(ඡායාරූප - ශාන්ත රත්නායක)
සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සරසවි සිසුන්ට විරුද්ධවත් සයිටම් ආයතනයට සහාය පළ කරමිනුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(27) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන එහි උද්ඝෝෂණයේ නිරත වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවරුදු 7-8 කට කලින් ඔය සයිටම් එකක අරින්න කියල රටේ ජනතාව රජයෙන් ඉල්ලලා සිටියේ නැත, රාජපක්ෂ රජයේ අනුග්‍රහයෙන් ඕව පටන් ගන්න කොට නිහඩව සිටි වෛද්‍ය සංගමය දැන් එලියට බස මස ගණනාවක් පාරවල් වහමින් රෝහල් වල වර්ජන කරමින් ජනතාව පිඩාවට පත්කරමින් උද්ගෝෂණ කල , දැන් ඔවුන්ට ටික ටික උත්තර ලැබෙන්න පටන් අරන් , රටේ ජනතාව වන අපේ බදු මුදලින් ඉගෙන ගත්තු සහ දැනට ඉගෙන ගන්න පුද්ගලින් අපේ එදිනෙද ජිවිතයට බාධා කරනකොට , අසාධාරණ ලෙස අපේ ජිවිත ඇපයට අරන් සෙල්ලම් කරනකොට , තවදුරටත් අප බල සිටිය යුතුද ? දැන් අපට පාරට බස විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාල වලටත් , දොස්තරලා රෝහල් වලටත් එලව දමනන කාලය පැමිණ ඇත , එසේ නොකරන එවුන්ට පහරදී හෝ අපේ අයිතින් සදහා සටන් කල යුතුය .
ඇත්තටම දැන් හෙදියන්ගේ දැනුම දොස්තරලට වැඩිය හොඳයි. ඒගොල්ලෝ පිළිවෙලට වැඩ කරනවා. සමහර දොස්තරලගේ වැඩ කිසි පිළිවෙලක් නැහැ. සමහරුන්ට ඉංග්‍රීසියෙන් කතා කර ගන්න බැහැ. ඒවාට කාටවත් ඉරිසියා කරලා පලක් වෙයිද?
මේ අන්තරේ කියන්නේ ජේවීපී හදපු කල්ලියක්.මේ අය විශ්වවිද්යාලේ ළමයෝ රවට්ටගෙන මේ දේවල් කරන්නේ රට අවුල් කරන්න.ඔය පෙළපාලි යන සිසුන්ගේ මුපියෝ මේ ගැන හිතන්න.ජේවීපී කාරයෝ හැමදාම කෙළේ රට අවුල් කරන එක.නැත්නම් ජේවීපී එකට තැනක් නැහැ.මේ අන්තරේ කල්ලියම අතුල්ලට දාල, නිදහස් කරන්න එපා.
පුදුම සෙනගක් ඇවිල්ලා සයිටම් එකට සපෝට් කරන්න පත්තරයට අදහස් කට්ටිය බලාගන්න රටේ ජනමතය
ලක්ෂ 120ක් දීල තමන්ගේ දරුවන්ව සයිටම් යවන්න පුළුවන් හෙදියෝ කී දෙනෙක් ඔතන ඉන්නවද ? එහෙම නැත්නම් පෞද්ගලික හෙද විද්‍යාල වලින් එලියට එන ළමයින්ට රජයේ රෝහල් වල රැකියාව දෙනවට කැමති අය කීදෙනෙක් ඉන්නවද ඔතන බෝඩ් අල්ලාගෙන,, එක නිසා තමන්ගේ වාසියට කඩේ යන එක නවත්තන්න, අපි අද යම් තැනක් ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න, එක නිසා මතු පරපුර වෙනුවෙන් එක රැකගමු,
වෛද්‍ය වරුන් එක්ක තියෙන තරහට මිඩ්වයිෆ්ල එලියට ඇවිත් සටන් පාට කිව්වට තමන්ගේ දරුවාගේ රජයේ පාසලේ අඩුපාඩු ටික හදල දෙන්න කියල ආණ්ඩුවට බල කරන්න බැරි උදවියමයි, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි, නිදහස් අධ්‍යාපනය රැක ගමු, ඔබ අද නිල අඩුම අඳින්නෙත් රජයේ අධ්‍යාපනයට පින් සිදු වන්නටයි,
කොහමද ඉල්ලපු වෙනස සර් .. අතිවිශිෂ්ඨයි සර්..
