
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) කොළඹ දී විරෝධතා පාගමනක් පැවැත්වීය.
පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවාගැනීම් පටිපාටිය සංශෝධනය කර උපාධිධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීම ඇතුළු කරුණු දහයක් පදනම් කරගෙන විරෝධතාවය පැවැත්විණි. ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ මාර්ගය වසා උද්ඝෝෂණයේ නිරතවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
A/L වත් නැතුව වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත් පරිපුරක වෛද්‍ය සේවය රජයේ රෝහල්වලට අමතරව ලියාපදිංචි වෛද්‍යවරු ලෙස ගමක් ගානේ ඇති පෞද්ගලික බෙහෙත් කඩවල වසර 10 කටත් වැඩි කාලයක සිට රෝගීන්ට ප්‍රතිකාර කරති. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත් ආකාරය කෙසේවෙතත් පරිපුරක වෛද්‍ය සේවය රෝගීන්ට සහනයක් නිසා වෛද්‍ය සභාව සයිටම් වලට මෙන් පරිපුරක වෛද්‍යවරුන්ගේ වෛද්‍ය විද්‍යා දැනුමේ ප්‍රමිතිය බාල නිසා රෝගීන් මිය යන බව නොකියයි. (ලැජ්ජා නැතිව ප්‍රමිති සටනට ඔවුන්ගේ සහයද ලබා ගැනීමට කටයුතු කරයි.)