(ප්‍රසාද් රුක්මල්)
ගංවතුරින් හා නායයාමෙන් අවතැන්වූ ජනතාවට සහන සැපයීම සඳහා බදුල්ල ඵෙතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ සංඝරත්නය අද(29) පස්වරුවේ බදුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.
එම හිමිවරු අවතැන් වූවන් සඳහා ද්‍රව්‍යමය ආධාර එකතු කළහ.
වරකාගොඩ ඥානරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ හා මුතියංගණ විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පිණ්ඩපාත චාරිකාවට මලගල චන්දිම හිමි ඇතුළු සංඝරත්නය එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම පන්සලක්ම, පල්ලියක්ම, දේවස්ථාන මේ විදිහට කරන්න
අන්න නියම හිමිවරු. අර තාප්ප උඩින් පැනගෙන කඳුලු ගෑස් කාගෙන යන අයටත් ආදර්ශයක් මේවා.
යහපත් වැඩක්.
මෙවැනි හිමිවරු දැකීමත් හිතට සැනසීමක් ...
මෙය ඉතා ආදර්ශමත් ක්‍රියාවක්. එත් මහනායක හාමුදුරුවනේ අවසර, ශාසනයේ මම දන්නා විදිහට මේකට පිණ්ඩපාත චාරිකාව කියන නම දැමීම වැරදි. මෙය ආධාර එකතු කිරීමී චාරිකාවකි . පිණ්ඩපාතය යනු මීට වඩා වෙනත් අරුතන් ඇති කාර්යයකි.