(බී.ජී. චතුරංග)
මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරමින්, රණවිරු සහයෝගීතා එකමුතුව අනුරාධපුර නව බස්නැවතුම්පොළේදී අද (10) උද්ඝෝෂණයක් කළේය.
රණවිරුවන් 29000ක් දිවි පුදා 14000කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව, නිදහස් කරගත් මේ මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට ෆොන්සේකා මහතා දියත් කර ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතාකරුවෝ දැඩි වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූහ.
දශක තුනක යුද්ධයේ මතකයන් මැකී යාමට ප්‍රථම සියළු රණවිරුවන් අපරාධකරුවන් කරමින් විදේශ බලවේග හා එන්.ජී.ඕ සංවිධාන හරහා වීරෝධාර රණවිරුවන් පාවා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතැයි උද්ඝෝෂකයෝ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දේ කියන කෙනාට කවුරුත් විරුද්ධයි , අම්මා තාත්තා වුනත් වැරැද්දක් කළානම් එ්ක වැරැදියි. රණවිරුවන් මිනීමරුවන් නොවන බව ලෝකෙටම ඔප්පුකරලා අපේ නියම රණවිරුවන්ගේ ගරුත්වය රැකගන්න එක ජාතික වගකීමක්...
ෆොන්සේකා මහතාගේ මූනෙන්ම පෙනෙනවා වෛරයේ තරම. ඡන්ද 5000ක් ගන්න බැරි කෙනාව අරගෙන පින් ඇමතිකම් දීපු රනිල් මහත්තයා දැන් නිදිද? ඒ වගේම එන්.ජී.ඕ ඩොලර්වලටයි කෑ ගහන්නේ. මට හිතාගන්න බැහැ 'සිංහයෙක් වගේ ඉන්න තිබුණු කෙනා නොදන්නා දේශපාලනේට ඇවිත් බලු වෙන තත්වයට පත්වීමයි...
සිරකරුවන් 25 ක් ඝාතනය කල අයට දඬුවම් කරන්න කියලා සරත් ෆොන්සේකා කිව්වේ. දැන් ගෝඨාභයගේ කට්ටිය වෙව්ලනවා.
ජෙනරාල් සරත් ෆොන්සේකාට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. එතුමාට එදා ඉඳන්ම කුහකකම් කරපු ආතක් පාතක් නැති සිංහලයෝ නැවත වැඩ පටන් අරන්. මතකනේ හිටපු අයව සතුටු කරන්න එක කලා කරුවෙක් කිව්වා ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෑ කියලා. යුද්ධයට ක්‍රියාන්විතව මුහුණ දුන්න සැබෑ රණවිරුවා දන්නවා කවුද නියම යුධ නායකයා කියලා. නිකං එක එක්කෙනාට කඩේ යනවා.
ෆොන්සේකයි, මහින්දයි දෙන්නම එක්කෙනාට එක්කෙනා තමන්ගේ පුද්ගලික වෛර පිරිමහගන්න ගිහින් අවසානයේ රටට දරාගන්න බැරි පාඩුවක් තමයි සිද්ධ කරන්නේ. මෙතන තියෙන ලොකුම වරද තමයි 2009 යුධ ජයග්‍රහණය නිර්ලජ්ජිත විදිහට දේශපාලකයින් විසින් තමන්ගේ මල්ලට දමා ගැනීම. සැබවින්ම එහි සැබෑ අයිතිය හිමිවිය යුතුව තිබුනේ සමස්ත ත්‍රිවිධ හමුදාවේම රණවිරුවන්ටයි. තමන් නාකත්වය දුන් හමුදාව යුධ අපරාධ සිදුකෙරුවා නම් දැන් ඒ ගැන කියවලා තේරුමක් නැහැ. පියවර ගන්න තිබුනේ ඒ වෙලාවේම. ඒක තමන්ගේ වගකීම. ඒ වගේම තමයි මේ ප්‍රකාශයක් අල්ලාගෙන රෝද පුටුවේ ඉන්න රණවිරුවෝ පවා පාරට ගෙන්නාගෙන නටන නාඩගමුත් හුදෙක් දේශපාලනික අවස්ථා වාදයම පමණයි.
මහින්දගේ ගොඨාභයගේ පිරිස් දේශපාලන වුවමනාව වෙනුවෙල් කීපදෙනෙක් එක්ක රට වනසනවා ...වැරදි කරුවන්ට දඬුවම් දෙන එක ලෝක සම්මතයයි.... මේ ලෝකයා හිනස්සන වැඩ.... මෙවැනි වැරදි වලට වෙනම නීතියක් හදන්‍ෙ....රටේ ගරුත්වය රැකගන්න ....!!!
රණවිරුවා දඩමීමා කරගෙන රාජපක්ෂවරු දේශපාලනය කරන හැටිද ... ?
පුද්ගලික අමනාපකම් පිරිමහගන්න රටක හමුදාවක් පාවාදීම සුළුපටු දෙයක් නම් නොවෙයි. මේ පාවාදීම කරන්නේ යුද්ධය සමයේ හමුදාව මෙහෙයවූ හමුදපති... එ්කයි මෙතන තියෙන ගැටලුව.. නිකන් පුද්ගලයෙක් කිව්වා නම් එතරම් අර්බුදයක් නැහැ. රටක් වටින අැල්ලේ ගුණවංශ හිමියන්ට අවමන් කරලා තමන්ගේ පහත් මානසික තත්ත්වය මුළු රටටම පෙන්නුම් කළා.
