සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ආයතනයට ලීටර් 264,000 ධාරිතාවයකින් යුත් නවීන බවුසර් 10 ක් ලබාදීමේ උත්සවය ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව බවුසර් රථ අංගනයේදී පැවැත්විණි.
ආයතනය සතු වසර 20ක් පමණ පැරණි ධාවනයට අපහසු තත්ත්වයෙන් යුත් බවුසර් රථ වෙනුවට මෙම රථ ලබා දී ඇත.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛනිඡ තෙල් සංස්ථාවට නැතුව මේ බවුසර් වෙන කොහෙට ගන්නද මේව රජයක් විසින් කළ යුතු දේවල්..නොකර හිටියනම් තමා වැදගත් මේව කළ යුතු දේවල් නෙමේද ?
මේකෙන් කීයක් ගැහුවද දන්නෑ .පට්ට හොරු
මේ වගේ දේවල් වලට උත්සවයක් ඕන නෑ. වැඩ විතරක් තිබ්බම ඇති. මිනිසුන්ට පෙන්න වැඩ කරන්න ඕන නෑ හරියට වැඩ කරනවානම් රට ගැන හිතලා
බලන්න මේ ඇමතිතුමාගේ මෝඩකම මේකට උත්සවයක් ඕනෙද? වෙනත් රටවල මීට වඩා ලොකු වැඩක් කළත් මේවගේ වැඩ කවදාවත් දැකලා නෑ. රෑට පාර හදනවා. උදේ වෙනකොට ඒ පාර මිනිසුන්ට යන්න එන්නත් පුළුවන්. අපේ රටේ ලොකු වියදමක් දරලා උත්සවයකුත් ගන්නවා
සෑම බව්සර් 10 කටම එකක් නොමිලේ එතකොට මේ බව්සර් ගත්තේ කවුද.?
උත්සව ඕන මිනිසුනේ මට 2 නොමිලේ ලැබෙනවා.
අලුත් බව්සර් නමුත් පසුබිමේ තෙල් ටැංකි මලකඩ කාලා හේතුව කොමිස්
තියෙන බව්සර් ටික පුරවගන්නත් තෙල් නැහැ. තවත් දහයක් ?...