(ශාන්ත සෙනෙවිරත්න)
දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියහ.
එසේ පැමිණි පිරිස හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලමින් උසාවිය දුන් වාරණ නියෝගයක් මාළිගාවත්තේ දී පොලිසිය ඔවුනට බාර දුන්නද එය නොතකා පාගමනින් පැමිණි පිරිස් කොළඹට ඇතුළු වූහ.



(ඡායාරූප - ඉෂාන් සංජීව)


(ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කර ගන්න බැරි බව සහ කිසිම ප්‍රශ්නයක් විසදන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. තව තවත් ජනතාවට දුක් නොදී, රට විනාස නොකර කරුණාකර ඉවත් වෙලා යන්න. ජනතාව කරන්න පුළුවන් පිරිසක් පත් කර ගනීවි.
ෆේස්බුක් එකේ අඬන සයිටම් අම්මලාගේ හඬ මදිවෙයි වාගේ.
අනේ මෙහෙමත් බූරු රැලක්
දහම් ආණ්ඩුවකට බලය දීලා තියෙන්නේ අවුරුදු පහකට. ඊට පස්සේ ඔයා කැමති කෙනෙක් පත් කර ගන්න.
අනේ අපරාදේ මිනිස්සුන්ගේ කාලය රස්තියාදුව
ලංකාවට ඕනි හොඳ පපුවක් තියෙන හොඳ මොලයක් තියෙන රටට ආදරේ හිට්ලර් කෙනෙක්.
අධිකරණ නියෝග කඩාපු පෙළපාළි සංවිධායකයන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?
නිදහස් අධ්‍යාපනයට ජයවේවා
අනුන්ගේ වෙලාව කන තමන්ගේ ඉගෙනීමට තියෙන වෙලාවත් කන මෙහෙම කාලකන්නි වෙනත් රටවලත් ඉන්නවද.
දොස්තරලාගේ මාෆියාව පේනවා නේද? සල්ලි පෙරේත කමට මුන් අම්ම තාත්ත වුණත් විකුණයි.
ජනතා පරමාධිපත්‍යය රටේ සෑම බලයකටම වඩා බලවත් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. රටේ ප්‍රධාන ආයතන තුනම වග කියන්න ඕන රටේ ජනතාවට, ජනතාව පාරට බහින තැනට වැඩ කිරීමෙන් සිදුවෙන්නේ ලොකු හානියක්.
එලව එලවා පහර දිය යුතුවේ
ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට ජයෙන් ජය!
වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන් තම කුසලතා පෙන්වන අතර අපේ රටේ විශ්වවිද්‍යාල සිසුන් අතකොලුවෙලා තම මෝඩකම් පෙන්වනවා.
අන්තරය බලහත්කාරයෙන් ළමයි ගෙනෙන්නේ . එ්ක පැහැදිලි සත්‍යයක් .