(ශාන්ත රත්නායක)
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සංවිධානය කරන ලද ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සහ වෙරළ පිරිසිදු කිරිමේ උත්සවය අද (15) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෝදර කාක දූපත වෙරළ තීරයේදි ආරම්භ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු වෙරලක්ද නැත්තම් කුණු කන්දක්ද මේ? මෙවැනි සම්පත් රැකගන්නවත් අපේ රටේ මිනිස්සු මෙච්චර අලස ඇයි?
වැඩිපුරම තියෙන්නේ බීම බොතල්. මේවා හදල විකුණන කර්මාන්ත කරුවන්ට වගකීමක් දෙන්නේ නැත්තේ මොකද මේවා එකතු කරන්න? හැම එකක්ම බෙදන්නේ ප්ලාස්ටික් බෝතල් වල. ඒවා විකුණලා ලාභ ගන්න අය ප්ලාස්ටික් බෝතල් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. පරිසර ඇමති, ජල ඇමති, මෙකී නොකී ඇමතිවරුන් ඉන්න රටේ මේ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැහැ. සුපිරි වෙළඳසැල් වලින් දවසකට මලු කීයක් එලියට දානවද? එ්වායින් කීයක් එකතු කරලා පරිසරය රැකගන්න උදවු වෙනවද? අපිත් තියෙන කුණු ඔක්කොම එකතු කරලා දියපාරකට දානවා. හෝටල් කරුවනුත් දානවා. ඔක්කොම දානවා. ගිහින් බලන්න වෙනරටවල් කොහොමද මේවා පාලනය වෙන්නේ කියලා. මීට අවුරුදු 20-25කට ඉස්සර ප්ලාස්ටික් බෝතල් නැති අපේ රට කොච්චර ලස්සනට තිබුනද?
හරියට බංගලාදේශය වගේ ලැජ්ජයි, බුද්ධිමත්, දක්ෂ මිනිසුන් කියන රටක හැටි බලන අයට හිතෙන්නේ අනේ මේ පම්පෝරි කියලයි.
අවුරුද්දක් පුරා ඇහැක් ඇරලවත් නොබලන, ඒ අවුරුද්ද පුරාවටම තමන්ගේ අමාත්‍යාංශය වැඩ වලට වැඩිය බලය ගැනම හිතන පිරිසක් බොරු ප්‍රදර්ශනයට එක දවසක් රටට ලෝකෙට පේන්න වෙරල පිරිසිදු කරනවා. මේවගේ බොරුවෙන්ම දුවන රටක් තව තියෙයිද?
කුණු කියන්නේ පරිභෝජනයෙන් පසු ඉවත ලන දේ. එහෙමයි පොදු වහර... ඉවතලන කතාව සමාජ ගත වෙලා ඉවතට වීසි කරන එක තමයි ජාතික පුරුද්දක් හැටියට එය පවත්වාගෙන යන්නේ. රටේ මිනිසුන්ට කන්න වත් සල්ලි නැහැ කියල නාහෙන් ආණ්ඩුවට, කුණු ටික දැක්කහම හිතා ගන්න පුළුවන් කවුරු කවුරුත් කාලා තියෙන හැටි. එහෙත් පොඩි මිනිහගේ පැත්තෙන් බැලුවහම "අප කන හැටි ලිපා දනී". සුළුතරය ගොඩ ගසන කුණු බොහෝ විට කරට ගන්න සිදුවන්නේ දිළිඳු බහුතරයටයි. කුණු වලින් තොර සුන්දර රටක් අපගේ එකම පැතුමයි.
මීට අවුරුදු 10 කට පමණ පෙර අපේ රටේ තිබුනේ වීදුරු බෝතල් බාරදී බීම ලබා ගැනීමේ ක්‍රමයක්. එය නැවත ක්‍රියාත්මක කර ප්ලාස්ටික් වසංගතය නැති කරන්න. මෙය බියර් / ජල බෝතල් සදහාත් ක්‍රියාත්මක කරනවානම් සුදුසුය.
