(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් (බස් ප‍්‍රමුඛතා මංතීරු) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා අද (12) සිට ක‍්‍රියාත්මක කෙරිණි.
අත්හදා බැලීමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය අද සිට සතියක කාලයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මෙම ප‍්‍රමුඛතා මංතීරුව ඔස්සේ බස් රථ, පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථ මෙන්ම කාර්යාලයීය සේවකයින් ගෙන යන වෑන් රථ ආදී පොදු ප‍්‍රවාහන සේවාවන් සඳහා පමණක් ඉඩකඩ සලසා ඇත.
පෞද්ගලික වාහනවල පැමිණෙන අයට මෙයින් අපහසුතාවක් ඇතිවුවහොත් ඉවසීමෙන් කටයුතු කරන්නැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඔස්ට්‍රලියාවේ නගරබද පාරවල් වල අවරුදු ගණනක් තිස්සේ කරගෙන යනවා. හැබයි දේශපාලකයන්ටත් එකම නීතිය තියෙන්නේ. ඇමතිතුමා ඔස්ට්‍රලියාවෙන් පාඩමක් ඉගෙනගෙන ඇවිත් වගේ.
ඩුබායි රජයට එසේ කිරීමෙන් තමා හොඳ ප්‍රතිපලයක් ගෙනදුන්නා.
හොඳ වැඩක්.
ඇත්තටම හොදයි. ඒ වගේම එතකොට මග නවත්තන් ඉන්න බැහැ නේද. එකත් එක්කම බස් වලට ඕවටෙක් කරන එකත් තහනම් කරන්න ඕන.
බොහොම හොඳ අදහසක්, දැන් බස් වලට කොට කොටා යන්න බෑ , නියමිත ගමන් වාරයේදී ආරම්භයත්, නියමිත වෙලාවේදී ගමනාන්තයට යාමත් සිදුවේ නම් එය මගියාට මෙන්ම රටටද වැඩ දායකයි....
මෙය ඉතා හොඳ උත්සහයක්. ලෝකයේ නගර බොහොමයක බස් වලට මෙවැනි මන්තීරු වෙන් කරලා තියෙනවා. මේකෙන් ප්‍රයිවෙට් බස් කොට කොටා යන එක අඩු කරන්න පුළුවන්. අනිකුත් ප්‍රධාන නගර වලද මෙම ක්‍රමය පටන්ගන්න.
හොඳ වැඩක්. දිගටම කරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. ලෝකේ දියුණු රටවල මෙහෙම තියෙනවා.
ඔන්න ඕවා තමයි වැඩ, හැබැයි දිගටම කරන්න ඕන.