(තිලක නවරත්න )
එතෙර අපි සංවිධානයේ නාපොලි ශාඛාවේ මහා සමුළුව ඉතාලියේ නාපොලි නගරයේදී පැවැත්විණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී , ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ සමුළුවේ මුලාසන දේශනය පවත්වන ලද්දේද අනුර දිසානායකමහතා විසිනි.
නාපොලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වය ද උණුසුම් පිළිගැනීම ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලැබිණි. එක්ස් ඔෆ්.ජි සංවිධානය ඇතුළු ඉතාලියේ ප්‍රගතිශීලී ව්‍යාපාරවල නියෝජිතයෝ පිරිසක්ද මෙම සමුළුවට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර මහත්තයලගේ ඔය කියන පරමාදර්ශී සමාජවාදී, රුසියාව, චීනය, කියුබාව වගේ රටවල් වලට ජනතාව රැකියා සඳහා නොයන්නේ ඇයි කියලා පහදලා දෙන්න එතුමාට පුලුවන්ද දන්නේ නැහැ? ධනවාදී ආර්ථික ක්‍රමය ඇලජික් එතුමා සහ ගෝලයෝ ටික ඉතාලිය වැනි ධනවාදී ආර්ථික ක්‍රමයක් පවතින බටහිර රටවල් වලට යන්නේ යට කලිසම් ඇඳගෙනද කියන එක තමයි අපට තිබෙන ප්‍රශ්නේ? ඉතාලි ජනතාවගේ වාසනාවකට, හැම දේටම මහ පාරට දක්කන්න පුළුවන් මී හරක් රංචුවක් ඉතාලියේ නැතිව ඇති? නැත්නම් ඉතින් අපේ රටේ ඉරණමම තමයි අද ඉතාලියටත් අත්වෙන්නේ.
ලංකාවේ රෝහල් වලට එන දුප්පත් මහජනතාව අමතක කර, දොස්තරලාගේ පැත්ත ගත්තු අනුර කුමාර එතෙර ඉන්න මිනිසුන් ගැන කතා කරන එක විහිළුවක් නේද?
එන ගමන් අයර්ලන්තෙත් වැඳගෙන එන්න. විජිත