන්නේ.
රෝගීන් ගේඅයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙම හරි පටන් ගත්ත එක හොඳයි ... අඩු ගනනේ ලෙඩෙන් නේද , පාන්දර හතරේ ඉදලා ඉන්නෙ නැති ව බෙහෙත් ගන්න පුලුවන් විදියක් සලස්වන එක හොඳ යි .. clinic එක දවස පුරාම තියෙන විදිහට. එක වෛද්‍යවරයකු වරුවක් බැගින් වත් , දවස පුරාම තිබුනොත් හොඳ යි නේ ද ,පුදුමේ කියන්නෙ දේශපාලනය නිසා ඕකටත් විරුද්ධ වෙන මිනිස්සු ඉන්න රටක්නේ මේක.
ජාතික අදායමෙන් 1.7% තමයි දෙන්නේ ඒකනිසා ඔය කියන දේවල් කරන්න බෑ ඒ වෙනුවෙන් සටන් කරන්න.
හෙට අනිද්දා දොස්තොර උන්නැහේලා මිනිසුන්ගේ ගුටි කනවා කියන එක දැන් වත් තේරුම් ගන්න ඕනි.
රාජිතගේ ගෝලයෙක් වැඩ පටන් අරන්. අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද. කියල දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැහැනෙ.
අපේ පොදු මුදල් කෝටිගණන් අරන්.... අපි පෝලිමේ නමුත් බෙහෙත් නැහැ. සෞඛ්‍යත් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනයත් අනතුරේ..
දුප්පත් ලෙඩුන් සංවිධානය වන්න. සියලුම වෛද්‍යවරු වර්ජනය කරන්නේ GMOA එකට බයටද? මොළේ තිබෙන හොඳ වෛද්‍යවරු නැත්ද? GMOA ට මෙලෙස පිස්සු නැටීමට ඉඩ දී රජය ,ජනපති මොකද කරන්නේ ?
මේ රෝගීන්ගේ අයිතීන් සඳහා කරන විරෝධතා ව්‍යාපාරය ඉතාමත් හොඳ ආරම්භයක්. මෙය දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත් වේවායි ප්‍රර්ථනා කරමි.
රවී මට නම් පෙනෙන විදිහට ඒ මනුස්සය අහිංසක රෝගියෙක් මිසක් රාජිතගේ ගෝලයෙක් නොවේ. ඔයාට මොලයක් තියෙනවද නැද්ද කියල හිතා ගන්න පුළුවන් අපට , ඔයාට කියල දෙන්න කව්රුවත් ලග පාතකවත් නැද්ද
ගරු ඇමතිතුමනි, සියලුම රෝහල් කාර්ය මණ්ඩලයට රෝගීන්ට අනුකම්පා කරලා කතා කරන්න උගන්නන වැඩසටහනක් කරන්න. මොකද සුළු සේවකයාගේ සිට සියලුම අය කතා කාරන්නේ සතුන්ට වඩා පහත් විදියට... තියෙන ලෙඩ තවත් වැඩිවෙනවා...
රෝහල් විතරක් නොවෙයි. රජයේ අනිත් ආයතනත් නිසි සේවයක් නොසලසයි. මහජනයා යවන ලිපිවලට මේ ආත්මයේ පිළිතුරු නොසපයයි. ප්‍රේමදාස ජනාධිපති යුගයේ මහජන ලිපිවලට දින 3 ක් තුළ උත්තර යැවිය යුතුයි. දින 10 ක් තුළ සම්පූර්ණ පිළිතුරක් යැවිය යුතුයි. වහාම මේ චක්‍ර ලේඛන බලාත්මක කල යුතුය. දොස්තර ට වෙදකම මිස අනෙක් ඒවා තහනම් කළ යුතුය.
රජයේ දොස්තරලා ඔබතුමාගේ මාළු බෝට්ටු වලට දාන්න මාළු අල්ලන්න.. සයිටම් දොස්තරලා රෝහල් වලට දාන්න. ජීවත් වෙන කෙනා ජීවත් වෙයි. මැරෙන කෙනා මැරෙයි. ඔබතුමා සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න. අපි ඊලග පාරත් ඔබතුමාටමයි කතිරේ ගහන්නේ.
මොහු හරි, රජයේ රෝහල්වලට දොස්තරලා එන්නේ හිතුණු වෙලාවට. මොකද රාත්‍රී 10 ත් පහු වෙනකන් පුද්ගලික චැනල් වල ඉඳලනේ එන්නේ....
ඉතාමත් හොඳ ආරම්භයක්.
පොඩි අවුලක් තියනවා වගේ, කව්ද ඔය රෝගියාගේ බෙල්ලේ එල්ලලා තියන ලස්සන, වටිනා කියන බෝඩ් එක හදා දුන්නේ? බෝඩ් එකක් වෙනුවෙන් ඔච්චර වියදම් කරන්න පුලුවන්නම් මෙයාට තිබුනනේ පෞද්ගලික රෝහලකට යන්න? මට හිතෙන්නේ හොරාට කලින් කෙහෙල්කැන වැට පැනල වගේ..
පුරවැසියන් වශයෙන් අපට තිබෙන ඓතිවාසිකම් තුට්ටුවකටවත් මායිම් නොකර හැමදාම දොස්තර සංගම් , වෙනත් වෘත්තීය සංගම් ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලමින් උද්ගෝෂ න සංවිධානය කරනවා , අපිත් දැන් ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය හරියට කරන ලෙස බලකරන්න පටන් ගන්න ඕනේ , මේක හොඳ ආරම්භයක් , හරි නම් පුරවැසි සංවිධාන මෙවැනි උද්ගෝෂණ පුරවැසියන් වෙනුවෙන් සංවිධාන කල යුතුය .අපේ ළඟ පාඨක පුද්ගලයෙක් මෙහෙම දෙයක් කලානම් මමත් ඔහුව මුණගැසී , ඔහුව ධිරිමත් කරන්න පුළුවන් උපකාරයක් කරනවා
පිනට ඉගනගන්නේ දොස්තරල විතරක් නොවේ රජයේ පාසල් වල මුල ඉදලම පිනට තමා උගන්නන්නේ නමුත් එයින් කීයෙන් කී දෙනාද ප්‍රයෝජන ගන්නේ රටට සේවයක් කරන්නේ .බදු සල්ලි වියදම් කරන්නේ දොස්ටරලට පිනට උගන්නන විතරක් නෙමෙයි. හොර දේසපාලුවෝ සහ සහචරයෝ නඩත්තු කරන්නෙත් පින් සල්ලි තමා .උන්ගෙන් රටට සේවයක් වෙනවද දොස්තරලට වැඩියෙන්
මේ රෝගීන්ගේ අයිතීන් සඳහා කරන විරෝධතා ව්‍යාපාරය ඉතාමත් හොඳ ආරම්භයක්. මෙය දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත් වේවායි ප්‍රර්ථනා කරමි.