IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපති සිරිසේන මහතා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ෂාරියාර් ඛාන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය නස්මුල් හසන් සහ එහි විධායක නිලධාරී නිසාම් උද්දින් චෞද්රි යන මහත්වරුන්  සහ ඔවුන්ගේ  පවුල්වල සාමාජිකයෝද සහභාගී වී සිටියහ.



අදහස් (12)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

daham Monday, 03 April 2017 08:33 AM

කොහොමද සරල ජනපතිගේ වැඩ. අරලියගහ මන්දිරේ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් වෙනුවෙන් නවීකරණය කරපු එක මහ ලොකුවට විවේචනය කරපු මෙයා කොහොමද මේ මන්දිරේට කරලා තියෙන සුපිරි වියදම්.

:       431       767

akilaMonday, 03 April 2017 09:30 AM

ඔය ජනපති මන්දිරේ වැඩකරපු කෙනෙක්ද? මොනවද? කරලා තියන වෙනස්කම්

:       388       252

kap Monday, 03 April 2017 09:58 AM

දහම්, ඔයා පින්තුරෙන් කොහොමද ඔච්චර විස්තර කියන්නෙ? ඔයා මේකෙ ඇතුල මීට පෙර දෑකලා තියෙනවද?

:       159       130

channa Monday, 03 April 2017 10:24 AM

ඔය ප්‍රවෘත්තිය දාන්න ඕන මෙහෙමයි. රටේ ජනතාවගේ බදු මුදලින් ජනාධිපතිතුමා ක්‍රිකට් කණ්ඩායමට භෝජන සංග්‍රහයක් දුන්න. ඒ අතර දවසට බිස්කට් 3ක් කාල ජීවත්වන මිනිස්සුත් ඉන්නවා.

:       105       376

wedage Monday, 03 April 2017 11:13 AM

සනාට සහ කළුට අත් දෙක තියාගෙන ඉන්න විදිය හරිම ආදරනියයි... !!!

:       59       117

Gallage Monday, 03 April 2017 11:35 AM

ඔව් දැන් මෙයාට අඩු මෙටික තමා. මිනිස්සුන්ට එදා වේල පිරිමහ ගන්න නැතුව නොකා නොබී ඉන්න වෙලාවේ.

:       1       119

saman Monday, 03 April 2017 12:12 PM

දැන් එතකොට විස්සයි විස්ස විතරද ක්‍රිකට් වල තියන්න එතකොට ටෙස්ට්, එක්දින මැච් අනාගෙන පැරදුනේ ලංකාව නෙවි වෙන්න ඇති. සොරි අනේ නිකමට් ලියුන ටීම් එක හෝදගෙන පරදිනෝ පත්තර ටීවී චැනල් වලට‍ පේන්න දිනන ඒවා විතරයි .ලංකාව ඔච්චර ලොකු ටීම් එකක් නෙවි. මේ අවුරුද්ද මැච් 6 දිනන ඒ වගේ 4 ගුණයක් පරදි ඔය සංග්‍රහය ධවල මන්දිරයේ තියන්න තිබ්බ

:       87       211

saman Monday, 03 April 2017 02:58 PM

තමන්ගේ අතින් වියදම් කරලා දීල වගේ. අපරාදේ බොරු ෂෝ වලට වියදම් කරන ජනතාවගේ සල්ලි. ඔය සල්ලි ටික අර වහල කඩ වැටිලා ළමයි තුවාල වූනා වගේ ඉස්කෝලෙකට දුන්න නම් කොච්චර වටිනවද.

:       0       45

ranil Tuesday, 04 April 2017 02:58 AM

බංගලාදේශ අයටත් පරදින අපේ කණ්ඩායමට මෙන්න රජ මගුල්

:       0       22

maal Tuesday, 04 April 2017 04:21 AM

ඔය කලු සහ සනා බෝයිස් වගේ අද ඕපන් කරන්න සඳුන් වීරක්කොඩියි නිරෝෂන් දික්වැල්ලයි දිගටම දැම්ම නම් සාර්ථක ප්‍රතිපල ලැබෙන්න ඉඩ තියෙනවා. හැමතිස්සෙම අත්හදා බලන්න එපා එක් දින තරග වලට.

:       0       0

sopi Tuesday, 04 April 2017 06:51 AM

ක්‍රිකට් ..... ආ ...... එහෙම ක්‍රීඩාවක් තාමත් ලංකාවේ තියෙනවද ..?

:       0       0

daham Tuesday, 04 April 2017 07:34 AM

මාරාන්තික උණ වසංගත 3 කින් රටම ගිලගනිද්දී සහ රටේ බොහෝ මිනිසුන් හරිහැටි ආහාර වේලක් නොකන කාලයක රටේ ජනාධිපති තම ප්‍රතිරූපය නැග්විම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග භෝජන සංග්‍රහ මහ ඉහලින් පැවැත්වීම කිසිසේත් අනුමත කල නොහැක

:       17       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site