(කාංචන කුමාර ආරියදාස )
වයස අවුරුදු 75 ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10 ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල් නැව නැගම්පහ අලිවංගුව ගමේදී දැකගත හැකිවිණි.
මෙසේ ජිවිතයේ සැඳෑ සමයේ නීතියෙන් විවාහ වුයේ දරුවන් පස් දෙනකු ගේ මව්පියන් වූ අලිවංගුව ගමේ පදිංචි ඩී .ජනා (75)සහ එච් .ඒ .සෝමාවතී (65) දෙන්නා ඇතුළු මේ ගමේ විවහා නොවී නමුත් අඹු සැමියන් ලෙසින් එකට ජීවත්වූ පිරිසකි.
ගල්නෑව නෑගම්පහ අලිවංගුව ගමේ ජිවත්වන පවුල් 30 කට අයත් ජනතාව පොදු පහසුකම් හෝ දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොමැතිව මෙන්ම ආහාර හිගයකින් පෙළෙන බවද පසුගියදා මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි .
මෙම ගම යාචක පවුල් පදිංචි වී නිර්මාණය වුවකි. යාචක පවුලකින් පැවත එන ශාන්ත කුමාර නමැති අයකු විසින් මේ ගම්මානය නිර්මාණය කරගෙන සිටී. මේ පිළිබඳ අවධානය යොමු කළ නිවාස ඇමැති සජිත් පේමදාස මහතා ගේ උපදෙස් පරිදි සියලු දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ගමේ පදිංචි පවුල් 30කට ස්වයං රැකියා වැඩපිළිවලක් ආරම්භ කර දී තිබේ.
විවාහ නොවී එකට සිටින පිරිස් විවාහ කරදීම, හැඳුනුම්පත් උප්පැන්න සහතික ආදී අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීමේ ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විට්ටර් අන්කල් විවාහ උනාද? විවාහ කෙරෙව්වද? කියල අපි දැනගන්නේ කොහොමෙයි?
එදා කටවචනෙට විවාහ ගිවිසගෙන අවුරුදු ගාණක් වයසට යනතුරු නොවෙනස්ව විවාහ ජීවිත් ගතකළ සදාචාරාත්ත්මක ජාතියක් දැන් පරාදීන වෙලා, බන්දලා මාස ගාණෙන් උසාවි. දික්කසාද නඩු ලක්ෂ ගණන් උසාවියේ පල්වෙනවා.
පුංචි ප්‍රේමදාසගෙ හොද වෑඩක්.
ඉතාමත් හොද වැඩක්