හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (8) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබුණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
අනතුරුව වස විස නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ විසින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කරන ලදි.






2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙළයේ මහ ගොවියාගේ අලුත් සහල් මංගල්‍ය මහ ඉහළින්
daham Saturday, 08 April 2017 12:40 PM
මේ සැරේවත් රස්තියාදුවක් නැතිව වී ටික විකුණගන්න ගොවියන්ට ජය සිරි මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලැබේව.
gamaya Saturday, 08 April 2017 01:57 PM
කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවා!!! වී ගබඩා පිරෙත්වා ... අරලිය දියුණු වෙත්වා
menna Saturday, 08 April 2017 03:24 PM
වෙන පත්තරේක රටේ සහල් අර්බුදයක් තියෙනවලු. පිටරටින් හල් ගෙන්නනවාලු. මේ පින්තුර දැක්කහමනම් එහෙම හිතෙන්නේ නැහැ. මේ පින්තුර වල ඉන්න අයටනම් කිසිම අහේනියක් පෙන්නේ නැහැ. ලංකවේ ඇත්ත මොකක්ද කියල තේරුම් ගන්න අමාරුයි.
SUNIL WIJESENA Sunday, 09 April 2017 12:05 PM
ඔක්කොම ගොවියෝ සහ ගෙවිලියෝ මඩ ගාගෙන...
Ranjith Monday, 10 April 2017 05:36 AM
මේ සහල් පිට රටින් ගෙනාපු ඒවාද ?
nihal Monday, 10 April 2017 06:27 AM
ගොවියාට දහසක් ප්‍රශ්න තිබෙද්දී සහල් මංගල්‍යවලට කෝටි ගණන් වියදම්කර උත්සව පැවත් වීමෙන් ප්‍රයෝජනයක් තිබේද?