වල් අලි වනයේම තියාගන්න අලිවැට අලුත්වෙයි වල් අලි ගම්වැදිම වැළැක්වීමට පැති තල කම්බි විදුලි අලි වැටට මිටර් දෙකකට ආසන්නයෙන් සවි කරන බව වන ජීවි නිළධාරිහු පවසති. වල් අලි ගම් වදින ස්ථාන ඉලක්ක කරමින් ඒවා සවිකරන බවද ඔවුහු කියති. 12 April 2017
අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වෙයි සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය. 11 April 2017
අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන් පොළොන්නරු ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග්රඵලයෙන් සකස් කරගත් අලුත් සහල් බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත්‍රය වන අගසස් දානය හෙවත් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 10 April 2017
උතුරු දුම්රිය වව්නියාවේදී පීලි පනී කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රිය අද (10) උදෑසන වවුනියාව දුම්රිය ස්ථානයේදී පිළිපැන ඇති බව වවුනියාව දුම්රිය පාලක මැදිරිය කියයි. 10 April 2017
හෙළයේ මහ ගොවියාගේ අලුත් සහල් මංගල්‍ය මහ ඉහළින් හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (8) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස දී පැවැත්විණි. 08 April 2017
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමින් විවිධ පළාත් වලින් පැමිණි වෛද්‍යවරු සහ සරසවි සිසුහු අද (7) ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත වුහ. 07 April 2017
මහානායක හිමියන් සමුගනිද්දී මහින්ද - මෛත්‍රී හමුවෙති අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය පැවැති කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එකිනෙකා මුණ ගැසී ආචාර සමාචාර දැක්වූහ. 07 April 2017
වෛද්‍ය වර්ජනයේ මානුෂික මුහුණුවර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය. 07 April 2017
සයිටම් විරෝධී වෛද්‍ය වර්ජනය ඇරඹෙයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන වැඩ වර්ජනය රටපුරා රෝහල්වල ක්‍රියාත්මක වෙයි. 07 April 2017
දවුල්දෙන මහ නාහිමියෝ දැයෙන් සමුගනිති අපවත්වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ දේහය සහිත චිතකයට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ දී අද(6) සවස ගිනි දල්වනු ලැබිණි. 06 April 2017
කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට පසුගිය ජනවාරි 6 වැනිදා සිට මාස 3ක කාලයක් ප්‍රතිසංවර්ධන කටයුතු සදහා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08 ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කර සුපුරුදු ගුවන් කටයුතු සඳහා අද(6) යළි විවෘත කෙරිණි. 06 April 2017
දවුල්දෙන ඤාණිස්සරාභිධාන යතිවරයාණන්ට පිං පමුණුවති අපවත් වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නා හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ. 06 April 2017
ලෝක ශූරයෝ කවදත් එකටම 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ඉදිකෙරෙන ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ ව්‍යාපෘතිය හඳුන්වාදීම සඳහා ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැති උත්සවයට 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනාගෙන් 11 දෙනකුම සහභාගි වී සිටියහ. 06 April 2017
ගෝනාවලදී බසයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප්‍රදේශයේදි අඩි තුන්සියක ප්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්යක්ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි. 05 April 2017
කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි. 05 April 2017
රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය එළිදකී ප්‍රවීන ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතා සම්පාදන කළ ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය‘ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදී පැවැත්විණි. 04 April 2017
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය විරෝධතාවට කඳුලු ගෑස් විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල සිදුවන කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය 04 April 2017
අගමැති ජර්මන් කතානායක හමුවෙයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණ අග්‍රමාත්‍ය කාර්යාලයේ දි අද (04) පැවැත්විණි. 04 April 2017
විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින්ට ජනපති සම්මාන රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින් වෙනුවෙන් සම්මාන ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 04 April 2017
කටුනායක ධාවන පථය බ්‍රහස්පතින්දා යළි විවෘත වෙයි වසර 1986 දී අතුරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැරණි ධාවන පථය ප්‍රතිසංවර්ධනය කර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (6) පස්වරු 12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. 04 April 2017
දවුල්දෙන ඤාණිස්සර මහානායක ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව අපවත් වී වදාළ ශ්‍රි ලංකා අමුරපුර මහා නිකායේ මහානායක දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ දේහයට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (4) අවසන් ගෞරව දැක්වීය. දේහය නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානය තැන්පත් කර ඇත. 04 April 2017
වැඩිහිටි මවුපියෝ විවාහ වෙති වයස අවුරුදු 75 ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10 ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල් නැව නැගම්පහ අලිවංගුව ගමේදී දැකගත හැකිවිණි. 04 April 2017
පේරාදෙණි සරසවි සිසුහු නේවාසිකාගාර හැරයති පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය සරසවියේ සිසුහු අද (4) සිය නේවාසිකාගාරවලින් ඉවත්ව නිවෙස් කරා ගියහ. 04 April 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් භෝජන සංග්‍රහයක් දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. 03 April 2017
දැව ජාවාරම්කරුවෝ ලග්ගල වනය වනසති කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කළ ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන අයුරු 03 April 2017
ජනපති මෛත්‍රී තරුණ සමුළුවේදී විසඳුමට ජවයක්, තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් තරුණ සමුථව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුථව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලූ ඉදිරිපත් කළ තරුණ ප්‍රජාව මෙවර ගැටලූවලට විසදුම් හා යෝජනා රැගෙන සමුථවට එක්වීම ද විශේෂත්වයකි. 03 April 2017
ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් වෙයි ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියමක් පෙන්වමින්. 02 April 2017
කලාකරුවන්ගේ දිවියේ සැඳෑ සමය එළිය කරන වැඩපිළිවෙලක් බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද තම විශ්වාසය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැසීය. 01 April 2017
වෙළෙඳ සංකීර්ණය කඩා දැමීමට ආවෝ ආපසු යති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති ස්වයං රැකියා වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් උත්සහා කළ ද එහි වෙළෙඳුන්ගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක විය. 01 April 2017
අගමැති සමග සෙල්ෆි ඡායාරූපයක් අටවැනි යොවුන් පුරයට සහභාගි වීම සඳහා අද (31) පස්වරුවේ ත්‍රිකුණාමලයට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට තරුණ තරුණියෝ උනන්දු වූහ. සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරූපය පසෙක තබා දිවයිනේ සතර අතින් පැමිණි තරුණ තරුණියන් හමුවි සුහද සාකඡාවක නිරත වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පසුබට නොවීය. 31 March 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025