IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිරෝගී දිවියක් සඳහා ග්‍රන්ථ හතක් එළිදකී

(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

විජය පුවත්පත් සමාගමේ ශිරානි ගල්ලෑල්ල, ගයාන් සූරියආරච්චි සහ සුබෝධිනී පෙරේරා යන මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරනු ලැබූ ග්‍රන්ථ කිහිපයක් අද(19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්විණි.

සමනල ප්‍රකාශන ආයතනය විසින් නිරෝගීමත් දැයක් බිහි කිරීමේ අභිලාසයෙන් සෞඛ්‍ය කරුණු අන්තර්ගත ග්‍රන්ථ 7ක් එසේ එළිදැක්වුණු අතර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් උපාලි වනිගසූරිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සතුට අහිමි මනසට පිළියම්, සන්ධි රෝග, ජීවිතය විඳින්න දියවැඩියාවෙන් මිදෙන්න,  අවදානමෙන් මිදී මවක් වන්න, සුවබර දිවියයි භෞත චිකිත්සාවයි, සිතේ මැවෙන ගත ලෙඩවෙන මනෝ රෝග සහ සෙනෙහසේ කිරි සුවඳ යන ග්‍රන්ථ හත එසේ එළි දැක්විණි.

වෛද්‍යවරුන් වන අනිල් සමරනායක, හරිඳු විජේසිංහ, ආචාර්ය සුජීව වීරසිංහ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් ද, මාධ්‍යවේදීන් හා ග්‍රන්ථ ප්‍රකාශකයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (1)

නිරෝගී දිවියක් සඳහා ග්‍රන්ථ හතක් එළිදකී

sam Tuesday, 19 September 2017 10:19 AM

ඉස්සර නම් නිරෝගී දිවියකට උදව් කලේ "හාල් පොත" යි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 116 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site