උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද (28) පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණයේ යෙදෙන අයුරු


(ඡායාරූප-පාලිත ආරියවංශ)









(ඡායාරූප-විජේරත්න රත්නායක)
උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද (28) පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණයේ යෙදෙන අයුරු


(ඡායාරූප-පාලිත ආරියවංශ)









(ඡායාරූප-විජේරත්න රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ව්‍යාපෘතිය නවත්වලා සිදුවූ විනාශය නිවැරදි කරන්න බැහැ. මේ දක්වා මේ ව්‍යාපෘතියෙන් කිසිම ප්‍රතිලාභයක් අත් නොවුණාට වෙන්න තියෙන සියළුම විනාශයන් සිදුවෙලා ඉවරයි. ඒ නිසා දැන් තිබෙන එකම පිළියම මේ ව්‍යාපෘතියෙන් ලැබිය හැකි සුළු හෝ ප්‍රතිලාභයක් ගැන සිතා මේක අවසන් කිරීමයි. එහෙම නොකර මේක අතහැර දැම්මා කියා කාටවත් වෙන සුගතියක් නැහැ.
ජ.වි.පෙ. ය මේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමින් ප්‍රයෝජන අරගෙන මිනිසුන් නොමඟ යවනවා. ව්‍යාපෘතියේ ප්‍රශ්න ඇතිවෙලා තියන බව ඇත්ත.... ඒ නිසා මිනිස්සුන්ට කරදර වෙලා තියන බවත් ඇත්ත.... දැන් ව්‍යාපෘතිය මගින් නැවැත්තුවම ඒවා විසඳෙනවද? භූගත ටනල් වල වතුර කාන්දුව නවත්තුවම අපහු වතුර තත්වය නිකන්ම හොඳ වේවි බණ්ඩාරවෙල අවට ජනතාවට... එ්ක වෙලා තියන වැරැද්දක් වුණත් දැන් කලයුත්තේ වහ වහා ඒ වැරැද්ද නිවැරදි කරලා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම මිසක් අපහු නවැත්වීම නොවේ. ඒ වගේම මේ වගේ ව්‍යපෘති කරද්දී ගෙවල් ඉරිතැලීම් වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් අවශ්‍ය වෙන්නේ මේවට පිළියම් යෙදීමයි. මිනිසුන්ට නිසි පරිදි වන්දි ලබාදීමයි. වතුර තත්වේ යහපත් වෙනතුරු වතුර ලබාදීමයි. එත් ආණ්ඩුව කරන්නේ ඒවා නොකර මිනිස්සුන්ව තවත්වා තල පෙළා දමන එකයි. එකෙන් දේශපාලන වාසි ගන්න... වැරැද්ද පහුගිය ආණ්ඩුවට දමන්න පුළුවන් නිසා. මොන දේ කලත් මිනිස්සු කුලප්පු කරලා දේශපාලන වාසි ගන්න ඒක තමයි මෙයාලාගේ තුච්ඡ ප්‍රතිපත්තිය.
සුසන්ත, ඔබේ අදහස ඉතාමත් නිවැරදියි. එදා රතුපස්වල වුණෙත් මේකම තමයි .. මිනිස්සුන්ව ඉස්සරහට දාලා දේශපාලනය කරන මොවුන්ගේ අරමුණ කෙසේ හෝ මිනිස් බිල්ලක් දෙකක් දීලා ඒ මතින් පැවැත්ම තහවුරු කර ගන්නයි.. විසඳුම මේ වගේ ව්‍යාපෘති නවත්තන එක නෙමෙයි.. නිවැරිදි විසදුම් ලබා දීමයි..
කවුද මේ ශාන්ත කියන්නේ? සමන්ත සහෝදරයා සටන් කලේ 2008 සිට.... එදා ඔබ කොහෙද හිටියේ? මෙම විනාශය එතුමා විද්‍යාත්මකව පේනවා දුන්නා. කෝ කවුරුවත් ඇහුන්කන් දුන්නේ නැහැනේ.
මේ පෝස්ටර ඔක්කොම ඒක විදියක්.... මේවා එක්කෝ ජ.වි.පෙ. නැතිනම් පෙරටුගාමී රටට අහිතකර අය.... රතුපස්වලදීත් වුණේ ඕකම තමයි... ගල් ගසා පැනල දිව්වා... අහිංසකයන් මරුණා. කලින් ආණ්ඩුවට එරෙහි වුණ අය ඒක පෙරලන්න හංසයාට ඡන්දේ දුන්නා...
