දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය කොළඹ නගරයේ කසල නැවත වරක් දොම්පෙ කිරිඳිවැල ඒකාබද්ධ කසල කළමානාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට එරෙහිව ප්‍රදේශවාසීහු අද(3) පෙරවරුවේදී විරෝධතාවයක නිරත වූහ. 03 July 2017
මොරගහකන්ද ජලයෙන් ගම් හයක් සදහටම වැසෙයි මොරගහකන්ද ජල ව්‍යපෘතිය හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික ගම්මාන 6 ක් ලංකා සිතියමින් මැකී යන බව ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 03 July 2017
ගලේවෙලට උග්‍ර ජල හිඟයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක විශාල පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති .දේවහුව බබරගස්වැව .මොරගොල්ල ,කිනමිටියාය .ආදී කෘෂිකාර්මික ප්‍රදේශ කීපයක මෙම ජල හිඟය පවතී. 02 July 2017
උතුරු-නැගෙනහිර සිට දෙපයින් කතරගමට වන්දනාවේ ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා උතුරු නැගෙනහිර සිට 30000 කට අධික බැතිමතුන් පිරිසක් පාද වන්දනාවෙන් පැමිණිමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඞී පි කුමාරගේ මහතා පවසයි. 02 July 2017
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ තරුණ තානාපති පිළිගැනීමේ උළෙලේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ තානාපති ලෙස පත්කෙරුණු ජයත්මා වික්‍රමනායක පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදි අද (01) සිදුකෙරිණි. 01 July 2017
දැදුරු ඔය රක්ෂිතයේත් වැලි ජාවාරමක් වාරියපොළ දැදුරු ඔය ජලාශයේ ජලාශ රක්ෂිතයේ සිදුවන නීති විරෝධි වැලි ජාවාරම නිසා ජලාශය බරපතල අවදානමකට පත්ව ඇතැයි ජනතාව සහ පරිසර සංවිධාන චෝදනා කරති. 30 June 2017
අසාද් සාලිට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක් භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගිශ්වර බණ්ඩාර මහතා අද(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය. 29 June 2017
උමා ඔය ව්‍යාපෘතියට විරෝධය පාති උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද (28) පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණයේ යෙදෙන අයුරු 28 June 2017
නෙවිල් ප්‍රනාන්දු ජනපති පෞද්ගලික ලේකම් හමුවෙයි මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(27) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. 27 June 2017
අන්තරේ භික්ෂූහු කොටුවේ විරෝධතාවයක සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා කළ සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(27) පැවැත්විණි. 27 June 2017
හෙද සංගමය සයිටම් විරෝධීන්ට විරෝධය පායි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සරසවි සිසුන්ට විරුද්ධවත් සයිටම් ආයතනයට සහාය පළ කරමිනුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(27) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි. 27 June 2017
කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක් සයිටම් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සහ විපක්ෂව අද කොළඹ නගරයේ උද්ගෝෂණ දෙකක් පැවැත්වීමට නියමිත නිසාවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 27 June 2017
වෛද්‍ය සංගමයේ පිරිසක් අන්තරේ කැඳවුම්කරු බලන්න වැලිකඩ යති පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද(26) වැලිකඩ බන්ධනාගාරයට ගියහ. 26 June 2017
වැලි ජාවාරම්කරුවෝ මී ඔයත් කා දමති පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස්ථාන ගනනාවකට මැදිව පිහිටා ඇති මී ඔය නදියේ වැලි ජාවාරම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බව ජනතාව චෝදනා නගති. 26 June 2017
ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමවිමෙන් පසුව රාමසාන් උත්සවය ඊයේ (25) අවසන් විය. අඩ සඳ දැකිමෙන් පසුව රාමසාන් කාලය අවසන් කරන ලද ඉස්ලාම් බැතිමත්හු ආගමික වතාවත්වලින් පසුව රාමසාන් උත්සවය සමරනු ලැබූහ. 26 June 2017
හිමිවරු 100 නමක් ලේ දන්දෙති යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ ජනතාව වෙනුවෙන් රුධීරය පරිත්‍යග කිරීම අද යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි. 25 June 2017
කිරි ගොවීහු කිරෙන්ම නාති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කිරී ගොවීහු අද (25) දඹූල්ල නගරෙයේදී විරෝධතාවක් කළහ.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. 25 June 2017
සයිටම් විරෝධී සිසුන්ගේ මාපියෝ පාරට බසිති සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීහු සහ සරසවි සිසුන්ගේ දෙමාපියෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරත වූහ. 23 June 2017
පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති. 23 June 2017
සයිටම් විරෝධය අදත් රෝහල් අඩපණ කරයි සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද (23) දෙවැනි දිනටත් රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති. 23 June 2017
කොටගල දී බස් රියක් පෙරලේ දිඹුල රාවණාගොඩ සිට කොළඹ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු ගමන් කළ බවත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව කියයි. 23 June 2017
ජවිපෙ විරෝධය විහාරමහා දේවී පිටියේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා රැලියක් අද සවස කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 22 June 2017
වෛද්‍යවරු වර්ජනයේ සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද(22) රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති. 22 June 2017
සයිටම් විරෝධී සිසුන්ට බැටන් පොලු හා කඳුළු ගෑස් ප්‍රහාර සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදෙමින් අද(21) සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය. 21 June 2017
සුන්බුන් මැද දුමා වැසියෝ ඉෆ්තාර් සමරති සිරියාවේ දමැස්කස් නුවර දූමා උපනගරයේ සුන්බුන් මැද්දේ දෛනික රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 21 June 2017
මොරගහකන්දේ වැඩ සියයට 98ක් අවසන් රුපියල් කෝටි 18100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩ අවසන් වෙයි. ජාතික විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි. 20 June 2017
වයඹ සබේ මන්ත්‍රී නියාස් මේසයක නැගී විරෝධතාවේ රජය සතු ඉඩම් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයට නොගෙන දේශපාලකයින් මැදිහත්ව කොළඹ ධනපතීන්ට ලබාදීමට එරෙහිව වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි මොහොමඩ් නියාස් මහතා සභාවෙහි මේසයක් මත නැගී අද (20) විරෝධතා දැක්වීය. 20 June 2017
රේවත උද්ඝෝෂණයෙන් ගාලු - කොළඹ පාර අවහිර වෙයි පවතින ගුරු හිඟයට විරෝධය පා බලපිටිය රේවත විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියෝ අද(20) දෙවැනි දිනටත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ. 20 June 2017
ඩඩ්ලි සේනානායක ගුණ සැමරේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දින සැමරුම අද(19) කොළඹ, බොරැල්ල කනත්ත වටරවුමේ පිහිටි ඒ මහතාගේ පිළිරුව සමීපයේ දී පැවැත්විණි. 19 June 2017
රතු කුරුමිණියා කරුවලගස්වැව පොල් වගාව වනසයි ‘රතු කුරුමිණියා’ ගේ හානියට දරුණු ලෙස ගොදුරු වෙමින් පවතින කරුවලගස්වැව ප්‍රදේශයේ පොල් වගාව මෙයින් මුදවා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් අද (19) කරුවලගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි. 19 June 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025