යුද්ධය, රණවිරුවා ... රාජපක්ෂවරුන්ගේ හොඳම අලෙවි භාණ්ඩය වෙලා.. යුද්ධයට නායකත්වය දුන් යුධ හමුදාපතිතුමා ත්‍රස්තවාදියෙක් කරලා...දේශපාලනේ ...
වැරදි කළොත්..., පූජකතුමාද, ජනාධිපතිතුමාද, මන්ත්‍රී තුමාද, රණවිරුවාද, මහජනයා ද මේ සියලු දෙනාටම ලෝකයේ සම්මතය එකම නීතියයි. එකම දඩුවමයි.
මේ රටේ බුද්ධිමත් ජනතාව නිසා ෆොන්සේකාට 2010 දී බලයට එන්න බැරිවුණා. එදා බලයට ආවානම්, අද මහින්ද මහතා, ගෝඨා මහතා හෝ ජිවත් වෙන්නේ නැහැ. ඒ වගේම එදා මොහු බලයට ගෙනෙන්න උත්සාහ කල රනිල් මහතාටත් වෙන්නෙත් ඒ ටිකම තමයි. ඒ වගේම බොහෝ රණවිරුවෝ මේ වෙනකොට ජිවත් වෙන්නේ නැහැ. මුළු රටම නරකාදියක් කරනවා. ඒ තරම්ම නින්දිතයි. වෙන රටක හිටපු හමුදාපතිවරයෙක් මේ සුදුකොඩි කතාව කියලා රටට අපකීර්තියක් ගෙනාවා නම්, අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා හමුදා නීතිය යොදවලා. හිරේ දමලා එදා දුන්න දඬුවම මදි. මේ කරපු කතාවට මොහුට මේ ආත්මයේදීම පලදෙනවා නියතයි.
බල්ලන්ට බුරන්න පමණක් හැකියයි අප සිතුවාට, ගිනි තියන්නත් පුළුවන් නේද?
මහින්දගේ දේශපාලනය වහාම නතර කළ යුතුයි. මෙවන් අය රටට පිළිලයක්... වෙලා. ප්‍රජා අයිතීන් අහෝසි කළ යුතුය.
එස්එෆ්ගේ එක ගති ලක්ෂණයකින් උපරිම ප්‍රයෝජන අරන් ගෝඨා යුද්ධය නිමකළා. එතුමාගේ තවත් ගති ලක්ෂණයකින් උපරිම ප්‍රයෝජන ගනිමින් එතුමාව අප්‍රසාදයට ලක් කරනවා. එතුමා ඉහලින් එන ඕඩරය ක්‍රියාත්මක කරමින් තමාගේම වල කපාගන්නවා.
මේ විරෝධතා කරුවන් ගෙන් එක් අයෙක් ඔසවා ගෙන සිටින පුවරුවක ලියා තිබෙනවා " රට බේරාගත්ත රණ විරුවන්ට අත නොතබනු" කියල. රට බේරගන්න රණ විරුවන්ට විතරක් නොවෙයි රටේ පාලකයාටත් සටන කරගෙන යායුතු ආකාරය කියල දුන්න ඒ වගේම දෙවතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්ව ජාතියේ වාසනාවට දිවි රැකුන සරත් ෆොන්සේකා නම් වීර යුද සෙබළා බිම දිගේ ඇදගෙන ගොස් හිරේට දමන කොට ඔය "අත නොතබනු" කතාව කියන්න සෙබළෙක් ඉදිරියට පැමිණියේ නම්, ඔහු මියයන්නේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් අතින් නොව "සිංහළ ත්‍රස්තවාදීන්" (හිටපු පාලකයින්") අතින්. පුවරු ඔසවා ගෙන කෑගසන කොන්ත්‍රාත්තු දෙන්න පුද්ගලයින් හෝ මුදල් සරත් ෆොන්සේකා ගේ බිරිඳ සතුව තිබුනේ නැහැ. අද පෙළපාලිවලට කන්න දෙන්න බොන්න දෙන්න ඕන තරම් "දේශ හිතයිෂියෝ". ඔය වෙනස වටහා ගත්තොත් අපි එගොඩ.
මේ ගැන පුදුම විය යුතු නැහැ. මේක අපේ රටේ බොහෝ දෙනෙකුගේ ගති ලක්ෂණයක්. තමන්ට සාමකාමී රටක් ඇති කරන්න යුද්ධකල මිනිහ අද නරක මිනිහෙක්.
මෙතන පෞද්ගලික පලිගැනීම් හා දේශපාලන පලිගැනීම් එමටයි. මේ හේතුවෙන් රණවිරුවන්ට කැළලක් වෙනවානම් එය අපේ මවුබිමට වෙන නිගාවක්...
මේ කට්ටියත් එක්ක යන පුද්ගලයෙක් කොහෙන්ද හොයා ගත්තේ?
ඔහේ පලයන් මෙන්න ගිනි තියනවෝ !!!