ලඟදී වතුර පුරවල වැඩ පටන්ගත්තා නේද ? දැන් මොකද වෙලා තියෙන්නේ...?
මතක තියාගන්න. කඳුකරයෙන් තමයි සියලුම ජල සැපයුම් පටන්ගන්නේ.... පහුගිය ආණ්ඩුවේ සක්‍යතා වාර්තාවලට පටහැනිව ගත්තු අත්තනෝමතික තීරණ නිසා සිදුවුනු විනාශයක් ....
සමහරුන්ගේ අදහස් දැක්වීම් ගැන කණගාටුයි. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියනවනේ.... දැන් මේක ජ.වි.පෙ. ට පටවනවා මිනිස්සු එකතු වුණාම... මේක හිතුවක්කාරී ලෙස පටන් ගත්තු අය වගකියන්න ඕන අද විනාශය ගැන... ජ.වි.පෙ. එදා මිනිස්සු දැනුවත් කරනකොට ඔවුන් හිතුවේ ඒ අයට බැහැයි කියලා... දැන් ඇස් පනාපිටම ඉරිතලන කොට තමයි මතක් වුණේ එදා විරුද්ධ නොවීමේ විපාකේ.... අද බණ්ඩාරවෙල පදිංචි නැති උදවිය තමයි කෙස් පැලෙන තර්ක ගේන්නේ මේකේ ප්‍රතිලාභ ගැන.... මොකද? ප්‍රශ්නය ඔවුන්ගේ නොවන නිසා...
පිටකොන්දක් නැති බණ්ඩාරවෙල පබයනි බොරුවට දැන් රගන්නේ නැතුව ඕක පටන් ගන්න කොට මහරජට විරුද්ද උනානම් නේ හරි ,දැන් පුළුවන් නම් මැදමුලනට ගිහින් පොල් රැවුලට කියන්න මේ වැරැද්ද ගැන ,නැතුව ජේවීපී අතකොලුවෙලා බොරුවට කෑගහන්නේ නැතුව
බුද්ධිහීන අාත්මාර්ථකාමී බල ලෝභීන් ගෙන් රටේ විනාශය සිදුවූවා මිස රටට යහපතක් සිදුවූවේ නෑ.යහපාලනය නිසා මතු පරම්පරාවට සෙතක් වෙනවා සහතිකයි.
එදා 2009 දී සමන්ත විද්‍යාරත්න එක්ක ජවිපෙ සගයෝ උමා ඔය විනාශය ගැන ගමක් ගමක් ගානේ දැනුවත් කරන්න යනකොට ඇල්වතුර වීදුරුවක් දෙන්න එකෙක් හිටියේ නෑ... රැස්වීමක් කරන්න තැනක් දුන්නේ නෑ... පැහැදිලි කරන ඒවා අහන්න කවුරුවත් ආවේ නෑ... දෙන්න සහෝදරයා...ඔය පෝස්ටර් ටික අලෝලා දාන්න " කියලා පෝස්ටරයක් අලවන්න එකෙක් ඉදිරිපත් උනේ නෑ .. ලීෆ්ලට් එකක් බෙදන්න එකෙක් ආවේ නෑ.. කොටින්ම අද හර්තාලය වෙනකල් පෝස්ට් එකක් හරි අප්ලෝඩ් කරපු උන්ගෙන් 99% ක්ම ජෙප්පෝ... එදා උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව නඩු කියන්න යනකොට නීතිවේදීන්ට ගෙවන්න සල්ලි තිබුණෙත් නෑ.. එදා හැමෝම කිව්වේ...ඕක ජෙප්පන්ගේ කඩාකප්පල්කාරී වැඩක්...ජේවීපීකාරයෝ සංවර්ධනයට විරුද්දයි... සමන්තට පිස්සු...හැබැයි සටන ඇදගෙන ආවා...ඒ අතරේ ගෙවල් ඉරිතැලුණා..පන්සල , පල්ලිය ගිලා බැස්සා ළිං හිදුනා...පාසල් වැහුණා...වෙලේ වතුර නැතිවුණා...මිනිස්සුන්ට විනාශයේ තරම දැනෙන්න ගත්තා.. ඊට පස්සේ මිනිස්සු එකා එකා මේ සටනට ඇදුණා...දැන් මේක යූඇන්පී ,ශ්‍රී ලංකා , ජේවීපී හැම එකාගෙම සටනක්...ඒ හින්දා අපි අසතුටුයිද ?? නෑ අපි සතුටුයි.. දැන් හරි මිනිස්සු එකතු වෙච්ච එක ගැන...
