හිරාන් ප්‍රියංකර ජයසිංහ
කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් එම පරිසරය වනසා දමා විල්පත්තුවට හානි කරන බව එළුවන්කුලම වන ජීවි කාර්යාලයේ නිළධාරිහු චෝදනා කරති.
පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් කෙළවර ආසන්නයෙන් මුහුදට ගලා බසිනා කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් කුඩාරම් ගසමින් දින ගණනක් කාලය ගත කරමින් ඔය දෙපස කුඹුක් ගස් අසල ගිනි මැල ගසති. කුඹුක් ගස් මුල ලිප සකසා ගිනි දල්වමින් කර ඇති විනාශය නිසා මේ වන විට කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් ගිනි ගැනිමට ලක්ව ඇති බව දැක ගත හැකියි.
මෙයට අමතරව කළාඔයේ සුන්දර වැලි තලාව වනසා දමමින් පොලිතින් හා අනිකුත් දැ තැනින් තැන දමමිනි. මෙම වැලි තලාව බේබද්දන්ගේ රජ දහනක් කර ගනිමින් ඇති ආකාරයත් එසේ භාවිතා කල මත්පැන් බොතල් කුඩුකර දමා ඇත්තේ මිනිසෙකුට තබා සතෙකුටවත් අවිදිමට නොහැකි පරිද්දෙනි.
කලා ඔය අසල රාත්‍රිය ගත කරන ඇතැම් සල්ලාලයින් ද නැතුවා නොවේ. ඔවුන්ගේ නොමනා ක්‍රියා නිසා කළාඔය ට උඩින් වු විල්පත්තුව වන උයන විනාශ වනවා පමණක් නොව එහි වෙසෙන සතුන්ද අවදානමට මුහුණ දෙති.
මෙම පරිසර විනාශයට බලපත්‍ර ලබා දි ඇති වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව කලාඔය ස්නාන තොටුපලට පැමිණෙන සැම වාහනයකින් එක් වරකට රුපියල් 50 බැගින් අය කරයි. කෙසේ වෙතත් මෙම මුදල අය කරන්නේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව මගින් ලබා ගනු ලබන්නේ කොන්ත්‍රාත් කරුවන් විසිනි.
නමුත් මෙම කොන්ත්‍රාත්කරුවන් විසින් මුදල් අය කිරිමට පමනක් කටයුතු කරන බව පෙනි යන්නේ දිය ස්නානයට පැමිනේන පිරිස් සිදු කර ඇති අපරාධයට කිසිම විටකදි ක්‍රියාත්මක වි නොතිබිම නිසාවෙනි .
දිය ස්නානයට පැමිණේන පිරිස් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් නාම පුවරු කඩා දමා ඇති අයුරුත් වන සංරක්ෂණ දේපාර්තුමේන්තුවට අයත් මායිම් කනු ලිප් කනු සදහා ගලවා ඇති අයුරුත් දැක ගත හැකිව තිබේ. මේ සියල්ල සිදුවන විටදි වගකිව යුතු රාජ්‍ය ආයතන නිහඩ ප්‍රතිපත්තියක සිටිම පුදුමය දනවයි.
මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්.එන්.එම් . චිත්‍රානන්ද මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවන් කතාවකි.
අදාල ස්ථානය නිරික්ෂණය කරන්න මම ගියා ඒ නිරික්ෂණයට වන ජීවි නිළධාරින් , වාගේම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාවත් සහභාගි කරගත්තා .එහිදි මේ වන විට සිදුව ඇති අපරාධය මම දැක්කා බරපතලම තත්වයක් ඇතිවි තිබේන්නේ.
ගස් මුල් ලිප ගිනි තබා පුච්චලා පොලිතින් සැම තැනකම දාලා . මේ නිසා මම වහාම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාව දැනුවත් කලා මින් පසු මෙම ස්ථානයේ දිය නැමට පැමිනේන කිසිවකුටත් ගිනි ඇවිලිමට ඉඩ නොදෙන්න ඒ වාගේම රැගෙන එන පොලිතින් සියල්ල දමන්න බැගයක් හදුනා දෙන්නත් දැන්වුවා .එයට අමතරව පැමිණෙන සැම වාහනයකින්ම රුපියල් 500 ක මුදලක් රදවා ගෙන රුගෙන යන සියලු අපද්‍රව්‍ය ආපසු රුගෙන විත් භාර දිමේන් පසුව රැදවුම් මුදල ලබා දිමටත් යෝජනාවක් කලා ඒ නිසා ඉදිරියෙදි කළාඔය විනාශ කිරිම නවතී යැයි දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය.
|
|
|
|
![]() |
|
|
|
|
|
|
|
|
|
|









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් පිළිබිඹු වන්නේ අපේ මිනිසුන්ගේ ඇති නූගත්කම සහ අාත්මාර්ථකාමීත්වයයි. මෙවැනි පරිසරය විනාශ කරන අයට සිර දඬුවමක් දීම වඩාත් සුදුසුයි.