පිරිමි නර්ස් වැට පනින්න කලින් කෙසෙල් කැන වැට පැනලා ඉවරයි නිසා මේවගේ නාට්‍ය තව පෙන්නුවත් ජනතාව පිළිගන්නේ නැහැ. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. GMOA එක මහින්දගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. අවසානයේ සැබෑ ජනතා ප්‍රශ්නය යට ගිහින් සියල්ලෝම සතුටින් විසිර යනවා. සතුටු විය හැකි කරුණනම් ස්වාධින ජනතාව සයිටම් විරෝධී සටනේ අඛණ්ඩව තවමත් සිටීමයි.
දොස්තරලාගේ කුහක ප්‍රතිපත්ති ගැන හොඳින්ම දන්නා සහ ඒවායින් බැටකන කොට්ටාශයක් තමයි හෙදියො. අනිත් කොට්ටාශය තමයි සම සෞඛ්‍ය අය. ඔවුන් දොස්තරලාගේ ආත්මාර්ථකාමී සටනට විරෝධය දක්වන එක පුදුමයක් නෙමෙයි.
1977 දී 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහිතව එදා මේද තුර යම් පක්ෂයකට ලැබුන ස්ථාවරම ආණ්ඩුවට කෙළවුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ධවල පත්‍රිකා සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා. 80 ජුලි වර්ජයන , 83 කළු ජූලියට කරන්න බැරිවුණා දේ රනිල් මහත්තයාගේ වැඩෙන් ආණ්ඩුවට කෙලවුණා. මෙදා මේ කරන වැඩෙන් වෙන්නේ දරුවෙක් මල්ලෙක් නැති රනිල් තව ටික දවසකින් හොඳට මහජන මුදලින් සැප විඳලා මැරිලා යාවි. තමුන්ගේ දරුවන් දේශපාලනයට ගෙන්න බලාගෙන ඉන්න දේශපාලකයින්ට සහ ඔවුන්ගේ දරුවනට යන එන මගක් නැතිවේවි.
මේ හෙද නිලධාරීන්ගේ සංගමයට ලොකු හෙද හෙදි පිරිසක් නැහැ. මෙතනත් බලන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ඇටෙන්ඩන්ලා හැරුණහම හෙදියෝ කී දෙනාද ඉන්නේ කියලා. මේ වගේ 20 ගුණයකට වැඩි පිරිසක් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ එක්සත් හෙද සංගමයේත් ඉන්නවා.
මේකේ හෙදියෝ නියෝජනය කරන්නේ බෝඩ් එක විතරද? පින්තූරවල එක හෙදියෙක්වත් පෙනෙන්න නැහැ. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ටිකයි., රෝහල් කම්කරුවෝ ටිකකුයිනේ ඉන්නේ.....
සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු, මැති ඇමතිවරු සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ඇතුළු සියලු දෙනාම හොඳ සැප ජීවිත ගතකරමින්, දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ව පාරට බස්සලා, සමහර සිසුන් අද හිරේ. මේ සේරටම පිටිපස්සෙන් ඉන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි...
සියලු දෙනාට ඉගෙන ගැනීමට නිදහස තිබිය යුතුයි (නිදහස් අධ්‍යාපනය මගින් හෝ මුදල් ගෙවීම මගින්) දොස්තර මහත්වරු තමන්ගේ ගොඩ වැඩි කරගන්න අනිත් අයගේ මුලික මිනිස් අයිතින්ට බාධා කිරීම නැවැත්විය යුතුයි.
හෙද පිරිමි තැනැත්තාගේ දේශපාලන කල්ක්‍රියාවනම් හැමෝම දන්නවා...
පවුල් සෞඛ්‍ය සේවිකාවෝ හෙදියන්ට අල්ලාගෙන ගැහුවා මතක නැද්ද? එයාලා ඔයාට දැන් හොඳ වුණාද?
අනේ අනිච්චන්, දුප්පත් නර්ස් නෝනලා ටිකත් ධනවාදී අධ්‍යාපනේට කැමති, සමන් කියන හාදයට ඩොලාර් එනවා. නර්ස් නෝනලා කහිනවා. හිනා යනවා, මේකට දොස්තරලා සපෝර්ට් නම් හිතන්න පුළුවන් තමන්ගේ දරුවෙක් වත් එ්කට යවන්න හිතා ගෙන ඉන්නවා කියලා, නමුත් මේ අයට කොහේ තියෙන සල්ලියක්ද, මේ කරන්නේ පව් කාර කමට
හෙදි ඇදුම් අන්දවලා ගම වල ඉන්න ගැහැණු ටිකක් සමන් ගෙන්නලා. අනේ ඇත්තට තමන්ගේ පන්තිය අමතක කර නෙවෙල් ප්‍රනාන්දුට ආවඩන හැටි, තු විතරක්
ඔය විදිහටම පුද්ගලික හෙද පාසල්වලින් බිහිවන හෙදියන් රජයට ගන්න කියලා උද්ඝෝෂණය කරන්නකෝ.....