බස්රථ එක තීරුවක පමණක් ධාවනය වන නියමු ව්‍යාපෘතිය අද සිට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් (බස් ප්‍රමුඛතා මංතීරු) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා අද (12) සිට ක්‍රියාත්මක කෙරිණි. 12 March 2017
වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පතට ලෙස සම්මාන දිනා ගත්තේය. 12 March 2017
ශ්‍රම මංකොල්ලයට එරෙහිව වතු සේවා සංගමය විරෝධතාවක ඉල්ලීමි ගණනාවක් මුල්කර ගනිමින් තේ වතු සමාගම් වලට එරෙහිව ලංකා වතු සේවා සංගමය ‘ශ්‍රම මංකොල්ලයට එරෙහිව නැගි සිටිමු‘ මැයෙන් හැටන් බස්නැවතුම්පල අසල විරෝධතාවක නිරත විය. 12 March 2017
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මංගල්‍යයට ලක්ෂ 3 ක් එති තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික චතාරික මංගල්‍යය අද (12) පැවැත්විණි.ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 12 March 2017
කච්චතිව් දෙව් මැදුරේ මංගල්‍යයට 6000 ක් එති කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද(12) යාපනය දියෝකිසය භාර රදගුරු ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. 12 March 2017
වාර්තාවත් රැගෙන අර්ජුන් මහේන්ද්‍රන් එයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වාර්තාවක් බාරදීමට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම පිළිබඳ ජනපති කොමිසට අද (10) පෙරවරු 9.20 ට පැමිණියේය. 10 March 2017
උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවක ස්ථීර රැකියා ලබා දෙන්නැයි ඉල්ලමින් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු උතුරු පළාත් සභාව ඉදිරිපිට දී අද (09) විරෝධතාවක නිරත වූහ. රජයේ නව රැකියා දස ලක්ෂය උතුරට මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් යුද සමයේ ඉතා අසීරුවෙන් ලබා ගත් උපාධියට කිසිදු වටිනාකමක් ලැබී නැති බවත් විරෝධතාකරුවෝ පවසති. 09 March 2017
අගවිනිසුරු දළදා වැඳ ආශිර්වාද ලබයි ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (08) මහනුවර ශ්‍රි දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අගවිනිසුරුවරයා ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගැනිමෙන් පසු වරකාගොඩ ඥානරතන අස්ගිරි මහානායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 08 March 2017
ලොතරැයි අලෙවි නියෝජිතවරියන්ට නොමිලේ අලෙවි කුටි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මුදල් අමාත්‍යංශය සංවිධානය කළ වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවි නියෝජිතවරියන් සඳහා නොමිලේ අලෙවි කුටි ප්‍රදානයක් අද (8) සිදු කෙරිණි. 08 March 2017
අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියහ. 08 March 2017
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම් පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි. 08 March 2017
රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ දී තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් කේක් කපා හිටපු ජනපති ඇතුළු මන්ත්‍රීන් හා සිය බිරිඳ හා පවුලේ අය සමග එය සැමරීමට එක්විය. 07 March 2017
පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට් අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය. 07 March 2017
මීතොටමුල්ල කුණු කන්දට විරෝධය මීතොටමුල්ල කුණු කන්දට තවදුරටත් කුණු එකතු කිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (6) විරෝධතාවයක් පැවැත්වූහ. 06 March 2017
නාවලඩියේ ධීවරයෝ සතුටින් මඩකලපුව නාවලඩියේ මුහුදු තිරයෙන් ප්‍රමාණයෙන් තරමක් ලොකු හාල් මැස්සන් රැසක් අද උදේ අල්ලා ගත් බවට ධීවරයෝ කියති. කාලගුණය වෙනස් වීමෙන් ධිවර රැකියා නොමැතිව අපහසුතාවෙන් සිටි ධීවරයෝ මේ නිසා සතුටට පත්ව සිටිති.. 05 March 2017
සීතලෙන් බේරෙන්න වෙහෙසෙන රිලා රංචුවක් මේ දිනවල පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සීතලෙන් බේරීමට රිලා රංචු වෙහෙසෙති. තම සිරුරේ උෂ්ණත්වය රඳවා ගැනීමට පැටවුන් ද තුරුළු කරගෙන රැහේ එකතුවෙන් ගුලිගැසී හිරු රශ්මියක් ලැබෙන තුරු එකටම සිටින මේ රිලා රංචුව කැමරා කාචියට හසුවූයේ බදුලු ඔයේ දුන්හිඳ ඇල්ලේදී ය. 05 March 2017
වීදියබණ්ඩාරගම නව ගම්මානය ජනතා අයිතියට පාලීන්දනුවර පැලෑදේ ඉදිකළ වීදිය බණ්ඩාරගම නව ගම්මානය නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී. 03 March 2017
ඛණිජ තෙල් සංස්ථාවට අලුත්ම බවුසර් 10 ක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ආයතනයට ලීටර් 264,000 ධාරිතාවයකින් යුත් නවීන බවුසර් 10 ක් ලබාදීමේ උත්සවය ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව බවුසර් රථ අංගනයේදී පැවැත්විණි. 02 March 2017
අග විනිසුරු දිවුරුම් දෙයි නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 02 March 2017
කාන්තා හඬ අවදි කරන්න අගමැති බිරිඳත් එයි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී අද (1) පැවැත්විණි. 01 March 2017
කැලෑ පාළුවෝ සීගිරිය රක්ෂිතය වනසති සිගිරිය අභයභූමියට අයත් සිගිරිය හා පිදුරංගල ගල් දෙක අතර පුරාවිද්‍යා හා වනජීවී කලාපයේ දැව ජාවාරමේ නියුතු බාල වයස්කරුවකු හා ඔහුගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්බව වනජීවී කාර්යාලය කියයි. 01 March 2017
පරිපූරක වෛද්‍යවරු උද්ඝෝෂණයක පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) කොළඹ දී විරෝධතා පාගමනක් පැවැත්වීය. 28 February 2017
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. 28 February 2017
ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිලාවතුර මරිච්චිකට්ටි පැරණි මුස්ලීම් දේවස්ථානය අසලින් ආරම්භ කෙරණි. 28 February 2017
එයාර් බස් A 320 neo ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතෙන් ගෙන්වූ එයාර් බස් A 320 neo දරණ ගුවන් යානය අද (27 වැනිදා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සම්ප්‍රදායානුකූලව ජල ආචාර මැදින් පිළිගනු ලැබිණ. 28 February 2017
කාලෝ ෆොන්සේකා බලන්න ජනපති යයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) කොළඹ ජාතික රෝහල වෙත ගියේය. 28 February 2017
විජය ග්‍රැෆික්ස් උපාධි ප්රදානෝත්සවය දා විජය ග්‍රැෆික්ස් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 28 February 2017
ජීවිත බිළිගත් කන්දක කඩාවැටීම මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී එක් අයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පස් කන්දට යටවූ තුන්දෙනකු සොයා කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ක්‍රියාත්මකව සිටිති. 28 February 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025