පුදුමය කියන්නේ මේවා පටන් ගත්ත කාලේ කිසි කෙනෙක් පෙළපාලි ගියේ නැහැ. (ගියා නම් වෙන දේ දන්නා නිසාද දන්නේ නැහැ) දැන් බැලු බැලු අත විරෝධ, පෙළපාලි.
අද බණ්ඩාරවෙලට දස දහස් ගාණක මිනිස්සු එකතු වුනා.. ඒ තිබ්බේ ජේවීපී රැලියක් නෙමෙයි...එක රතු කොඩියක් දැම්මේ නෑ...රතු පාටින් පෝස්ටර් ගැහුවේ නෑ... ඒක අගතියට පත් හැම මිනිහගෙම රැලිය...හැබැයි එක කාරණයක්...ගමක් ගමක් ගානේ දියපට්ටා එනකල් පයින් ගිහිල්ලා උගුර ලේ රහ වෙනකල් කෑගහලා ඇල්වතුර උගුරක් නොලැබුනු කාලේ ඉදන් සටනේ හිටපු , සටන ඇදගෙන ගියපු ජේවීපීකාරයන්ට ඒකේ ක්‍රෙඩිට් එකක් එනවා නම් ඒ නවත්වන්න බෑ මහත්වරුනි...ඒක නවත්වන්න බෑ..සමන්ත සහෝදරයා අද අතන හිටපු දස දහස් ගාණක් ඉස්සරහා ඔය ටික කිව්වා... ජවිපෙ සටන අතට ගන්න හදනවලු..ජවිපෙට අතට ගන්න සටනක් එතන තිබුණේ නෑ මහත්තයෝ .. සටනක් තියා ගම්වලට ගිහින් මිනිස්සුන්ට කතා කරන්න ලවුඩ්ස්පීකර් එකක් දෙන්න එකෙක් හිටියේ නෑ... ඒකටත් අරන් ගියේ පක්ෂෙ පාවිච්චි කරපු බඩු..පෝස්ටරයක් අලවන්න පාප්ප හදාගන්න පාංපිටි ටිකක් දෙන්න එකෙක් හිටියේ නෑ...හැබැයි අපි අද අතන ඇවිල්ල හිටපු දහස් ගාණක මිනිස්සුන්ට කිව්වේ නෑ ජවිපෙට ඡන්දේ දෙන්න කියලා.. සමන්ත කිව්වෙත් නෑ..හැබැයි සමන්ත කිවවා කැමති කෙනෙක්ට ඡන්දේ දෙන්න..මේ විනාශයට එරෙහි වෙන්න කියලා...ජයග්‍රහණයට පියවරු දාහයි...පරාජය අවජාතකයි ....
එදා ජේවීපීකාරයන්ගේ කඩාකප්පල්කාරී වැඩක් කියපු සටන ගැන අද කියන්නේ ජේවීපීකාරයෝ හයිජැක් කරලා කියලා... මිනිස්සු ජවිපෙට ඡන්දේ දෙයිද නොදෙයිද අපි දන්නේ නෑ....හැබැයි මිනිස්සු දන්නවා ජවිපෙ මේකට නැහුණ තරම්... අපට ඒ ඇති. අපි නැවතත් කියන්නේ... ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.. ඒත් විනාශයට එරෙහිව එකට ඉන්න...
ලියල තියෙන අයගෙන් කී දෙනෙක් බණ්ඩාරවෙල ගිහින් තියෙනවද මේ මස 6 ඇතුලත...
පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතියෝ සේරමටික මෙ ආණ්ඩුවේත් ඉන්නවා ,එබැවින් ඔවුන් මේ විපතට වගකිය යුතුයි. ඉරානයට හොද උපකරණ නැතිනම් ඇමරිකාවෙන් හරි නිසි උපකරණ ගෙනත් මෙම ගැටලුවට පිළියම් යොදන්න. මේ ජනතාව මොලේ අමරුකට හෝ බඩේ අමාරුවකට මහපාරට ඇවිත් නැහැ, සැබවින්ම ඔවුන් අද අසරණ වෙලා..
