(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සයිටම් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සහ විපක්ෂව අද කොළඹ නගරයේ උද්ගෝෂණ දෙකක් පැවැත්වීමට නියමිත නිසාවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටා ඇති විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල සහ කොළඹ ජාතික රෝහල අවට පොලිස් කැරලි මර්දන ඒකක බැටන් පොලු සහ කඳුළු ගෑස් විදින සහිතව යොදවා තිබෙනු දැකිය හැකිය.
එම උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් විරෝධී උද්ගොෂණයට ඔලු පැලෙන්න බැටන් ප්‍රහාර, හරහට අල්ලලා කොටු කරලා ඇඟටම ගහන කඳුළු ගෑස්, තරු විසිවෙන්න දෙන වතුර පාරවල්. සයිටම් වෙනුවෙන් කරන උද්ගොෂණයට පොලිස් ආරක්ෂාව, පොලිසියෙන් බිස්කට් සහ සිසිල් බිම. අද බලන්න පුළුවන් නීති නවන නැවිල්ල.
ඉතිහාසයේ අදුරු සිදුවීම් යලි නොවේවායි පතමි.
මොනවද තවත් මේ ඉල්ලන්නේ?