(ජයමාල් චන්ද්‍රසිරි)
සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා කළ සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(27) පැවැත්විණි.
බලධාරීන්ගේ රුව රැගත් පඹයන් ගිනි තබමින් විවිධ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේ ගෑන කලකිරිලා හෑම දෙයක්ම උපේක්ශාවෙන් එපා කියලා ඈයි මේ අයට සරසවිවල ඉගෙන ගන්න දෙන්නෙ? ඒ අවස්ථාව තවත් ගිහි ශිෂයෙකුට දෙන්නෙ නෑත්තෙ ඈයි? මේ අය ඉන්න ඕනෙ පිරිවෙන් වල ඉගෙන ගන්න. ඊට පස්සෙ ආගම පතුරවන්න. රට පුරා විපිරී තීයෙන අපරාද වලටත්, සමාජයේ වෑටීමටත් පන්සල්වල හාමුදුරුවරු කෙලින්ම වග කියන්න ඕනෙ.
රටට වින කරන්නෙයි නිර්මල බුදුදහම නැති කරන්නෙයි මේ අය තමයි
මේ බුද්ධ සාසනයට නිගා දෙන භික්ෂූන් ගැන මහනායක හිමිවරු මොනවද දෙශනා කරන්නේ
ශ්‍රී ලංකාව නිර්මල බුදුදහම ඇති රටකි . මම මෙම උද්ඝෝෂණය ඇස්දෙකෙන්ම දැක්කා, ඒ තරුණ බික්ෂුන් වහෙන්සේලා හැසිරෙන විදිය ,අනාගතයේ අපේ දරුවන්ට බුදුදහම කියා දෙන්නේ මොවුන්ද ? බුදහම රකින්නේ මොවුන්ද ? හරිම කලකිරීමක් .
මෝඩ වැඩ ....
අපේ උපාසක අම්මල දානේ ඉවරවුණාම දික් කරන ඇන්ලොප් වල ආනිසංස. මම ළඟ පන්සලට දානේ දීම නැවැත්වුවා. මේගොල්ලෝ සාසනේ කනවා. කොහොමද මේගොල්ලන්ව ගෙදරට ආවම පා දෝවනය කරලා පාවඩ දාල පිළිගන්නේ. පිරිවෙන් වලින් ඉගෙනගන්න සිල්වත් හාමුදුරුවරු ඕනේ තරම් ඉන්නවා.
කව්රු කව්රුත් තමුන්ගේ මොලේ තරම තමයි ක්‍රියාවෙන් පෙන්වන්නේ.
අනේ අපේ මහා සංඝ රත්නයට ගිය කලක්.
හතරවෙනි පින්තූරෙ ඉස්සරහින්ම ඉන්නෙ මෙහෙණියක්ද ?
සිංහල බෞද්ධ කිසිකෙනෙක් මේ විරෝධතා වල ඉන්න හාමුදුරුවරු සිටින පන්සල්වලට දානය දෙන්න එපා, එතකොටවත් ඒ පන්සල් වල නායක හාමුදුරුවරුන්ට තමන්ගේ ශිෂ්‍ය හාමුදුරුවරු හදාගන්න පුළුවන් වේවි.
ගමනින් ශාන්තවූ, පැවැත්මෙන් සංවරවූ පින්තූරයෙ සිටින භික්ෂුන්ට මාගේ වැඳුම වේවා !
මේ සෛටම් එක කෝටිපතියන් සඳහා ඇති කරනලද එකකි මෙහි හිමිකරු අදික මුදල් ඉපයීම සඳහා අටවාගත් බව පොදු මහජනයා තේරුම් ගත්විට මෙයට ඉක්මන් විසඳුමක් ලැබේවි
අනිච්චාවත සංකාරා තමා ඉතින්, මේ ඉන්නේ අනාගත හිමිවරු , මේවා බොරු ආතල්
චීවර ධාරීන්ට මේ වැඩ කැප නැහැ !
කිසිම ශීල වන්ත බවක් නැතිව රැවුල් කොන්ඩ වවාගෙනනේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ.... මෙහෙම ගියෝතින් බුද්ධාගමත් විනාශ වෙනවනේ...
භික්ෂු පෙරමුණේ ගිහි තරුණ පිරිසත් ඉන්නවා.. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මෙහෙම තමා ගිහියන්ට ධර්මනුකුල ජීවිතයකට මග පෙන්වන්න ඕන.... නේද?
වෛරයෙන් වෛරය නොසන්සිඳේ? ඒ ඉස්සර , දැන් කාලේ කියන්නේ සතුරාට වෛර කරමු.. කියලා තමයි.. මෙවැනි ඇතැම් චීවර ධාරීන් නිසා බුද්ධ ශාසනයත් විනාශ වෙනවා..
මේ අපි ගරුකරන බුදුපුතුන්ද? අපේ බුදුදහමට නිගරුකරන පිරිසගෙන් බුදුසසුන බේරාගැනීමට කාලය ඇවිත්ය.
භික්ෂුන් වහන්සේලාට සරසවිය තහනම් කල යුතුය. ඔවුන් ඇතුළත් කල යුත්තේ භික්ෂු පිරිවෙන් සරසවිවලටය. මෙහෙම් ගියොත් අපිට ඉතිරිවෙන්නේ කොණ්ඩේ බැඳපු, රැවුල් වවපු කට්ටිය තමයි.
යවන්නයි තියෙන්නේ සිරියාවේ ISIS ත්රස්තවාදීන් ගාවට... එයාලා හොයනවා විනාශකාරී ක්‍රියාවන් කරන අය එයාලාගේ මැරෙන අයගේ හිස්තැන් පුරවන්න.
බුදුහාමුදුරුවෝ වැඩහිටියා නම් මේ සඟ උද්ඝෝෂණ බලන්න බැරිව ආයේම පාරලෙය්‍ය වනයට වැඩම කරනවා...
මේ ගොල්ලන්ට හිතට එන දේවල් කිව්වොත් අපිට පව් පිරවෙනවා. kap ගේ අදහසත් අනුමත කරමි. මගේ සහෝදරයත් කිරින්දේ නිමලව ආරණ්‍යයේ ඉන්නේ... හැබැයි එහෙ ඉන්න අය නම් බොහොම සීල්වන්ත අය... ඒ වගේම දුෂ්කර ජිවිත ගත කරන අය.