(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත දේශිය වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ලද දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ කසළ බැහැර කිරීමේ අංශය මගින් රැස් කරඇති බව එම ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්. හේමන්ත මහතා පවසයි.
නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා මෙම ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැර තිබූ බව පවසන හේමන්ත මහතා, මීළඟ ශ්‍රීපාද වන්දනා සමයේදී හෝ ශ්‍රීපාද පුදබිමේ වටිනා පරිසරයට දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී පරිසර හිතකාමී අයුරින් වන්දනාවේ යෙදෙන ලෙස සමස්ත දේශීය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලාංකිකයින්ගේ සංස්කෘතිය, හැදියාව! පේනවා නේද?
ලෝකය පිළිබඳ සහනශීලී ලෙස සිතන, ආකල්ප වෙනස් කළයුත්තේ, වෙනස් කළහැක්කේ පාසැල්, උසස් අධ්‍යාපන හා දහම් ආයතන තුළිනි. මේවායේ වෘත්තිකයන් බිහිකිරීමට කටයුතු කෙරුණත් ගුණවත් මිනිසුන් බිහිකිරීමට වැඩපිළිවෙලක් නැත.
මේකේ වැරැද්ද අපේ අධ්‍යාපන ක්‍රමයයි. මොන්ටිසෝරියේ ඉඳල පොඩි අයට මේවා හුරු නොකළ නිසා දැන් ඒවායේ ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ..
1980 හා 1990 දශකවල බස්වල සිගරට් බොන එක නැවැත්තුව වගේ මේවත් නැවත්විය හැකියි. ආණ්ඩුවට හා පාලකයින්ට උනන්දුව තියෙන්න ඕනේ. මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඉස්සර බීම තිබුනේ විදුරු බෝතල් වල ඒවා නැවත නැවත භාවිතා වුනා දැන් සත පනහට ප්ලාස්ටික් බෝතල් ලැබෙන නිසා බීම හදන කොම්පැනි වලට කිසි වගකීමක් නැහැ.වගකීමක් දෙන්න ආණ්ඩුවට උවමනාවකුත් නැහැ .1980 /1990 දශක වල අපි පොඩි කාලේ අපිට ලැබුනේ පිරිසිදු, රටක් . අපි අනාගතයට දෙන්න යන්නේ පිරිසිදු වතුර ටිකක් වත් හොයාගන්න බැරි කුණු ,පොලිතින් ,එන්ජින් ඔයිල් වලින් පිරුණු රටක් .
දෙමාපියන්ගේ වගකීම තවත් ආයතනවලට යොමු කරන්න එපා. දරුවෙක් හදනවා වඩනවා කියන්නේ දරුවා බිහිකරලා ඔහේ ඉබාගාතේ හැදෙන්න හරින එක නෙවෙයි. කුඩා කල සිටම දරුවට ගුණධර්ම, යහපත අයහපත දෙමාපියෝ පුරුදු කරන්න ඕනේ.. නැතුව රටටවත්, රජයටවත්, පාලකයින්ටවත් පන්සල්, පල්ලි වලටවත් දොස් කියල හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය පවුල් සංවිධානය කරන වැඩ පිළිවෙලක්. පාලකයින්ට බැනීමෙන් පලක් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා ලාංකිකා පෙරේරා මහත්මිය ගායනා කල ගීතයක්. " අඳුරට බැන බැන ඉන්න එපා, ගිනිකූරක් සොයලා.....මහන්සියෙන් එය දල්වලා , එලිය ලබන්න පුතා"
අපි හොඳ සිංහල බෞද්ධයො කියලා ආඩම්බර වෙන්න පුළුවන්...
ලසන්ත සහ සුරංගගේ අදහස් සමග එකඟ වෙමි. අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ හිත් පිත් නැති බුද්ධිමතුන් පමණි. මොවුන් රෝබෝලාට දෙවැනි නැත. චීනයේ අධ්‍යාපන සංකල්පයක් තියනවා "3H" සංකල්පය කියලා. මොකක්ද මේ "3H" කියන්නේ? එනම් හෙඩ්, හෑන්ඩ් සහ හාර්ට් යනුවෙනුයි. හෙඩ් යනු බුද්ධි වර්ධනයයි, හෑන්ඩ් යනු තම තමන්ගේ වැඩ කටයුතු තම තමන්ම කර ගැනීමට පුහුණු කිරීමයි. හාර්ට් යනු සංවේදී බව, ගස් වැල්, සතා සීපාවන්ට දක්වන ලැදියාව, එකිනෙකාව තේරුම් ගැනීම සහ උදව් කිරීම යනාදියයි. අපි තවමත් හෙඩ් යන සංකල්පයට පමණක් සීමාවී රොබෝ වරුන් බිහිකරමින් සිටින්නෙමු. පියවරුන් තම දරුවන් දුෂණය කරන, සහෝදරයන් තම සහෝදරියන් දුෂණය කරන, අම්මාවරුන් තම දරුවන් කසල ගොඩවල් වල දමා යන, දරුවන් තම මහලු මව් පියන් පාරේ අතරමන් කරන, මහලු මඩම්වල ඔවුන්ව දමායන, තමා ගැන මිසක් අනුන් ගැන, පරිසරය ගැන, සතා සිපාවන් ගැන නොසොයන අත්මාර්ථකාමී සමාජයක් අප බිහිකරමින් සිටින්නෙමු. එවන් මිනිසුන් පිරි සමාජයකින් මිට වඩා කුමක් බලාපොරොත්තු වන්නද?
අපේ රටේ මින්සුන්ගේ හැදියාව ..... ඔබ හරි සමේ
උපන් ගෙදර ජරා ගතිය