සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද (15) පැවැත්විණි.
අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ විසින් ඡනාධිපතිතුමාගේ හිසතෙල් ගල්වන ලදි.
ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ බස්නායක නිළමේවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - චමිල් රුපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි...!!
අරහේ මිනිස්සු මැරෙනවා. මෙහෙ තෙල් ගානවා. වෙන රටක නම් ජාතික ශෝක දිනයක්. බලන් ගියහම පොහොසත් පවුලක කෙනෙක් ජනාධිපති උනානම් හොඳයි. උන්ට දුක තේරෙනවා දුප්පත් එවුන්ට වඩා...
මයිත්ත්‍රී හරිම ප්‍රොපෙෂනල්! බයියන්ට ඕව තේරෙන්නෙ නෑ
මහින්දගේ කාලේ මේක වුණානම් මෙතනට කලින්ම යන්නේ එ් අය තමයි. මේ රටේ මිනිස්සුන්ගේ දුක බලන්න ආවාට වඩා ජනපතිට ඉසතෙල් ගාන එක වැදගත් වෙලා...
රන්ජිත් මහතා කිව්වා වගේ. මේ අයට දැන් තෙල් ගාගන්න එක තමයි ප්‍රශ්නේ. අරහේ මිනිස්සු මැරිලා ඉන්න එකේ.
මෙයා තෙල් ගානවා විතරයි. අරය හිටිය නම් තෙල් විතරක් ගාල පස්ස බලන්නේ නෑ. කෝටි ගානක් වියදම් කරලා ලොකු උත්සවයකුත් ගන්නවා.
අනේ මෙහෙමත් නායකයෝ....අර අහිංසක මිනිස්සුන්ට බොරු කියලා.... කුණු කන්ද අයින් කරලා දෙනවා කියල මැතිවරණය දිනලා... ඒ මහා විපතේදී ඒ පැත්ත පළාතේ යන්නේ නැතුව අවුරුදු සිරිත් කරනවා... මේ වගේ නායකයෝ ඉන්නකම් ලංකාවට අබ සරණයි....
තෙල් ගානකොට ලියලාගෙන එන අං කොටයක් අතට අහුවුනේ නැතිද? අපේ හාමුදුරුවනේ...
හිසකුඩිච්චියක් දැම්ම නම් මීට වඩා, කල්පනා කිරීමේ ශක්තිය ලැබේවි...
කෝ අපේ වන් ෂොට් නොහොත් රන්ජන් රාමනායක . තාම මීතොටමුල්ල පැත්තේ අවේ නැහැනේ අපි මේ බලාගන ඉන්නේ ඇවිල්ල කාගේ හරි හොම්බට අනිනකන් .අබ සරනය් ශ්‍රී ලංකා
තියන සේරම දේවල් ඕගොල්ලෝ ඔලුවට දාගන්න . අපිට ඔලුවට නෙමේ වහලෙටත් ඔදින් යන්න කුණු කඳු තියනවා . අබ සරනය් ශ්‍රී ලංකා !!!!