අමල් වික්‍රමරත්න
ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ.
දිගින් අඩි හතරක් පමණ වන මෙම හඳුනා නොගත් උපකරණය ධීවරයින්ට හමුවන විට මුහුදේ පාවෙමින් තිබී ඇති අතර උපකරණයේ විශාල කොටස මුහුද පතුල දෙසටත් එහි ඇති බටයක් වැනි කුඩා කෙලවර මුහුදු ජලය මතු පිටත් වශයෙන් දක්නට ලැබූ බව එම උපකරණය ගොඩබිම වෙත රැගෙන පැමිණි ධීවරයෝ පැවසුහ.
මෙම උපකරණය ගුවන් යානාවක ආකෘතියට සමාන කමක් දක්වන හැඩයකින් යුක්තවන අතර බොහෝ විට මුහුදු ගවේෂණ කටයුතුවලට යොදාගන්නා උපකරණයක් විය හැකියැයි නම සදහන් කිරීමට අකමැතිවූ නාවික හමුදාවේ නිලධාරියෙන් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පරමාණු බෝම්බයක හැඩරුව තියෙනවා වහාම මුහුදටම දාන්න. නිකන් කොහෙවත් යන කෙහෙල්මල් ලෙඩ දමාගන්නවා මාළු බාන්න ගියා නම් මාළු බාන්න
මෙය බොහෝ විට ඉන්දියන් සාගරයේ අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමට භාවිතා කල උපකරණයක් විය හැකියි.
ඕක SEAGLIDER එකක්. දත්ත එකතු කරන්න භාවිතා කරන. NARA එක දැනුවත් කරන්න. ගලවන්න එපා. ගොඩක් වටිනවා.
මේක සුනාමි හදන උපකරණයක්
නුවන් ලබා දුන් තොරතුර අනුව අන්තර්ජාලයේ පරීක්ෂාකිරීමෙන් මෙහි ඇති වටිනාකම පැහැදිලි උනා. වල්පල් ලියනවා වෙනුවට මෙවැනි අගනා තොරතුරක් දෙන්නේනම් සහ පුවත් පතෙන් ඒ පිළිබඳව නිවැරදි ගවේශනාත්මක පුවත් පලකරන්නේනම්, ක්‍රමක්‍රමයෙන් අපේ රටේ පුරවැසියනුත් වඩාත් දැනුවත් වනු නොඅනුමානයි.
මේක බටහිර කුමන්ත්‍රණයක් විමලේ අය්යට දැනුම් දෙන්න
අපේ රටට ඕකෙන් වැඩක් නැහැ... ඕක ගොඩක් දුරට ඉන්දියාවෙන් හෝ ඕස්ට්‍රේලියාවෙන් ඇරිය එකක් .. ඔකේ හරි මිල රුපියල් ලක්ෂ 50 කට වැඩියි. සැටලයිට් එකක් එක්ක ඩිරෙක්ට් සම්බන්දකමක් පවත්වනවා. විවිධාකාර දේවල් සොයන්න ඕක යොදාගන්නවා . ගැඹුර, කාලගුණය , කරන්ට් එක , මුහුදු පතුලේ ස්වබාවය වගේ ගොඩක් දේවල්. මුහුද යට තියෙන අස්වාබාවික වස්තුන් සොයන්න වෙනමම ඔප්ෂන් එකක් දමන්න ඕන. එහෙම උනොත් මිල රුපියල් කෝටියකට වැඩි වෙනවා. ලංකාවේ වර්තමාන දැනුමේ හැටියට ඕක ගැන දැනුමක් තියෙන අය නැති පාටයි. හිටියත් ඕකෙන් ලංකාවට වැඩක් ගන්න බැහැ. ඕක දැන් කැඩිලා තියෙන්නේ. ප්‍රදර්ශනයකට තියන්න නම් වටිනවා. හයිටෙක් උපකරණයක් .. sea glider කියලයි කියන්නේ.
දන්නෙම නැත්නම් දත් දොස්තර මහත්තයාගේ පුතාගෙන් අහන්න එය නොදන්නා දෙයක් මේ ලෝකේ නැහැ. මේක හදන්න උපදෙස් අරගෙන ඇත්තෙත් එයාගෙන් වෙන්න ඇති. එකනේ උතර දකුණ පෙන්නේ නැහැ වගේ පාවෙන්නේ.
මේක kongsberg කොම්පැනියෙන් හදපු Seaglider වර්ගයේ Autonomous underwater vehicles (AUV) එකක්.
ඕක SEAGLIDER එකක්. ලංකාවේ සල්ලි වලින් 19,000,000.00 වගේ වටිනවා $125,000.00 කරුණ කරලා ඕක ගලවන්න එපා .
නුවන් හරි .. මෙය ස්ලයිඩර් එකක් .. මෙය සාගර දර්ශක පරාමිතීන් සඳහා නිපදවන ලද දිගුකාලීන ගැඹුරු දියේ ස්වාදීනව පියාඹා යන වාහනයක් .. (AUV ) ඉතාම වටිනා උපකරණයක් ...
නුවන් හරි........
ලින්ක් එක බලන්න youtube.com/watch?v=oPeLpNZB5UY
ලංකාවේ තාක්ෂණ දැනුම බොහොම පහල තියෙන්නේ.
