(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ති‍්‍රක්කයට වැසි නොලැබීම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ වැව්වල ජල මට්ටම පහළ බැසීමට පටන් ගෙන ඇත.
දමන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහානාගපුර පිහිටා ඇති අම්බලන්ඔය වැවේ ජල මට්ටමද අඩි 06 දක්වා පහළ බැස තිබේ.දැනට එහි ඇති ජල ධාරිතාවය අක්කර අඩි 7796 කි.
මෙම ජලාශයේ මුළු ධාරිතාවය අක්කර අඩි 35 950 ක් වන අතර මේ වන විට අක්කර අඩි 28154ක් අඩුවී ඇති බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පැවසිය.
මෙම වැව යටතේ කුඹුරු අක්කර 3700 ක් වගා කරන අතර මෙම කන්නයේ කුඹුරු වගා කිරිමට ජලය නිකුත් කිරිමේදී ගැටළු සහගත තත්ත්වයක් පවතින බව සිරිවර්ධන මහතා කීය.
කෙසේ වෙතත් පානීය ජලය සදහා ජලය නිකුත් කරන අතර එම ජලය අර පිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලයි.
ජලය අඩුවීම නිසා ධීවර ජනතාවද අපහසුතාවට පත්ව සිටිති.වැවේ ජල ධාරිතාවය අඩුවීමත් සමග මසුන් ඇල්ලිමට දැල් එළීම සිමාවී ඇති බවත් එහි ඇති ගස්වල දැල් පැටලිම නිසා දැල් ඉරෙන බවත් අම්පාර ධිවර සහකාර අධ්‍යක්ෂක රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd