ජනපති මෛත්‍රී කැන්බරා නුවරදී මහෝගනී පැළයක් සිටුවයි ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 24 May 2017
සියලු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලති ‘සුරකිමු පිංකෙත සිංහල බලවේගය‘ ඇතුළු තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් අද(23) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. 23 May 2017
මිහින්තලේ - අනුරාධපුර ආසන සංවිධායකවරු පත්වීම් ලිපි ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 23 May 2017
’ශාක්‍ය රාජධානිය’ ඉදිකරන්න කොරියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක් පිළියන්දල’ කහපොළ ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය කෙරෙන ’ශාක්‍ය රාජධානිය’ පිළිබඳව කොරියානු Ilchon Chon සංවිධානයේ සභාපති කිම් සියොන්ග් ක්යු (Kim Seong Kyu) හිමියන් හා කොරියානු ආයෝජකයන් පිරිසක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද(23) පෙරවරුවේ සිදුවිය. 23 May 2017
පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව නිමාවෙයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. 22 May 2017
වෛද්‍යවරු විරෝධතා පාගමනක වෘත්තීය සමිති මර්දනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) කොළඹ දී විරෝධතාවයක නිරත විය. 22 May 2017
කැබිනට් ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම්දුන්හ. 22 May 2017
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් රැසක් අමාරුවේ විශ්ව විද්‍යාල සිසුන්ට ජල සහ කදුලූ ගෑස් ප්‍රහාර එල්ල කිරිම සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක ලද වැඩ වර්ජනය හේතුවෙන් දුර බැහැරින් රෝහල කරා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගිහු විශාල පිරිසක් මහත් දුෂ්කරතාවයකට පත්වුහ. 22 May 2017
ඇත් අලි පොරයෙන් අලියා මියයයි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පලුපිටිය ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හා ඇතෙකුගේ පොරයකින් වන අලියා අද උදැසන මිය ගිය බව වනජීවි නිළධාරීහූ පවසති. 21 May 2017
සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කෙරෙති අරණායක සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කිරීමේ වර්ෂ පූර්ණ පිංකම අද (20) හත්ගම්පල මහා විද්‍යාලයේදී පැවැත්විනි. 20 May 2017
ජාතික රණවිරු සැමරුම් උත්සවයෙන් ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි. මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. 19 May 2017
නාවික හමුදා රණවිරු සැමරුම් උළෙලින් අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමී උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි. 19 May 2017
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරෙයි රුපියල් මිලියන 316 ක මුදලකින් ඉදිවූ මන්නාරම් නව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අද (19 ) විවෘත කිරීමේ උත්සවය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. 19 May 2017
සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ. 18 May 2017
අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති අතර ග්රෑැන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරුළපන ඇතුළු කොළඹ ප්රරදේශ රැසක වාහන තදබදයක් ඇති වී තිබේ. 18 May 2017
ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18) කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. 18 May 2017
යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මුලතිව් හි හර්තාලය අවසන් යුද්දයෙන් මියගිය වැසියන් සිහි කරමින් අද (18) දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි. 18 May 2017
සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස් අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 17 May 2017
අරණායක රාමසර කන්ද පාමුල එදා සහ අද 31 දෙනකු පස් යට වළලා දමමින් 96 දෙනෙකු අතුරුදන් කරමින් නාය ගිය රාමසර කන්ද බැලීමට එදා වැල නොකැඩී ගිය මහා ජන ගඟ අද නැත. ඒ ඛේදජනක සන්ධ්‍යාව ගෙවී ගොස් අදට හරියටම අවුරුද්දකි. දැන් එම ප්‍රදේශයේ මූසල සොහොන් පිටියක මෙන් කැළේ වැවී තිබේ. 17 May 2017
නේපාල ජනපතිනිය පිටත්ව යයි අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි නේපාල ජනපති බිද්යා දේවි බන්ධාරී මහත්මිය කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගියාය. 16 May 2017
උතුරු මැද පළාත් රණවිරු සැමරුම් උත්සවයෙන් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ උතුරු මැද පළාත් රණවිරු සැමරුම අද (16) අනුරාධපුර රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. 16 May 2017
ඉන්දීය හෙලිකොප්ටරය රැගෙනයි පසුගිය 10 වැනි දා ඉන්දිය අගමැතිගේ පෙර ගමන් ගුවන් නිරික්ෂණයට පැමිණි ඉන්දීය හෙලිකොප්ටරේ යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ ගාල්කර තිබු අතර අද (16) පෙරවරුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ යතාතත්වයට පත් කරගෙන ආපසු රැගෙන ගොස් ඇත . 16 May 2017
ගේට්ටුව කඩාගෙන ලොරියක් යාමෙන් රතු - කොළ කොඩි යළිත් දෑතට ගාල්ල-කොළඹ මාර්ගයේ බෙන්තර පාලම අසල දුම්රිය හරස් මාර්ගයට යොදා ඇති දුම්රිය ගේට්ටුව කඩා දමමින් ලොරි රථයක් ධාවනය කිරීම නිසා දුම්රිය පැමිණෙන අවස්ථාවලදී රතු කොඩි මගින් වාහන නතර කිරීමටත්, කොළ කොඩි මගින් දුම්රියට යාමට සංඥා දීමටත් ගේට්ටු කරුවන්ට සිදු වී ඇත. 16 May 2017
නාවට්කුලි සුමන විහාරස්ථානයේ චෛත්‍යයට මුල්ගල තබයි යාපනය දිස්ත්‍රීක්කයේ නාවට්කුලි සිංහල ගම්මානයේ පිහිටි සමිති සුමන විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවති චෛත්‍යයක් ඉදිකිරීමට සමස්ත ලංකා කලණ මිතුරු දහම් සභාවෙන් පියවර ගෙන තිබේ. ඒ සඳහා සමස්ත ලංකා කලණ මිතුරු දහම් සභාවේ සාමාජික හිමිවරුන් පිරිසක් නාවක්කුලි ගම්මානයට ගොස් මුල් ගල් තැබූහ. 16 May 2017
මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත දේශිය වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ලද දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ කසළ බැහැර කිරීමේ අංශය මගින් රැස් කරඇති බව එම ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්. හේමන්ත මහතා පවසයි. 15 May 2017
ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්. සරවනබවන් මහතා පවසයි. 15 May 2017
ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයෙන් ශ්‍රි ලංකාවේදී සැමරුණු 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය අද (14) පස්වරුවේ මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයේදී පැවැත්විණි. 14 May 2017
යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි මධ්‍යම පළාතේ සීඝ්රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බා ශාකය පරිසර පද්ධතියට දැඩි බාධාවක් එල්ල කරන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි. 14 May 2017
දිය පොදක් සොයා තැන තැන යති වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත් එය කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවු බවත් මේ වන විට පවුල් 5,000ත් 15,000ත් අතර සංඛ්‍යාවකට බිමට ජලය නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටින බවත් ප්‍රදේශවාසීහු කියති. 14 May 2017
ඉන්දීය අගමැති ගියත් හෙළිකොප්ටරය නවතී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිකුරාදාම පිටත්ව ගියේය. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භාවිතය සදහා මෙරටට ගෙන්වු ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක ඇති වු කාර්මික දෝෂයක් නිසා එය මේ වන විට මහනුවර අස්ගිරිය පොලිස් ක්රිඩාංගනයේදී නවත්වා තිබේ. 14 May 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025