(ඉෂාන් සංජීව)
සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීහු සහ සරසවි සිසුන්ගේ දෙමාපියෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරත වූහ.






(ඉෂාන් සංජීව)
සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීහු සහ සරසවි සිසුන්ගේ දෙමාපියෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරත වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට යුද්ධ ඇති. ඉතිහාසය පුරාවට ලේ වැගිරීම... මොන ශාපයක්ද මේ? දැන්වත් නවත්වන්න උගතුන් ඝාතනය කරන එක. මේ විනාශ කරන්නේ සිංහල තරුණයින් ටික නේද? ඡන්ද ඉල්ලගෙන එන්න එපා අපහු නම්...
මේ විස්සක් විතර ජනකාය ඇත්තටම දෙමාපියන්ද? නැත්නම් එකබද්ධේ සල්ලිවලට වැඩකරන කට්ටියක්ද?
මේ අය හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ ළමයි විතරක් ඉගෙන ගත්තම ඇති කියලා. ඔය විදියට හිතලා තමයි ලංකාව තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන්නේ....
සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ ඉතාම අහිංසක සිසුන් පිරිසකට පහර දුන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් කර ඇත්තේ බරපතල වරදකි.
සයිටම් ඕනෑ කියන අය අඩුම ගානේ දහදෙනෙක් රැස්කරලා මේවාට විරෝධය පාන්න.
මේ අය මීට අවුරුදු 8 කට 10 කට පෙර තමන්ගේ ළමයි ශිෂ්‍යත්වයට පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති බොහෝ හොඳය. පාසලේම 3 - 4 පංතිවල ගුරුවරු පාසල් නෑවිත් 5 වසරේ තමාගේ දරුවන්ට පුද්ගලික පංති කරන කොට ඊටත් වඩා හොඳය. අවුරුදු 4 කට 5 කට පෙර තමන්ගේ ළමයි සා.පෙළ පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති බොහෝ හොඳය. ඒවාට නොගොස් විභාගය කළ නොහැකිය. අවුරුදු 2 කට 3 කට පෙර තමන්ගේ ළමයි උ.පෙළ පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති අත්‍යාවශ්‍යය. පාසලේ ඉගන්වීමි නොකරන බව පවසයි. එහෙම උ.පෙළ විභාගය කරලා 5%-10% විතර කැම්පස් ගියහම පුද්ගලික අධ්‍යාපනය නම් ඉතාමත් වැරදිය. නිදහස් අධ්‍යාපනය රැකිය යුතුය.
"නිදහස් අධ්‍යාපනය සුරකිනු" යන්න කිසි කෙනෙක් විරුද්ධ නොවන සටන් පාඨයක්. ඒත් "සයිටම් එක අහෝසි කරනු" කියන සටන් පාඨයෙන් පෙන්වන්නේ මේ දෙමව්පියන්ගෙ තියෙන ගුණමකුකම නේද? සයිටම් එකට පමණක් විරුද්ධ වෙන්නේ ඇයි?
අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි නම් සේරටම කලින් ටියුෂන් නවත්වන්න ඕනේ...
මවිපියනි, ඔබලාගේ දරුවන්ට විතරද දොස්තරලා වන්න හොඳ...? ඇයි අනිත් මිනිසුන්ගේ දරුවන්ට එ්ක අකැපද?
ඔය මහත්වරුන්ගේ ළමයි ටියුෂන් ගියේම නැද්ද?
සයිටම් වැරදි තමයි. නමුත් මේක පටන් ගත්තේ කවුද? අැයි සුදු වෑන් සංස්කෘතිය තිබුණු කාලේ දැන් අපේ අයට ඒවා මතක නැහැ. කොළඹට කුණු ගෙනත් දාන්නේ කවුද කියලා බලන්න. මේ ආණ්ඩුව හොඳයි කියල කියන්න බැහැ. නමුත් සමහර හොඳ දේවල් තියෙනවා.
ඔතනින් සමහරක් අය උගත් වුණත්, මෝඩයි කියලා නම් බුද්ධිමත් මහජනතාව හිතනවා.
