ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෝදිගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 12 May 2017
නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 11 May 2017
මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊයේ (10) රාත්‍රීයේදී බදුල්ල නගරයෙ විථි සංචාරය කළේය 11 May 2017
පිරිනිවන් මංගල්‍යයේ කැන්ටාටාව අරලියගහ මන්දිරයේදී හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද’’පිරිනිවන් මංගල්‍ය’’ බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 11 May 2017
ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ. ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේණි. 10 May 2017
උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණය කෙරෙයි ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන විට එහි පියස්ස සම්පුරණයෙන් නිම කර ඇත. 10 May 2017
වෙසක් පුන් පෝ දින රටපුරා පින්කම් අද(10) දිනට යෙදී ඇති වෙසක් දිනය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණි. 10 May 2017
රංගිරි දඹුලු මහා පෙරහැර රංගිරි දඹුලු මහා පෙරහැර අඟහරුවාදා රාත්රිදයේ වීදී සංචාරය කෙරිණි. සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්රීක සුමංගල නා හිමියෝ හා ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ ඇතා මත සධාතුක කරඩුව තැන්පත් කෙරිණි. 10 May 2017
ක්‍රිකට් ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ දළදා වැඳීමට යති එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සූදානම අද සිට ඇරඹෙන බවත්, ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජන කරන ක්‍රීඩකයන් සිටියද, සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැද පුදා ගැනීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය කථානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. 09 May 2017
කෑගල්ලේ රාජ්‍ය වෙසක් උත්සවයෙන් 2561 වැනි බුද්ධ වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කැගල්ල වට්ටාරාම අරහත් මලියදේව රාජමහා විහාරයේදී පැවැත්විණි. 09 May 2017
උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු මහ ඇමතිට දොරටුව අවහිර කරති උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ස්ථීර රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභා දොරටුව ඉදිරිපිට අද (09) පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව නිසා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාට පළාත් සභාවට ඇතුල් වීමට නොහැකි විය. 09 May 2017
ලොව ප්‍රථම ලේසර් වෙසක් තොරණ පුන් පොහෝදා සිට ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ. 08 May 2017
යාපනය පිරිසිදු කරන්න උතුරු ආණ්ඩුකාරවරයත් පාරට බසියි යාපනය නගරය පිරිසිදු කිරීමේ එක් පියවරක් වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ආරක්ෂක අංශ හා බාලදක්ෂ දරු දැරියන් එකව විශේෂ වැඩසටහනක් යාපනයේ දී ආරම්භ කරනු ලැබීය. 08 May 2017
මුහුදු රකුසා පල්ලියවත්ත දූපත ගිලගනී කල්පිටි අර්දද්දීපයට අයත්,පල්ලිය වත්ත දූපත බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවහින බැව් වාර්තා වේ. මේ හේතුවෙන් බකිංහැම් පැලස්,අරලිය ගහ මන්දිරය ඇතුලු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත. දූපත සිතියමෙන් මැකී යන තරමටම මුහුදු ඛාදනය වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 07 May 2017
නුවර වැව ආශ්රිත සක්මන් මළුව ජනතා අයිතියට ඓතිහාසික අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි. 06 May 2017
පාදුක්ක රෝහලේ වෛද්‍යවරු වැඩ මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති. 05 May 2017
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(සයිටම්) ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අද (05) රජයේ රෝහල් වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරතවීම හේතුවෙන් එම රෝහල් වල සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් විශාල සංඛ්‍යවක් දැඩි අපහසුතාවටපත්ව සිටියහ. 05 May 2017
අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරති යුද සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාර ගතකොට සිටින දේශපාලන සිරකරවන් නිදහස් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 70ක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන් වෙත පොල්ගැසීමේ වැඩසටහනක් අද (04) වවුනියාව කන්දසාමි කෝවිලේදී පැවැත්විණි. 04 May 2017
රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු සේවයෙන් සමුගනී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් (විදුලි හා විද්‍යුත් ඉංජිනේරු) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් පැවැත්විණි. 04 May 2017
ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සර උත්සවයෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානතත්වයෙන් ජාතික පුස්තකාලයේදී අද (4) පැවැත්විණි. 04 May 2017
යාපනය මාධ්‍යවේදීහු සාධාරණය ඉල්ලති ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය යෙදෙන අද (03) යාපනයේ මාධ්‍යවේදීහු කළු පටි බැඳ යාපනය බස්නැවතුම්පොළ අසල නිහඬ විරෝධතාවක් කළහ. 03 May 2017
ජාත්‍යන්තර විද්වත් සමුළුව මහනුවරදී ඇරඹෙයි හයවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (3) සිට මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඇරඹේ. බදාදා (3) වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම අන්තර් ජාතික සමුළුවට විදේශීය පර්යේෂකයින් 15ක් හා දේශීය පර්යේෂකයින් 150ක් පමණ සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය. 03 May 2017
පරිසරය පූජනීයයි වැඩසටහනට ජනපතිම මූලිකත්වය ගනී මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) ආරම්භ කෙරිණ. 02 May 2017
මහින්ද ටාජ් සමුද්‍ර හෝටලයේ ඉහළම මාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර පිටියට පාක්ෂිකයන් එක්රැස්වන තුරු ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ රැඳී සිටියේය. 01 May 2017
ශ්‍රීලනිප - සන්ධාන රැස්වීමේ රතු කමිසයක් දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලිවන විශේෂත්වයක් වන්නේ රැලිවලට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇඳුමේ පාට වන්නේ ද පක්ෂයේ පාට වීමය. ශ්‍රීලනිප නායකයන් නිල් පැහැති ඇඳුම්වලින් සැරසෙද්දී එජාප නායකයන් සැරසෙන්නේ කොලපැහැති ඇඳුම්වලිනි. 01 May 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025