(කාංචන ආරියදාස)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කිරී ගොවීහු අද (25) දඹූල්ල නගරෙයේදී විරෝධතාවක් කළහ.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මේ වනවිට රටපුරා කිරි ගොවින් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් දිනපතා කිරි ලීටර් දහස් ගණන් මහපොළොවට හලා විනාශ කරන බවත් කියන විරෝධතාකරුවෝ කිරි ගොවීන්ට ලබාදෙන්නට රජය ගෙන්වූ කිරි දෙනුන් දේශපාලකයන්ට බෙදා දීමට විරුද්ධ බවද පැවසීය.
පසුව ගොවින් කර තියාගෙන ගෙන ආ දියර කිරිවලින් ගොවියෙක් නහවනු ලැබීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපිත් දියර කිරි තමා භාවිතා කළේ... කිරි නිෂ්පාදකයින් නිවාස හා ආපන සල්වලට කිරි බෙදා දීම නතරකර ලොකු සමාගම්වලට කිරිදෙන්න පටන් ගත්තා. ඔන්න ඔයගොල්ලන්ට වැරදුණු තැන.... දියර කිරි නැති නිසා ජනතාව කිරිපිටි වලට හැරුනා. දැන් එක වෙනස්කරන එක ලේසි නැහැ....
කිරිවලින් ඔක්කොම කිරිගොවීන් ටික නෑව්වනම් ඉවරයිනේ...
මේ ගොවියෝ දිහා බැලුවම පේනවා නේද තඩි බඩවල් දාගත්ත ,මහජන මුදලින් සුර සැප විඳින අය නෙමෙයි කියලා. මේ මිනිස්සු මහන්සි වෙන්න බැහැ කියන්නේ නැහැ. නිකම් දෙනකන් ඉන්නෙත් නැහැ. තමන්ගේ ජීවිකාව කරගන්න තියෙන ප්‍රශ්න විසඳන්නයි ඉල්ලන්නේ. හැම දේටම ඇමතිලා නම් තොග වශයෙන් ඉන්නවා.වැඩක් කරන්න එකෙක්වත් නැහැ.
එන එල් ඩී බී එක හයිලන්ඩ් එක තවත් ශක්තිමත් කරලා, ඔය පින් පඩි ගන්න රජයේ සේවකයින් එළවලා වැඩක් කරන්න පුළුවන් හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් ඔය ආයතන වලට බදවා ගත්තානම් මේ ප්‍රශ්න නැහැ
ඔබලාට ප්‍රශ්න තියෙන බව ඇත්ත. එත් මෙලෙස කිරි විනාශ කරමින් හැසිරෙන එක වැරදියි. මොකද ඔයාලා ඔය විසි කලේ අම්මා කෙනෙක්ගේ ලේ. ඔයාලාගේ බඩ වියත රැක දෙන ඒ අහිංසක සතාගේ ලේ. මේ ක්‍රමය වැරදියි...
ගොවින් කර තියාගෙන ගෙන ආ දියර කිරිවලින් ගොවියෙක් නහවනු ලැබීමට වඩා ඔය නගරයේ බඩගින්නේ ඉන්න මිනිස්සු ටිකකට ඔය කිරි ටික බෙදල දුන්නා නම් තමයි නියම ජයක් වෙන්නේ...
මම රටවල් කීපයකම ජීවත් වෙලා තියෙනවා. කිරි පිටි වලට ඇබ්බැහි වෙච්ච ජාතියක් දැක්කෙ ලංකාවේ විතරයි. ඒ හැම රටකම වගේ සතියක් විතර කල් තියාගන්න පුළුවන් විදියට ප්ලාස්ටික් බෝතල් වල අසුරන ලද කිරි හෝ කල් තබාගත හැකි යූ.එච්.ටී පෙට්ටි වල අසුරන ලද කිරි බහුල ලෙස වෙළඳපොලවල්වල තියෙනවා. අපේ රටේ ඒ ක්‍රම ඇති කරන්න බැරි ඇය? යූ.එච්.ටී ක්‍රමයට ශීතකරණ අවශ්‍ය වෙන්නේ නැහැ.