නුවන් ගේ අදහස හරි, මේක වටිනා උපකරණයක්. මුහුදු නිරීක්ෂණ කටයුතුවලට භාවිත වෙන්නේ. නාරද, කිව කිවවිදිහට ගොඩක් දුරට මේක මැලේසියන් ගුවන්යානය හොයන්න පාවිච්චි කරපු එකක් වෙන්න පුළුවන්. කමල්, දෙයක් දැක්කම එකට හිතට එන දේ කියන්න එපා. අන්තර්ජාලය පාවිච්චි කරලා හොයල බලන්න මොකක්ද කියල. මාත් නුවන්ගේ අදහස් දැක්වීමට පස්සේ හොයල බලල තම දැනගත්තේ මොකක්ද sea-glider කියන්නේ කියලා.
නුවන්, ඔබට බොහොම ස්තුතියි නිවෑරදි තොරතුරු ලබා දුන්නට. ඈත්තටම මේක බොහොම වටිනා උපකරනයක්. හෑකියාවක් තියෙනවානම් මොරටුව ඉන්ජිනේරු පීටයට දෙන්න පරීක්ශන කරල තව කිපයක් හදලා නාවික හමුදාවට සහ නාරා එකට දෙන්න. අපේ මුහුදු ගවේශන කටයුතු වලට යොදාගන්න.
නුවන් හරි. මේක SEA GLIDER එකක් තමයි. google එකේ විස්තර තියෙනවා ඔක්කොම.
මේ පත්තරේ කියවන සම-හරක්ගේ අදහස් දැක්කම හිනා යනවා. දන්නේ නැතිනම් බොරු බේගල් නොදා ඉන්න ඕන. ඕක SEAGLIDER එකක්. දත්ත එකතු කරන්න භාවිතා කරන. NARA එක දැනුවත් කරන්න. ගලවන්න එපා. ගොඩක් වටිනවා. නුවන් හරි. අනේ මෙහෙමත් ජනතාව එක්කනේ මේ අපි ජීවත් වෙන්නේ. දේශපාලකයින් හරි සතුටින් ඉන්නේ එනිසා. ඇස ලොකු කරලා කට උල් කරලා කියන ඕන එකක් පිලිගන්නවා. අයියෝ සල්ලි
"නුවන්" මේ උපකරණය දියවන්නාවේ භාවිතා කළොත් වතුර යටින් ගින්දර අරන් යන අය ගැන තොරතුරු ලබාගන්න පුළුවන් වේවිද?, ඒ දේ කරන්න බැරිනම් ඉක්මනින් නාරා එකටදෙන්න. නැතිනම් අපේ අයියලා එ්කත් විකුණාවි. නිවැරදි තොරතුරු ඉදිරිපත් කල අපේ "නුවන් කොලුවාගේ " නුවන තව තවත් වැඩිවේවා..!!!
මේක අයි රොබොට් කියන සමාගම හදන එකක්, සන්නිවේදන චන්ද්‍රිකාවක් සමග සෘජුව සම්බන්ධතා පවත්වන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. ගැඹුරු මුහුදේ අධ්‍යයන කටයුතු දත්ත එකතු කරන එක තමයි වෙන්නේ, ධීවරයන්ට වුණත් වක්‍රව ලොකු සේවයක් මේකෙන් වෙනවා මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ගාණක්.... තමන්ට අදාලම නැති මුහුදේ තියෙන්න ඕනෑ දෙයක් අරගෙන ආපු එක නම් වැරදි හැබැයි... අදාල අංශ දැනුවත් කරා නම් වටිනවා අඩුම ගානේ මේකේ තාම ක්‍රියාත්මක මට්ටමේ තියෙනවා නම් ගත්ත තැනටම ගිහින් දාන්න...
විකිපීඩියා එකේත් ඒක ගැන මෙහෙම තියෙනවා මේ උපකරණය ගැන.... හරිම වටිනවා. කරුණාකර නාරා එකට හරි මොරටුව විශ්ව විද්‍යාලයට හරි බාර දෙන්න.
මේක හදලා තියෙන්නේ ඇමෙරිකානු හමුදාව චීන සබ්මැරීන පිළිබඳ විස්තර ගන්න. වැඩක් නැතිනම් ඔන්න ඕක ගිනිතියලා දාන්න.
මේක මුහුද යට භාවිතාකරන ඩ්රෝන් එකක්... හැබැයි මේකට හුඟක් දුරයන්න පුළුවන්... මේක භාවිතා කරන්නේ... ඇමෙරිකන් සබ්මැරීන් ඩ්‍රෝන්.....
ඇමෙරිකාවේ එකක් නම් මේක හොයා ගත්ත අයයි, මේ පින්තුරේ ඉන්න අයයි ටිකක් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි
මේක මහා භයානක දෙයක්... මේකේ හැටියට නම් ගොඩට ගෙනාපු අයට අපල ගෙනදෙනවා. ගලවාන්න එපා පුපුරා යන්න පුළුවන්....
මොවත් කරන්න එපා ඉතා වටිනාකමින් යුත් උපකරණයක් මෙය. අැමරිකන් තානාපති කාරයාලයට දැනුම් දෙන්න. එසේ නැත්තම් නැවත මුදට දමන්න අපිට කලින් කිදෙනෙක් දකින්න අැද්ද ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ.