
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කරන ලබන ප්‍රජා සත්කාරක සේවාවලින් එකක් වන පානීය ජලය පිරිසිදු කිරීමේ තවත් ව්‍යාපෘති 5 ක් අද (28) ජනතා අයිතියට පවරන ලදි. ඒවා අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාලය, පදවිය ශ්‍රී පුර ජයන්තිපුර විද්‍යාලය, හොරොව්පොතාන රස්නකවැව, වව්නියාව මාමඩුව සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන ස්ථානයන්හි ස්ථාපිත කොට තිබේ.
වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ඒවා සිදුකෙරේ.
මහබුලංකුලම මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 1670 කට සහ එම ප්‍රදේශයේ පවුල් 1725 කට, ජයන්තිපුර විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 695 කට සහ එම ප්‍රදේශයේ පවුල් 897 කට, රස්නකවැව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1452 කට, මාමඩුව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 926 කට සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1796 ක් සදහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව තිබේ.
මහබුලංකුලම මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ සහ අනෙකුත් ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලබා දි ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජනතා අයිතියට පවරන්න කලින් එක කාගේද? ආණ්ඩුවේ නේද? එතකොට ආණ්ඩුව කියන්නේ ජනතාව නෙවෙයිද?
අපේ රටේ 60% - 70% පමණ දෙනෙක් ආහාර පිසීමට ගන්නේ මැටි මුට්ටි. ඒ මැටි බොහෝ විට ලබා ගන්නේ කුඹුරු වලින්. කුඹුරුවලට ගහන තෙල් බෙහෙත්වල අඩංගු සංයෝග මැටිවලට එකතු වෙනවා කාලයක් තිස්සේ. මේ මැටි භාජන සවිවරයි. ඒ කියන්නේ මේ භාජන වල කුඩා සිදුරු තියෙනවා. ඒ නිසා මේ මැටි වල තියෙන heavy metals පිසින ආහාර වලට එකතුවෙන්න පුළුවන්. අපේ රටේ වකුගඩු ප්‍රශ්නයට මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මට මතකයි අපේ අම්මලා මැටි භාජන ආහාර පිසීමට ගන්න ඉස්සෙල්ල දහයියත් එක්කල රත් කරලා කළු කර ගන්නවා. එතකොට ඒ කාබන් අංශු වලින් මේ සිදුරු වැහිලා යන්න පුලුවන්. විශේෂයෙන්ම අපේ රටේ වතුර සීතල කර ගන්නට පාවිච්චි කරන ගුරුලේත්තු වල මේ තත්වය බොහෝ අනාරක්ෂිතයි. අපේ පාසල් වලත් කියල දෙනවා ගුරුලේත්තු වල ක්‍රියාකාරිත්වය. මේක මට හදිසියේ හිතට ආපු දෙයක්. මේ ගැන විධිමත් පර්යේෂණයක් කරනවා නම් හොඳයි.
රණවිරුවෝ විසින් මෙච්චර හොඳ වැඩ කළත් දෙමළ මන්ත්‍රීවරු කියන්නේ හමුදාව උතුරෙන් යවන්නයි කියලා.
වටිනා වැඩක් කරලා අඩු ගාණෙ PVC පයිප්ප කරාම දාල, කොල්ලො, කුරුට්ටෝ මේවා කඩලා දැම්මාම නිකන් ජලය අපතේ යාවි...