(ඡායාරූප - කුෂාන් පතිරාජ)
‘සුරකිමු පිංකෙත සිංහල බලවේගය‘ ඇතුළු තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් අද(23) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පෙර කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු අනෙකුත් ආගමික අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දාගමත් විකුණගෙන කන අන්තවාදී සන්ගයෝ
මුස්ලිම් ..දෙමල ජාතිය වෙනුවෙන් නායකයෝ සිටියත් ..සිංහල ජාතියට නායකයෙක් නොමැත.. අපි අසරණ වෙලා වෙලා වගේ බුදුහාමුදුරුවනේ...!!
සහෝදරයා, නායකයෝ බලෙන් බිහි කරගන්න බෑ. බලෙන් බිහිවෙන්නෙත් නෑ. සැබෑ නායකයෝ හොරකම් කරන්නේවත්, මිනී මරන්නේවත්, දාමරිකයෝ වෙන්නෙවත් නෑ. කාලය ඔවුන් ගොඩ නගාවී. එහෙම නැත්නම් ගොඩ නැගේවි. අවශ්‍ය වෙලාවට මිසක් අකාලයට ඒවා සිද්ධ වෙන්නේ නෑ . ජාතිවාදීන් මගින් එය වෙන්නෙත් නෑ .
අද දියුණු රටවල් එකක්වත් ආගම කරගහගෙන නොමැත.රාජ්ජ්‍ය උත්සවවලට ආගමික නායකයින් කැඳවන්නේ නැත.ආගම් වෙනම යනවා.ආණ්ඩුව වෙනම යනවා.මම කියන්නේ බොරුද කියා යුරෝපා රටවල සිටින අපේ හාමුදුරුවරු දන්නවා.අද බොහෝ රටවල ආගමි කොටසකට අදායම් මාර්ග නීතියෙන රිංගායාමට මාර්ග හා වරප්‍රසාද ලබා ගැනීමට මාර්ග. ආගම් අදහන්නන් තමන්ගේ ධනය හා ශ්‍රමය පරිත්‍යාග කරනවා..
ආගම් හා දෙවිවරු විවේචනය කරමින් ජාතින් අතර වෛරය ඇති නොකර මුස්ලිම් අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් සිටීනම් ඔවුන් පිලිබඳ තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන තැන්වලට ලබාදිය යුතුයි. එසේ නොකර තමන් නිල නොවන පොලිසියක් බව පවසමින් අන් අයට පහත් ආකාරයට බැනවදිමින් ක්‍රියා කිරීම බෞද්ධ පූජකවරයෙකුට නොගැලපේ.
අන්තවාදීව හැසිරන ඔවුන්ම අනෙක් අන්තවාදීන් ට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා පෙළපාලි යෑම විහිලුවට කරුණක්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අය්ති ඉඩම් වල හොර ඔප්පු හදාගෙන පදිංචි වුන මුස්ලිම් මිනිස්සු ආරක්ශා කරන්න දේශපාලකයො ඉන්නවා . ඒවා වැරදියි කියල පෙන්නපු මිනිස්සුන්ට ජාතිවදියො කියන්න සින්හලයොත් ඉන්නවා
මම ස්කොලේ ගියේ මරදානේ. ඒ අවරුදු 20 විතර කලින්. අහම්බෙන වගේ ඊයේ පෙරේදා මරදානේ station එකෙන් බැස්ස දවල් දොළහට විතර. සහිරා එකේ අරාබි දාල මුළු පළාතටම ඇහෙන්න. මට පුදුම හිතුන, පස්සේ දුක හිතුන. අවුරුදු 20 කට වෙච්ච වෙනස. තව 20 කින් මොනවා වෙලා තියේවිද මෙහෙම ගියොත්.
මුස්ලිම් අන්තවාදීන්ට විදේශ ආධාර. බෞද්ධ අන්තවාදීන්ට යුරෝපා ආධාර. ඡන්දයක් කිට්ටුවෙනකොට මේක තමා තුරුම්බුව. 2014 ඡන්දෙදි බේරුවල ගැහැව්වේ එම පදයමයි.
ඔවි ජෙන්නිෆෙර්
සිහල ජාතියට නායකයෙකු වී සිටින්නේ මේ ස්වාමීන් වහන්සේ පමණයි. සිංහල ජනතාවට විරුද්දව එල්ලවන දේවල් වලට පෙනී සිටින්නේ මොවුන් පමණයි.
රටේ අනෙක් ජාතීන් වගේ නොවෙයි සිංහල ජාතිය අතර එකිනෙකට වෙනස් මත තියෙනවා .එම නිසා වද වීගෙන යන ජාතීන් අතර ඉහලෙන්ම ඉන්නවා
මේකේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ මේ කතා කරලා තියන අය බෞද්ධයෝ නෙවේ කියල මට හිතෙන්නේ තමන්ගේ බඩ පුරෝගන බැංකු ගිණුම් තර කරගන රටට ජාතියට හා ආගමට හෙන ගැහුවත් කමක් නෑ කියල සැප විදින්න කටයුතු කරන ඕනෙම කලකන්නියෙකුට පුළුවන් එහෙම හිතන්න එහෙම නැතුව බෞද්ධ අපේ උරුමයන් හා පන්සල් මෙන්ම දහම විනාස වෙනවා බල ඉන්න බැ හරි හමන් ජාතකයක් ආගමක් තියෙන කෙනෙකුට උතුරේ පන්සල් විනාස කරනවා නැගෙනහිර පන්සල් පුරා වස්තු නටබුන් හා පුරන විහාර බුමි ඩෝසර් කරනවා පන්සල් භූමි බලෙන් අල්ල ගන්නවා අනෙක් පළාත්වල එයාලගෙ පල්ලි හදනවා ඒවාට කිසිම සිංහලයෙක් ප්‍රශ්න ඇති කරන්න නැ මේවා කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ කැලේ විනාස කරනවා අපේ රට බුද්ධාගම වනසන ක්‍රියා කාරකම් කරනවා බුදු පිළිම විනාස කරනවා මේවා බල ගැන ලෝකේ මේවා මෙහමයි කියල බලා ඉන්න ද කියන්නේ රජය කිසිම පිලියමක් කරන්න නැ බීරො පොට්ටයෝ වගේ චන්ද ටික අඩුවෙයි කියල කරබාගන ඉන්නවා මේවට බෞද්ධයෝ අනිවාර්යෙන් පෙළ ගැසෙන්න. ඔකොටම කලින් බෞද්ධ ආගම රටේ ආරක්ෂා කරන්න
අපේ ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ දේශපාලඥයෙක් කියල. නයා ලකුණෙන් චන්දෙ ඉල්ලලා පැරදුන කෙනෙක් කියල. ඔය කියන තරමට කිසිම බලවේගයක් නැහැ හිටියනං ඡන්දෙ ඉල්ලලා පැරදෙන්නේ නැහැ නේ. බහුතර සිංහල ජනතාව සාමකාමී අය අපිට අවුරුදු 30ක යුද්ධය අමතක වෙලා නැහැ. ඒ නිසා කව්රුත් කලබලවෙන්න අවශ්‍ය නැහැ. නීතිය හැමෝටම හරියට ක්‍රියාත්මක කරන්න.
ශාන් සෞදි - ඔබතුමාට රැකියාවක් දීලා තියෙන්නෙත් මුස්ලිම් රටක් නේද? ජන්මෙට වඩා පුරුද්ද ලොකු කියලා අපුරුවට පේනවා
ආගමක් අවශ්‍ය වන්නේ බිය ගුල්ලන්ට පමණි. සහජීවනය ඇතිකළ හැක්කේ මිනිසා ආගමෙන් ගලවාගැනීමෙනි. අධික ආගමික භක්තිය ඇත්තෙක් යනු අර්ධ වශයෙන් මියගිය ජීවියෙකි.
මරණින් පසු බෞද්ධයෙකු නැවත ඉපදෙන්නේ ඉස්ලාම් පවුලක විය හැක.ඉස්ලාම් භක්තිකයෙකු හින්දු පවුලක ඉපදිය හැක.කතෝලිකයෙකු බෞද්ධ පවුලක ඉපදිය හැක. සොබාදහමේ නීතිය යනු ශක්ති විද්‍යාවයි. ඔබ අධික ලෙස ආදරය කරන තැනද අධික ලෙස වෛර කරන තැනද ඔබගේ උපත සිදුවිය හැක.
ඇත්තටම ආගමට දහමට ලැදී කිසිවෙක්වත් මේ වගේ ජාතින් අතර වෛරය වපුරන්නේ නැහැ මොවුන්ට අවශ්‍ය කාට හරි මොනවා හරි කරලා තමන්ගේ සාක්කුව පුරවා ගන්නයි.
නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන තුරු බලා සිටීම ණුවනට හුරු නැත. බෞද්ධ වේවා මුස්ලිම් වේවා කිතුණු වේවා හින්දු වේවා අන්තවාදී කවර වනචරයෙකුට හෝ ආගම්වල නාමයෙන් ඉඩ දිය යුතු නැත. මෘගයන් අල්ලා බැඳ දැමිය යුතුමය. එසේ නොකළහොත් ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයාට විසුමක් නැත.
කවුරු සුද්ද කරන්න හැදුවත් මුස්ලිම් අන්තවාදීන් කරන විනාශය ඇහැ කණ තියෙන ඕනම කෙනෙකුට පේනවා.හැමෝම අන්තවාදීන් නොවුනට ඇත්ත තත්වය ඒක.
සිංහලයාගේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙනවයි කිව්වට තාම කිසිම ඉල්ලීමක් විසඳිලා නෑනේ.... කාලයෙන් කාලයට එක එක දේවල් පටන්ගන්නවා. දේශපාලකයෝ තම තමුන්ගේ පැවැත්මට උපයෝගී කරනවා මිස එය ජාතියේ නිදහසට නොවේ. ඕනෙම ප්‍රශ්නයක් වුණත් සුහදව, ශීලාචරව, සාකච්ඡාවෙන් විසඳන්න හැකියාව තියෙද්දී මෙහෙම කරන එක නිවැරදිද? මේ කරන ක්‍රියාව නිසා ජාත්‍යන්තරව බුදු දහම අපකීර්තියට පත්වෙනවා.
සිංහල බෞද්ධ කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට ගොස් නොයෙකුත් වධහිංසා වලට ලක්වෙනවා. භයානක ලෙඩ රෝග හදාගෙන ආපසු මෙරටට එනවා. මෙරට සිංහල කාන්තාවන් ගෘහසේවය සඳහා මැද පෙරදිග යාම වැළැක්වීමට පියවරක් ගමු අපේ හාමුදුරුවනේ....
මම කතෝලික, එත් අපේ ආගම අපිට නිදහසේ කරගන්න පුලුවන් වටපිටාවක් ලැබුනේ බෞද්ධ දර්ශනය නිසා. ඒ නිසා මේ හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියා අනුමත නොකලත්, මේ හිස ඔවසවන අන්තවාදය දෙමල කොටින්ටත් වඩා භයානකයි..
සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්... මේ රටේ ජිවත්වන කිසිම ජාතියක් විශේෂ නැහැ. කරුණාකර සියලු දෙනාම සමගියෙන් සහජීවනයෙන් සිටින්න.
උතුරේ දෙමල නායකයෝ ජනදිපතිතුමටත් එන්න එපා කියල ප්‍රසිද්දියේ තර්ජනය කරනවා. නැගෙනහිර පන්සල් කඩා දමනවා. හැබයි ඒවා නම් ජාතිවාදය වෙන්න බැහැ. එව්වා සන්හින්දියාවට තියෙන ආදරයට කියන කරන එව්වා මන් හිතන්නේ.
මා දන්නා තරමින් බුදු කොඩිය ඉදිරිපස කිසිදු ආකාරයක මුහුණක් ආදේශ කල නොහැක. පසුගිය වෙසක් සමයේ මේ හා සමාන ලෙස සැකසු කබීර් හෂීම් මහතාගේ රුව සහිත පෝස්ටරයක් පිලිබදව ස්වාමින්වහසේ නමක් සවිස්තරාත්මකව පැහැදිලි කර දී තිබුණා. එසේ බලන කල මෙම පෝස්ටරයද බුද්දාගමට නිගරු වන ලෙස සකසා ඇතිබව පැහැදිලිවේ. මෙවන් පිරිසක් සම්බුද්ද ශාසනය කෙලෙස ආරක්ෂා කරාවිද? එසේම මෙම රූප පෙලේ පිටුපසින් දිස්වන කොඩිය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නොවේ. මෙවැනි කොඩියක් නිර්මාණය කොට ඔසවා යාම අන්තවාදය ඇවිස්සවීමට ඔවුන් විසින්ම කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අවට සිටින පොලිස් නිලධාරීන් මෙය නොදුටුවා විය නොහැක. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් බහුතර ජනතාව (ඔවුන් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ කව්රුන් වුවද) කවදත් මධ්‍යස්ථව හිදිමින් තීන්දු තීරණ ගෙන ඇත. කුමන ආගමක් ඇදහුවද, එකී ජන සමූහයේ අන්තවාදී අයුරින් කටයතු කරන පිරිස් පිලිබදව දැඩිලෙස කටයුතු කලයුතුය යන්න මාගේ මතයයි.