මීතොමුල්ල කුණු කන්දේ යටින් පැවැති කොටස දිරා යාම හේතුවෙන් එයින් කොටසක් නිවාස මතට කඩා වැටුණු අතර තවත් කොටසක් නිවාස දෙසට තෙරපීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය නිශ්චය වශයෙන් ගණන් බැලිය නොහැකි තත්තවයක පවතී.
කුණු කන්ද නාය යාම නිසා හොඳින් පැවැති නිවාස පසෙකට තල්ලු වී ඇලවී තිබේ. මෙම සිදුවීමෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 100 කට වැඩි බව ප්‍රදේශවාසීහු කියති. ඇ.තැම් නිවාස ඇලවීම හේතුවෙන් ඒ අසළ පිහිටි තවත් නිවාස වලට තර්ජනයක් එල්ලව පවතින අතර ත්‍රිරෝද රථ මෙන්ම යතුරු පැදිද යටවූ දේපල අතරට එක්වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ප්‍රදේශයේ පදිංචි නමුත් විපතින් දිවි ගලවාගත් අයකු පැවසුවේ තමන්ගේ ඥාතීන් පිරිසක් සිංහල අවුරුදු දා සිය මව බැලීමට පැමිණි බවත් කුළියට ගත් ත්‍රීරෝද රියේ රියැදුරා ඇතුළු ඥාතීන්ද ආගිය අතක් සොයා ගැනීමට බැරි බවයි.
ඡායාරූප : ගයාන් අමරසේකර














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුප්පත් මිනිසුන්ගේ විනාශය රජයවල් දෙකක් විසින් වෙන්නට ඉඩදී බලා සිටියා. පාර්ලිමේන්තුව වටකර මේ අය අත් අඩංගුවට ගත යුතු නොවේද ? දේශපාලකයන්ගේ අධිසුඛෝපභෝගී වාහන සියල්ල විකුණා දුප්පත් ජනතාවගේ වෙනුවෙන් යෙදිය යුතු නොවේද? ජනතාවට වැඩ කළහැකි අය අවශ්‍ය නොවේද ?
මෙය සුනාමිය,මිරියබැද්ද,අරනායක මෙන් ස්වාභාවික විනාශයක් නොවේ. සාලාවේ මෙන් අත් වැරදීමක්ද නොවේ. මෙය හුදෙක් බලලෝභී දේශපාලකයන්ගේ නොදන්නාකම නිසාම සිදුවුවකි. මේ කුණු කන්ද වෙන තැනකට ගෙන යාම හැර මේ දේශපාලකයින්ට වෙනත් විසඳුමක්ද නැත. කුණු කසල සම්පතක් ලෙස හිතන්නට නොහැකි දේශපාලකයින් සිටිනා තුරු මෙයට විසඳුමක්ද නැත.
මමත් මීතොටමුල්ල පදිංචි කරුවෙක්... මොනවා හරි උදව්වක් කරන්න මමත් කැමතියි. දැන්වත් මෙම කුණුකන්ද ඉවත් කරන්න කරුණාකරලා මම ඉල්ලා සිටිනවා ජනාධිපති තුමාගෙන්. අසරණ ජනතාවට පිහිට වෙන්න මුළු ශ්‍රී ලංකා පුරවැසියෙක්ම. පව් අසරණ ජනතාව... කුණු කන්දට යටවුනු මගේ සහෝදර සහෝදරියන්ට නිවන් සැප ලැබේවා... !!!
අවිනිශ්චිත වෙන්නේ කොහොමද???