ප්ලාස්ටික් බෝතල් සදහාත් ඩිපොසිට් නිතිය ගෙන එන්න එතකොට මේ ප්‍රශ්නේ විසදෙනවා , යුරෝපයේ ජර්මනිය ඇතුළු බොහෝ රටවල් මේ නිතිය ක්‍රියාත්මක වෙනවා දැන් එම රටවල කුණු බක්කියක්වත් ප්ලාස්ටික බෝතලයක් සොයා ගැනීමට නොමැත , දුප්පත් පොහොසත් මිනිස්සු කිසිම භේදයකින් තොරව ප්ලාස්ටික් බෝතල් එකතු කර සුපර් මාර්කට් එකට ගෙන ගොස් එහි ඇති යන්ත්‍රයට දමනු ලැබේ එවිට යන්ත්‍රයෙන් කුපන් පතක් නිකුත් කෙරේ , බඩු ගන්න කොට එම කුපන් පත ඉදිරිපත් කලවිට එහි සදහන් මිලට වට්ටමක් ලැබේ , ප්ලාස්ටික් බෝතලයකට නියම කර ඇති මුදල යුරෝ ශත 25 කි , මෙය රුපියල් 47 කට කිට්ටු මුදලකි .
මේවා සුද්ද කරන්න ඇමතිවරු යන්න ඕනේ නැහැ, හරිනම් මේක වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කාර්යභාරයක්. ඇමතිවරයෙක් නඩත්තු කරන්න රටේ බදූ ගෙවන ජනතාව දිනකට රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වියදම් කරනවා, මේ වැඩේට දිනකට රුපියල් 1000- 1500 අතර මුදලක් ගෙවන කම්කරුවකු යොදවන්න ඕනේ, වෙරල සංරක්ෂණ නිලධාරීන් බොහෝවිට කරන්නේ අනවසර ඉදිකිරිම සොයමින් ඔවුන්ගෙන් අල්ලස් ගැනීමට කාලය යොදවන එක , වෙරල අපිරිසිදු කරන එක නවත්වන්න ඔවුන්ට කිසිම උවමනාවක් නැහැ
කොහෙද ඉතින් නගර සභාවේ පිරිසිදු කරන්නන් හැමෝම 'ආමි' ඒ කියන්නේ නගරසභාවේ වැඩට යන අය ගෙදර ඉඳන් පඩි ගන්නේ. එසේත් නැතිනම් ඒ අය වෙන ජොබ් කරනවා. ඕකට ඉන්නවනේ සුපර්වයිසර්ලා, ඕර්සියෙල්වරු කියන අය... මොනාද කරන්නේ අර වැඩට එන්නේ නැති අයගෙන් මාසෙට ගානක් අරගෙන ඇබ්සන්ට් නොදා වැඩ කරන විදිහට එන්ට්‍රි එක දානවා. ඕක නගර සභාවේ සභාපතිත් දන්නවා. ඔතන ඉන්න නාගරික මන්ත්‍රී ගොල්ලොත් දන්නවා. ඕක පටන් ගන්න ඕනෑ ප්‍රාදේශිය සභාවේ සිට මහනගර සභාව දක්වා. ඔතන නිකන් ඉඳලා පොටෝ වලට පෙනී හිටලා, රටේ ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා..
අර ලෝකයේ වැඩිපුරම තමන්ගේ රටට ආදරය කරන මිනිස්සු ඉන්න රට කියලා හැමෝම හිතන් ඉන්නේ....
නිකන් කන්න බොන්න දීලා නඩත්තු කරන හිර කාරයෝ දාලා කරන්න ඕනෙ දේවල් තමයි මේ...
තමන්ට අවංක හැඟීමක් තිබ්බා නම් ඔය සුදු ඇඳුම්වලින් ඇවිත් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැහැ.