ලහි ලහියේ මැයි දිනයට සැරසෙති
මැයි 1 වැනිදාට යෙදෙන කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ දින කිහිපයක සිටම ඒ සඳහා සූදානම් වෙයි. එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේ ද, ජනතා විමුක්ති පෙරමුණ බීආර්සී පිටියේ ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැටඹේ ද, ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර පිටියේද, දෙමළ ජාතික සන්ධානය අම්පාරේදී ද මැයි දින රැලි පවත්වයි.