(කේ ඩි දේවපි‍්‍රය )
ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා උතුරු නැගෙනහිර සිට 30000 කට අධික බැතිමතුන් පිරිසක් පාද වන්දනාවෙන් පැමිණිමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඞී පි කුමාරගේ මහතා පවසයි.
මේ වනවිටත් පාද වන්දනාව ඇරඹී ඇතැයි ද ඒ මහතා කියයි.
පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා කුමන ජාතික වන උද්‍යානය හා යාල වනෝද්‍යානය ලබන 15 වැනි දා උදැසන 05ට විවෘත කරන බව මොණරාගල දිසා ලේකම් ඞී එස් පත්මා කුලසුරිය මහත්මිය පැවසුවාය.
මෙලෙස පැමිණෙන බැතිමතුන්ට විශේෂ බත් දන්සලක් පැවැත්වීමට ද කටයුතු සුදානම් කර ඇත.



(ඡායාරූප-කේ ඩි දේවපි‍්‍රය )




(ඡායාරූප-ජවුෆර් ඛාන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දිව්‍ය රාජයාගේ ආරක්ෂාව අනුග්‍රහය ලැබේවා !!!