දෙමාපියනි, ඔබගේ දරුවන් නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්නේ බදු මුදලින්, ඔවුන්ට මහපොළ දෙන්නේ අපගේ මුදලින්. ඒවා නතර කරලා නැහැ නේද? රටට බරක් නොවී අනෙක් ළමයින්ට ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඔවුන් ද මේ රටේ සම්පත්. ඔවුන් ඉගෙන ගෙන රටටත් ලෝකයටත් වැඩ කරාවි.. තරුණයන් තමයි අප රටේ වටිනාම සම්පත. අධ්‍යාපනය ඔවුන් සැමට අවශ්‍යයි. ඔය පව්කාර අදහස් වලින් වහාම ඉවත් වෙන්න...
තමුන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බසින්න ඕනෑම දෙමව්පියෙකුට අයිතිවාසිකමක් ඇත. නමුත් අනුන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කරන ලෙස ඉල්ලා පාරට බහින්න සදාචාරාත්මක අයිතියක් මේ දෙමාපියන්ට නැති බව මොවුන්ට නොවැටහෙන්නේ මොවුන්ට අවබෝධයක් කියල එකක් නැති නිසාද?
මේ අහිංසක සිසුන්ගේ අහිංසකකම අපි දැක්කා. ඔවුන් එදා අමාත්‍යාංශය ඇතුළට ගිහින් කරපු දේවල් වලින්. ඒ සිද්ධියේ හැටියට දෙතුන් දෙනෙක් වලපල්ලට නොගිය එක ගැන සතුටු වෙන්න. රාජිත මහත්තයා ගැන අපගේත් පැහැදීමක් නම් නැත. නමුත් අැමති වරෙයෙක් හමුවෙන්න දහස් ගණනක් පිරිවරාගෙන යන්න පුළුවන්ද? එකට ගේට්ටු දොරවල් කඩාගෙන යන එක හරිද? පොඩි මොලයක්වත් නැත්ද මේ ටික තේරුම් ගන්න. ඇප නැතුව මාස 12 ක් වත් මහා උළු ගෙදර තිබ්බා නම් තමයි හොඳ....
දැන්වත් බැරි ඇයි රටේ නීතිය ක්‍රියාත්මක කරන්න? මේ ගොල්ලන්ගේ තියෙන්නේ තනිකර ආත්මාර්ථකාමී අරමුණු. සයිටම් ආයතනය රජයේ අධීක්ෂණය යටතේ ගුණාත්මකව සංවර්ධනය කළ යුතුයි. මේ කෑගහන මව්පියන්ගේ ළමයෙක් හිටියා නම් වෛද්‍ය විද්‍යාලයට එක ලකුණක් මදිවෙලා... මේ ළමයව සයිටම් යවනවද බඩු විකුණන්න යවනවද? අපි කියන්නේ වෙනත් දියුණු රටවල වගේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුන්ටයි, සයිටම් සිසුන්ටයි එක අවසාන විභාගයක් ලියලා දොස්තර බලපත්‍රය දෙන්න. මට හරිම විස්වාසයි සයිටම් ළමයි මේ අයට වඩා ඉහල ලකුණු ගන්නවා කියලා. මේ විදියට අපේ රට අගාධයට යනවා. වෙනත් රටවල ඉන්න ඉහළ පෙලේ රස්සාවල් කරන පිරිස ගත්තම තනිකර ඉන්නේ ඉන්දියන් ජාතිකයෝ... ඇයි අපිට බැරි අපේ මිනිස්සු රටවල ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන්න? මේ අය ලෝකේ ගැන දන්නේ නෑ. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ.... අපි විදේශවල ඉඳගෙන ලෝකේ ගැන හොඳට දන්නවා. අපේ රටෙන් පුළුවන්තරම් ගුණාත්මක අධ්‍යාපනය සහිත පිරිසක් බිහිකර අපේ ජාතිය ලෝකේ පුරා ගෙනයා යුතුයි. එතකොට තමයි අපේ රට සංවර්ධනය වෙන්නේ....
පොදු ප්‍රශ්නයක්, අසාදාරණයක් උදෙසා පොදු හැඟීමකින් උද්ඝෝෂණ, විරෝධතා කරන කවුරුත් මේ රටේ නෑ. ගෝත්‍ර සටන් තියෙන්නේ තමන්ගේ ගොඩ වැඩ කරගන්න... එ්කාධිකාරය තියාගන්න තමයි සේරම දඟලන්නේ...
ඒ අයගේ ළමයි විතරද ළමයි? ඒ අය විතරද ඉගෙනගන්න ඕන? අපේ අයව ත්‍රීවීල් එළවන්න දාන්න කියලද මේ කියන්නේ?