තමන්ගෙ රටට ආදරයක් නැති මිනිස්සු ඉන්නකොට ඔහොම තමා
මෙවැනි දේවලට දැඩි දඬුවම් පමුණුවන නීති සකස් කෙරීම පරිසර ඇමතිගේ බරපතල වගකීමකි. ඒ සඳහා වෙනම ආරක්ෂාව සැපයීම ග්‍රාම ආරක්ෂක සේවයට ලබාදිය හැකිය. මෙවැනි ක්‍රියාවලින් පෙනෙනුයේ රටේ විනය අන්තයටම පිරිහී ඇති බවකි.
මේ නැහැදිච්ච ලාංකිකයන්ගේ දස්කම්
මේ කුඹුක් ගස් විනාස කර තිබෙන හැටි දැක්කම හරිම වේදනාවක් ඇතිවෙනවා. මේ මිනිස්සු තමන්ගේ වත්තක තියෙන ගස් වලට මෙහෙම කරන්නේ නැහැ නේද? එක කොස් ගහට සහෝදරයෝ මිනීමරාගන්න රටක තමයි පොදු ස්ථාන මෙහෙම කරන්නේ. රට ගැන හැඟීමක් ඇති වෙන එක කුඩා කාලෙම මනසට ඇතුල් විය යුතුයි. මේ විනාසය නැවත්වීමට සුදුසු දඩ ගැසීමක් මේ ස්ථානයට ඇති කරන්න.
මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට දැඩි ආරක්ෂක කලාපයක් කර හමුදා කදවුරක් පිහිටවන එක හොදයි. මේ විනෝදයට එන මිනිසුන් මහා අදමයන් පිරිසක්. මෙලෙස වනය වනසා දැමීම සාපරාධි ක්‍රියාවක්.
අපි අපගේ ස්වභාවික සම්පත් විනාශකර තත්වයන් උග්‍ර වූ විට පවතින රජයන්ට දොස් පවරන්නෙමු. මේ පරිසර පද්ධති විනාශ කිරීම සෘජුවම මිනිසා ඇතුළු සත්ව සංහතියටම බලපාන බව මේ මිනිසුන් තේරුම් නොගන්නේ ඇයි. මා දකින ආකාරයට මෙයට මුලික හේතුව අපගේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු සහ අපගේ මිනිසුන්ගේ ඇති මත් ද්‍රව්‍ය භාවිතයයි. බෞද්ධ රටක් යැයි මහත් උජාරුවෙන් කියාගන්නා අපිම මත් ද්‍රව්‍යත් සමගම විනාශය කරා ගමන් කරමින් සිටින්නෙමු. ඇයි අපිට බැරි අප රටෙන් සදහටම මත් ද්‍රව්‍ය තුරන් කරන්න. (හරියට අරාබි රට වල වගේ)
ඒ වුනාට අපේ අය කෑගහන්නේ නම් ගස් කපනවා පරිසරය විනාස වෙනවා කියල.
සමාජමය වශයෙන් අපේ රට රැකුණේ අපේ මිනිස්සු නිසා. දැන් ඉන්නේ තමන්ට තමන් ගැනවත් හැගීමක් නැති මිනිස්සු ටිකක්. මිනිස්සුන්ගේ පරිසරය දේශපාලන විෂබීජයන්ගෙන් පිරිලා. හැගීම් දැනීම් වලට සහ පරිසරයට සංවේදී නැති වෙනස්ම මිනිසුන් විපරීත කාලේ බිහි වෙලා. රටක මුල්පෙළ වංක සහ අවනීතික වනවිට නීතිගරුක මිනිස්සු ඒ රටේ වැළලිලා ගිහින් මතුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්ම අංකුර ටිකක්. අපේ රට ගැන දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ.
කිසිම සදාචාරයක් නැති, පරිසරයට ආදරයක් නැති අනිත් අයගේ නිදහසට බාධාවක් නොවන සේ ජිවත් වීමට නොදන්නා ජන කොට්ඨාසයක් බවට පත්වීගෙන යයි. දැඩි නීති නැතුව මේවා වැළැක්වීම අසීරුය. මක්නිසාදයත් මෙවැනි සදාචාර අප තුලින් ගිලිහි ගොස් හමාරය.
ගෝත්‍රික මානසිකත්වය ,,,,,
පරිසරයට ආදරය නොකරන, සොභාවධර්මයාගේ වටිනාකම නොදන්නා නුගත් මිනිසුන්ගේ පහත් වැඩ වලට දැඩි දඩුවම් ලබා දිය යුතුය.
අප ස්වභාවික ගස් වැල් තුරුලතා ආරක්ෂා කරන පරිද්දෙන් වනයද අපව සුරකිනු ඇත !!
මේ ඔක්කොම වනසන්නේ බේබද්දෝ , ලංකවේ ප්‍රසිද්ධ ස්ථාන වගේම මේ වගේ වැදගත් ස්ථාන වල මත්පැන් බීම නවතන්න දැඩි නීති ගෙන්න ඕනේ