(සෙනරත් බණ්ඩාර)
මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය ආයතනය ජනසතු කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (26) ගලහා හන්දියේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
පුද්ගලික වෛද්‍ය ආයතනය අහෝසිකරන ලෙස ඉල්ලා නගර සියයකටත් වඩා දැනුවත් කිරීම් හා උද්ඝොෂණ කළත් දේශපාලන පක්ෂ හා සමාජ සංවිධාන ඉල්ලීම් කළත් ආණ්ඩුව නිසි පියවරක් නොගත් බව එම ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසීය.
එයට විසදුම් ලෙස වෙළද දැන්වීම් දමන බවත් දේශපාලකයින් එයට විසදුම් ලෙස ‘පාළුගේයි වලං බිදිනවා‘ ලෙස කටයුතු කරන බවත් ඔහු කීවේය.
ජනතාවගේ විරෝධතාවයන් අපහසුකම් නොතකා අධ්‍යපනය විකිණීමේ ප්‍රතිපත්තිය කරගෙන යන බවත් ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන හරක් රැලක්.
මේ අය ඉගෙන ගන්නද ආවේ නැත්නම් උද්ගෝෂණ කරන්නද විශ්වවිද්‍යාල ආවේ. මම 3 පාර සාමාන්‍ය පෙළ සමත් වුනේ. උසස් පෙළ ඔක්කොම අසමත්. අද මම එංගලන්තේ ගිහිල්ලා 2 nd class upper සිවිල් ඉංජිනේරු උපාධිය අරගෙන Senior Consulting Engineer කෙනෙක් හැටියට අවුරුදු 30 ක් ඕස්ට්‍රේලියාවේ වැඩ. ඔයාලගේ විශ්වවිද්‍යාල වලින් සමත් වෙලා මටත් වැඩිය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සම්මාන ගත්ත මට වැඩිය උසස් ඉංජිනේරුවරුලා මගේ යටතේ වැඩ. මේ කරුණාකරලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඉගෙන ගන්න මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැතුව. ඔයාලා වගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වෙන ශිෂ්‍යන්ට මොලේ තියනවා.
මිනිස්සුන්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනේ. බංකොලොත් දේශපාලන පක්ෂයකට උවමනා විදියට ඔවුන්ගේ රෙගුලාසි වලට අනුවද ජනතාව ඉගෙනගත යුත්තේ?
පව් මෙයාලා. කගේ වුනත් දරුවොනේ...
පව් අනේ මෙයාල උපාධිය ගන්නේ අපේ සල්ලි වලින් ඒත් දොස්තරලා වුනාට පස්සේ අපිවම ගසා කනවා
මොන සයිටම්ද අද තියෙන්නේ කුණු කඳු ප්‍රශ්නයක...
අනේ දීලක අනේ රොමේෂ්....ඔය කියන වෙද විදුහලක ශිෂ්‍යයෝ. ගොඩක් මොලේ එහෙම තියෙන අයද... කට පාඩමට දක්‍ෂ අයද...කට පාඩමට දක්‍ෂ අය බෙහෙත් දෙන්නේ කොහොමද...කොච්චරක් ...හිතන්නේ නැතුව...කොච්චරක් ඒගොල්ලෝ මරයිද?
පුද්ගලික රෝහල් හොඳ නම් , ටියුෂන් කඩ හොඳනම් පුද්ගලික විශ්ව විද්‍යාල නරක මොකද ?
බැලු බැල්මට මේ අයගෙන් පාරේ යන එන මහජනයාට හිරිහැරයක් නැහැ. එමනිසා, මේ අයගේ විරෝධතා ව්‍යාපාරය තව අවරුදු 2-3 කලත් අපිටනම් ප්‍රශ්නයක් නැහැ.
මට දුක දැනට ඉගෙන ගන්න උවමනාවෙන් ඉන්න ළමයි ගොඩකට මේ සුළු කට්ටියකට විරුද්ද වෙන්න බැරි නිසා (බලෙන් කරන තල්ලු කිරීම නිසා ) අපරාදේ වයසට යනවා. ඉගෙන ගන්නත් නෑ විභාගත් නෑ. අසරණ වෙලා.