විශ්ව විද්‍යාල සුදුසුකම් නොලත් සියලු සිසුන් කෙසේ හෝ ඔවුන්ගේ අධ්‍යාපන සිහිනය ඉටුකර ගැනීමට පුද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි නැඹුරුතාවය දැක්වීම සාමාන්‍ය දෙයකි. නමුත් " සයිටම් " සිද්ධියේදී මෙම කෝලාහලය ඇතිවීමට හේතුව වුයේ, සයිටම්හි නියමිත ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපන ක්‍රම නොතිබීමයි. නමුත් වර්තමානයේ " සයිටම් " රජයේ මැදිහත්වීම මත එම ප්‍රමිතීන්ට අනුකූලව අධ්‍යාපන ක්‍රමය කරගෙන යාමත් රජයේ පරීක්ෂණය යටතේ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යයි. මෙම ප්‍රශ්නය පිළිබඳව නැවත නැවත උද්ගෝෂණ ඇතිවීමේ ප්‍රධානතම හේතුව දේශපාලකයන් මෙම ප්‍රශ්නය තමන්ගේ වාසියක් කරගැනීම හා අපගේ නොදැනුවත්භාවයයි.
අවුරුදු 30-35 කට්ටියටත් අවුරුදු 20 ළමයි ඉන්න ලෝකයක් මේක...
දරුවන් හදන්නේ කොහොමද?දෙමාපියන්ගේ හැදියාවක් නැතිව.පලමුව දරුවන්ට හැදියාව උගන්වාපල්ලා.උන් ඉගෙන ගන්න වුන් නොවේ මදාවියන්ට කඩේ යන වුන්.
අර පරණ කතාවක් තියනවනේ, "ගහේ කටු උල්කරන්න ඕන නැහැ" කියලා. ආරේ ගති නෑරේ කිව්වා වගේ දෙමව්පියන්ගේ හැටියට තමයි දරුවන්ගේ හැසිරීමත්.... දරුවා කැම්පස් එකට තේරුණා කියලා දෙමව්පියන්ගේ බුද්ධිය මෝරන්නේ නැහැ. විනයෙන් තොර අධ්‍යාපනයෙන් රටටත්, ඔබලාටත් පලක් නොවන බව පමණක් අවබෝධ කර ගෙන ජීවත් වෙන්න.
එකපාරටම සූ ගාලා දහයක් විතර ඉන්නවා..
මේ නියම දෙමව්පියන් නම් නෙමෙයි. මුදල් ඇත්තෝ කොහොමත් පිටරට යවා ළමයින්ට උගන්නනවා. මේ නිසා වෙන්නේ රටේ මුදල් පිටරටට යන එකයි.
මෙයාලගේ දරුවෝ ටික රජ වුණා කියලා වෙන්න ඇති මේ හිතාගෙන ඉන්නේ. පිනට විතරක් නෙමේ, මුදලටත් ඉගෙන ගන්න මේ රටේ දරුවන්ට අයිතියක් තියනවා කියලා මේ කට්ටිය දැනගත්තොත් හොඳයි.
ගල්කිස්සෙ සාන්ත තෝමස් එකේ ලමයත්, ගමේ ඉස්කෝලෙ ලමයත් උත්තර ලියන්නෙ එකම උසස් පෙළ විභාගයට නම්, ප්‍රමිතිය නියම කරල සයිටම් ලමයත් එකම වෛද්‍ය විභාගයෙන් පාස් වුනොත්, ඒ ලමයිනුත් දොස්තරලම තමයි. නොමිලයේය, සල්ලි ගෙව්වාය කියල වෙනසක් නැහැ.
මෙහෙමත් රටක්. පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සහ Tution පන්ති සසදන්න හදනව. මේ ශිෂ්‍යයන් දේශපාලන බලපෑම් ඇතිව හෝ නැතිව සටන් කරන්නේ අපි හැමෝම වෙනුවෙන්. මේකේ තියෙන බරපතල කම තේරෙන්නේ නැති කොට්ටශයකුත් ඉන්නවනේ.
ජේ.ආර් අද හිටියනම් ඔය වර්ජන කරන දොස්තර නඩේ ගෙදර. වෙන කට්ටියක් වැඩ. අම්මල තත්තලටත් ඉරිසියා ඇති වෙන ළමයෙක් ඉගෙනගෙන දොස්තර වෙනවට. පුළුවන් ළමය මෙහෙ බැරිනම් පිටරටක හරි දොස්තර වෙයි. මොකද මෙහෙම ජෝක් පිට රටවල නැති නිසා.