IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කන්දකුලියේ මෝය කට වැසීයාමෙන් ධීවරයෝ අමාරුවේ වැටෙති

ජුඩ් සමන්ත

කල්පිටිය - කන්දකුලිය මෝය දැවැන්ත වැලි පරයකින් වැසී යාම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම ප්‍රදේශයේ ධීවරයෝ පවසති.  කන්දකුලිය ප්‍රදේශයේ ධීවර සමිති 06 ක් ආශ්‍රිතව ධීවර පවුල් 700 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර,ඔවුන් සතුව එක් දින යාත්‍රා 300 කට ආසන්න ප්‍රමාණයක් ඇත. මෙම සියළුම ධවර යාත්‍රා මුහුදට පිවිසෙන්නේ කන්දකුලිය මෝය කටෙනි. නමුත් සෑම වසරකම මේ කාලයේදී මෙකී මෝය කට දැවැන්ත වැලි පරයකින් වැසී යයි. 

ධීවර සමිති විසින් විටින් විට යන්ත්‍ර යොදා ගෙන මෙකී වැලි පරය ඉවත් කිරීමට කටයුතු කරන අතර, එය තාවකාලික පැළැස්තරයක් පමණක් බව ඔව්හු කියති. පවතින මෙම තත්ත්වයට ස්ථීර විසදුමක් ලබා දෙන බව අවස්ථා කීපයකදීම තම ගමට පැමිණි දේශපාලකයින් පොරොන්දු රැසක් දී තිබුනත් ඒ සියල්ලද මේ වන විට වැලි කන්ද සමග වැසී ගොස් ඇති බව කන්දකුලිය ධීවරයෝ කියති. 

වැසී ඇති වැලි කන්ද මතින් දිනපතා බෝට්ටු එහා මෙහා කිරීම සදහා අමතර වැයක් තමන්ට දැරීමට සිදුවී ඇති බවත්, වාරකන් සමයේ අඩු මාළු අස්වැන්නක් ලැබෙන මේ කාලයේ පවතින තත්ත්වය තමන්ට කෙසේවත් ඔරොත්තු නොදෙන බවද ඔවුන් කියා සිටිති. 



අදහස් (1)

කන්දකුලියේ මෝය කට වැසීයාමෙන් ධීවරයෝ අමාරුවේ වැටෙති

kumar (galf) Monday, 01 May 2017 05:39 AM

දේශපාලන වැලි මුදලාලි කෙනෙකුට නිකන් වැලි ගෙනියන්න අවසර දෙන්න. මෝයකටත් ඇරේවි. මුදලාලි තර වෙවී. දේශපාලනඥයාගේ මල්ල සරුවේවී...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site