මේ රටේ ලොකුම අවාසනාව තමයි, එකම එක ප්‍රාදේශීය සභාවකින් මෙපිට කිසිම බලයක් ජ. වී.පෙ ට නොලැබීම. ප්‍රධාන පක්ෂ දෙකෙන් පාර්ලිමේන්තු යවන ලංකාවේ පුරවැසියෝ අඩු තරමින් හොරකම් කරලා නැහැ කියලා ස්ථිරවම කියන්න පුළුවන්... මැයි රැළියක් ඉවරවෙලා පක්ෂ පිට්ටනියකට ගියාම වුණත් පෙනෙනවා අනිත් පක්ෂ දෙකෙයි ජ.වී. පෙ. යි වෙනස... යම්කිසි විනයක් ඇතිව, සැලැස්මකට අනුව වැඩකරන කණ්ඩායමක් තමයි...
මේක තමයි අපේ රටේ කරුමේ..., හැමදාම පක්ෂ 2කට බෙදිලා හොඳයි. නරකයි කියනවා. අන්තිමට දේශපාලකයෝ තමන්ගේ කොමිස් කුට්ටිය අරන් මේ වගේ රට අන්තවෙන ව්‍යාපෘති ගේනවා. අවුරුදු 70ක් ගිහිල්ලත් මේ ළිං මැඩි ගතිය තාම ගිහින් නැති නිසා දේශපාලකයෝ මේවගේ වැඩ කරන්නේ....
මෙතන අදහස් දාලා තියෙන සමහරක් අය ජ.වි.පෙ. ට බනිනවා. මෙම සටනට මෙතන සියලු පකෂවල ජනතාව සමග අගමික නායකයින්, පරිසරවේදින්, විද්වතුන්, මහජනතාව ඉන්නේ මෙයින් පරිසරයට වන දැඩි හානිය නිසයි.
මේ ජ.වී.පෙ. රටින්ම තුරන්කරන්න...
යෝජිත උමං මාර්ගය නිසා මීට වඩා විනාශයක් නොබෝ දිනකින් මහනුවර අවටත් සිදුවේවි!!! නුවර නගරය අවට සාමාන්‍ය නිවාස පිහිටා ඇත්තේ මෙම උමං මාර්ගය වැටී ඇති මාර්ගයේයි.
අපිත් අනික් පැතිවල මිනිස්සුන්ට කරදර වෙනකොට අපිත් හිතුවේ ඒ මින්ස්සුන්ගේ වැරැද්ද කියලා... සංවර්ධනයට බාධා කරනවා. එ්ත් ඒ කරදර අපිට අවාම තමයි අපි රත් වුණේ. මිනිසුනේ ඔහොම බලන්න එපා. ඡන්න ඔබට පින්.... ඒ වගේම ඔබලාට මේක වුණොත් එදාට ඔයාලට වෙන්නෙත් ඔය ටිකම තමයි.
කැනීම් කටයුතු කරනවිට වතුර නැති වුවට කැනීම් කටයුතු අවසන් වී වසර දෙක තුනක් යනවිට නැවතත් වතුර මතුවෙනවා. පසුගිය රජය විසින් අරම්භ කල උමා ඔය සයිටම් වැනි ජනතාව අකමැති තවත් ව්‍යාපෘති තිබෙනවා නම් දැන්ම දන්වන්න. තව තවත් ඒවාට මුදල් වැයකරන්න පෙර....
මේකත් හරියට අර සඉටම් එක වගේනේ ! අනේ අප්පා! මුලදී නකුට පස්ස පැත්තේ ගහගෙන ඉගෙන දැන් සිංහයෝ වාගෙන, මොකද මේ!
ඉතින් මේ විරෝධේ දක්වන්න තිබුනේ එදා මේක හදන්න ලෑස්ති වෙනකොටනේ? එදා සද්ද නැතුව හිටියේ මොකෝ? දැන් ඉතින් මේ ආණ්ඩුවට ඕක ඉවත් කරන්නද කියන්නේ.... පුදුම මිනිස්සු ටිකක්නේ මේ....
මෙතන අදහස් දාපු එක අයෙක් වත් දන්නවද උමා ඔය හාරනවා කියල ඒ පස් වලට මොනවද කලේ කියල ඒ පස් කිලෝ එකක් විකුණුවේ කවුද කොහෙටද කවුද කියල දන්නවද ඒ වෙනින් කවුරුත් 2015 ට කලින් හිටපු එකාදිපතියා. දන්නේ නැත්නම් ඒ පැත්තේ දැනට අලුතෙන් බස් එහෙම අරගෙන ඉන්න අයගෙන් අහල බලන්න.