කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි.
ඒ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ කොළඹ දෙසට වන මං තීරුව අවහිර වී දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. කන්ටේනරය එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව පොලිසිය කියයි.




(ඡායාරූපය - ශාන්ත සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් ප්‍රවාහනය දුම්රියෙන් කල යුතුය. මුළු ලෝකයේම කරන්නේ එකයි. කොමිස් ලබන දේශපාලකයින් , මිනිස්සු මහ මග මැරුණත් මෙවැනි දේ නොකරනු ඇත.
රොෂාන් ඔබගේ අදහස හොඳයි . නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න අමාරුයි . වරායේ ඉඳලා දුම්රිය අංගනයටත් නැවත ගමනාන්තය අසල දුම්රිය පොලේ සිට නියමිත ගමනාන්තය දක්වාත් දෙවරක් ලොරි කුලියට ගන්නවාට වඩා ඒක ලොරියකින් මුළු ගමනම යන එක පහසුයි .ඒ හැර දුම්රිය සේවකයින් එක්ක වරක් දෙකක් ගනුදෙනු කලාට පසු ව්‍යාපාරිකයන් නැවත කිසිදාක දුම්රියෙන් මේවා ප්‍රවාහනය කරන්න යන්නේ නැහැ .
කන්ටේනර් ධාවනය රාත්‍රී 10ත් අලුයම 5ත් අතර කාලයට සීමා කල යුතුයි.. බොහෝ දිනවලට ඉගුරුකඩේ හංදියෙ කෝච්චිය වගෙ කන්ටේනර් පෝලිම.. කලර් ලයිට් තුන් වතාවක් පත්තු උනත් වෙනත් වාහනවලට යන්න බැරිවෙන වෙලාවල් තියෙනවා කන්ටේනර් පාර හරහ නිසා..
දුම්රිය පාරවල් ලංකා හැමතැනටම නැතිබව ඔබ දන්නේ නැද්ද රොෂාන්?මේ දේශපාලුවෝ දුම්රිය මාර්ගවල් හැමතැනටම දාන්නේ නැත්තෙ,එමගින් මිනිස්සු පහසුවෙන් යතී කියල බයටය
ක්‍රම දෙකක් ඇත, කර්මාන්තපුර තෙක් දුම්රිය මාර්ගය ඉදි කිරීම. කොළඹින් පිටතට දුම්රියෙන් ගෙන ගොස් එතනින් ලොරි වලට බෙදා හැරීම. මෙය එක උදාහරණයක් විතරයි. අපි දුක් විදින්නේ ආකල්පමය ප්‍රශ්නයක් නිසා මිසක් සල්ලි නැති හින්ද නෙමෙයි.
රොෂාන් ගේ කතාව හරි දැනටමත් කොළඹ වරායේ සිට පිටතට දිවෙන දුම්රිය මාර්ගයක් තිබෙනවා ,කටුණායක නිදහස් වෙලද කලාපය අසලින් හා කොග්ගල නිදහස් කලාපය අසලින්ද දුම්රිය මාර්ගය යනවා මේවා පාවිච්චි කරලා කන්ටේනර් ප්‍රවාහනය ආරම්භ කලහොත් ප්‍රධාන වශයෙන් මාර්ග තදබදය අඩු වෙන අතර විදිමත්ව සැලසුම් සහගතව කටයුතු කලහොත් කන්ටේනර් ප්‍රවාහනය සදහා යන වියදමත් අඩුවන අතර රටේ ඉන්දන පාරිභෝජනය අඩුවීම හේතුවෙන් විදේශිය විනිමයද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිවනු ඇත.
ලංකාවේ දුම්රිය පාරවල් තියන්නේ ගෙවල්වලටත් යන්නේ මහා පාරේ මේවා වෙනස් කරන්න කිසිවෙකුට අවශ්‍ය නැහැ
ලෝකයේ දියුණු රටක නම් පොලිස් ආරක්ෂක වාහන දහයක් පහළොවක් මෙතනට ඇවිල්ල