පරගොඩ පන්සල ගොඩ ගන්න උත්සහයක් ජලයෙන් යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති. 04 June 2017
අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රත්මලානට ගංවතුර සහනාධාර බෙදීම සඳහා පියාසර කරමින් තිබියදී බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසියේ ගොඩබස්වන ලද එම්.අයි.17 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රත්මලාන ගුවන් තොටුපලට රැගෙන යන ලදී. 04 June 2017
නන්දිකඩාල් කලපුවෙන් මළ මසුන් සොයාගැනෙයි මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයට මිය ගිය කුඩා මාළුන් අති විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබිණි. 04 June 2017
දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් කොළබ වෝටර්ස් එජ් හි දී අද(2) පැවැත්විණි. 02 June 2017
මොරවක පෝරුපිටිය පාලම කඩා වැටිලා පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මොරවක පෝරුපිටිය පැලවත්ත පාලම කැඩී ගොස් තිබූ අයුරු. දෙනියාය ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැලවත්ත හන්දියේ සිට පරගල දක්වා දිවෙන පාරේ පැලවත්ත හන්දිය ආසන්නයේ මෙම පාලම පිහිටා තිබේ. 31 May 2017
වෛද්‍ය සේවා බෝට්ටුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සිටින්නන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ආදී කටයුතු සඳහා වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් සිටිති. 31 May 2017
ඒ -17 මාර්ගය අවහිර වෙයි පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල - දෙණියාය ඒ-17 මාර්ගය දෙණියාය වතුයාය අසල ගස් කඩා වැටී නායයෑමට ලක්ව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි. 31 May 2017
පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විනාශය අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයට දැඩි හානි සිදු වී තිබූ අයුරු. 30 May 2017
යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඒ9 පාරේ උද්ඝෝෂණයක යුධ සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද(30) යාපනය - නුවර ඒ 09 මාර්ගය කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටින් අවහිරකරමින් විරෝධතාවක් කළහ. 30 May 2017
අවතැන් වූවන් වෙනුවෙන් සඟරුවන පිණ්ඩපාතයේ ගංවතුරින් හා නායයාමෙන් අවතැන්වූ ජනතාවට සහන සැපයීම සඳහා බදුල්ල ඵෙතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ සංඝරත්නය අද(29) පස්වරුවේ බදුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ. 29 May 2017
දකුණ තවමත් සසලයි අධික වර්ෂාව සමඟ මාතර දිස්ත්‍රික්කයේ ඇතිවු ගංවතුර හේතුවෙන් අද(29) වන විට විසි හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 43114ක 160 702 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර උභය සිරිවර්ධන මහතා පවසයි. 29 May 2017
ලංකාගමට ආහාර ගුවනින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ගම්මානය වූ ලංකාගමට අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආහාර හා පානීය ජලය ගෙන ගියේය. 28 May 2017
ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බලපන්ති සැරයන් වයි. එම්. එස්. යාපාරත්න මහතාගේ දේහයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද(28) අවසන් ගෞරව දැක්වීය. 28 May 2017
මව සහ දියණිය පස් කන්දට බිලි සපුගස්කන්ද හෙයියන්තුඩුවේ නිවෙසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 26 May 2017
මහවැස්ස කළුතරත් සසළවයි අධික වර්ෂාව සහිත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ ජීවිත හා දේපළ හානි රැසක් සිදුවී අැතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී ජයලාල් මහතා පවසයි. 26 May 2017
අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවෙයි දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත. 26 May 2017
ජනපතිට ඕස්ට්‍රේලියා ආග්රාණ්ඩුකාර නිල නිවසේ දී විශේෂ පිළිගැනීමක් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අද(25) සංවිධානය කර තිබිණි. 25 May 2017
කැබිනට් අනුමැතියට පුරාවිද්‍යා සේවකයන්ගේ විරෝධය පුරාවිද්යා් අධ්යඋක්ෂළක ජෙනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට දී ඇති කැබිනට් අනුමැතියට විරෝධය පළ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවක සංගමය අද(25) පුරාවිද්යා් දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය. 25 May 2017
දිවයින පුරා මහ වැසි කොළඹ, වව්නියාව, ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසකට ඊයේ(24) සවස සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට බලපෑම් එල්ලවී ඇත. 25 May 2017
ගාල්ලේ ගංවතුරෙන් පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දිවෙලපර ප්‍රදේශයට ලැබී ඇති අතර හබරාදුව හරුමල්ගොඩ සහ තවලම පැලඉහළ නිවාස කිහිපයක් සහ පහත්බිම් වැසි ජලය නිසා යටවී ඇත. 24 May 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025