(ඡායාරූප - ශාන්ත රත්නායක)
වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් කොළබ වෝටර්ස් එජ් හි දී අද(2) පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයට අත්සන් තැබුණු අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ටීම් සුටෝන් මහතා ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික, පෞද්ගලික සංවිධාන රැසක පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තර ප්‍රසිද්ධ කරන්න. කොහොමද අපිට උදව් කරන්න පුළුවන් කියලා? ලොකු පිනක් මේ කරන්නේ. මුළු රටම පෙළ ගැසෙමු. බොහෝ පින්...!!!
මේ රටේ අපරාද වැඩිවීමට ප්‍රධාන හේතුව ඕනෑම දරුණු අපරාදකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් සිටීම. එබැවින් එවැනි නීතිවේදින්ටත් විරෝදය දැක්විය යුතුය.
නිමල්ලලිත හරියටම හරි
ගෙන්නගන්න තවත් එන්ජීඕ. තිස් අවුරුද්දක් උන් නිසා බැට කෑවා මදිවට.
ඔබලාගේ උත්සාහය ඔබලාට අති සාර්ථකයි .කනවා බොනවා පොටෝ ගහනවා එච්චරයි?ලංකාවේ තරම් ප්‍රෝඩාවෙන් ජීවත්වෙන මිනිස්සු ලෝකේ වෙන කොහේවත් නෑ..කොළඹ බංගලාවල ළමා මෙහේකාරයෝ පිරිලා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝටල් සාප්පු සහ සිල්ලර බඩු කඩවල වැඩ කරන්නේ වතු ආශ්‍රිත වයසින් අඩු ළමයි.ගුටි බැට අඩත්තේට්ටම්? මුන්ට මේවා දකින්නේ නැද්ද නොදැක්ක වගේ ඉන්නවද?
රණසිංහ ඔබනම් හරියටම කිව්වා, ඔක්කොම අය හැමදාමත් කරන්නේ එකදෙයක්ම පමණි. නමුත් ඇත්තටම මේකෙන් පීඩාවට පත්වුණා ළමුන්ගේ දුක නම් අවසන් නොවේ... හිංසා කරන්නවුන්ට උපරිම දඬුවම් දිය යුතුය.
අරමුණ විතරයි, වැඩපිළිවෙලක් නැත...
ළමා හිංසනය පිටු දැකීම අද ලියවිලි සහ සටන් පාඨ වලට විතරක් සීමා වෙලා... දරුවන් ගැන අපට මුහුණ දෙන්න වෙච්ච දේවල් ඉතා කණගාටුදායකයි. එය දරුවාගේ පෞරුෂ වර්ධනයට බලපානවා. එහෙම අය තමයි ලොකු වුණහම අපරාධකාරයො වෙන්නෙ. මම සිරකරුවන් ඇසුරින් සමීක්ෂණ දෙකක් කරල තියනවා. ඒ හිටපු අයගෙන් සියයට 90ක් ළමා කාලෙදි හිංසනයට ලක්වූ හෝ මූලික අයිතිවාසිකම් අහිමි වූ අය.... ඒ හින්දා අපරාධකරුවන් අඩු රටක් අපේක්ෂා කරනවා නම් අද පුංචි පැටව් ආරක්ෂා කළ යුතුයි. ඒ හින්දා සරදම් මැද්දෙ මම නම් තනිවම හරි සටන් කරනවා.
බාල වයස් විවාහ මෙයට අයත් නැද්ද