අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනපති දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතා කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් පැවසීය.
විසඳුමට ජවයක්, තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් තරුණ සමුථව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුථව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලූ ඉදිරිපත් කළ තරුණ ප්‍රජාව මෙවර ගැටලූවලට විසදුම් හා යෝජනා රැගෙන සමුථවට එක්වීම ද විශේෂත්වයකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එක්තරා පුවත්පතකට, කළ ඔබ තුමා ප්‍රකාශ කළ පුතත් මේ සබාවේ ඉන්නවා, එයාට තනතුරු දීල නැහැ ,ආදී ප්‍රකාශ .ඔබ තුමා නොදන්නවට ජනතාව දන්නවා පුතත්, දුවත් කරන කෙරුවාවන්. මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා උගුරට හොරා බෙහෙත් කන්න එපා කියල.ඔබ ඔය කියන්නේ රාජපක්ෂලා ගැන කියල ඕනෙම ගොනෙකුට තේරෙනවා.ඔබ තුමා කළේ මොකක්ද?