1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ඉදිකෙරෙන ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ ව්‍යාපෘතිය හඳුන්වාදීම සඳහා ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැති උත්සවයට 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනාගෙන් 11 දෙනකුම සහභාගි වී සිටියහ.
96 ලෝක ශූරයන්ගේ කණ්ඩායමට ඇතුළත් වූ චමින්ද වාස් මේ වන විට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින අතර මුත්තයියා මුරලිදරන්ද ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බව දැනගන්නට ඇත. මේ වන විට ඉතාමත් කාර්ය බහුල සමාජ සේවයකයකු වී සිටින රොෂාන් මහානාම කලින් එකඟව සිටි උත්සවයකට සහභාගි වී සිටි බව වාර්තා විය.
මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.

(ඡායාරූපය - ශමීර රාජපක්ෂ)
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක ශූරයෝ කවදත් එකටම