(දයාරත්න ඇඹෝගම)
විශ්ව විද්‍යාල සිසුන්ට ජල සහ කදුලූ ගෑස් ප‍්‍රහාර එල්ල කිරිම සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දුර බැහැරින් රෝහල කරා ප‍්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගිහු විශාල පිරිසක් මහත් දුෂ්කරතාවයකට පත්වුහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අප හට දක්නට ලැබුණේ පදවිය , සිරිපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චිය වැනි ඉතා දුෂ්කර ප‍්‍රදේශ වලින් පැමිණි රෝගින් ප‍්‍රතිකාර ගැනිම සඳහා දියවැඩියාව හෘද රෝග දනිස් කැක්කුම් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනිමට එම සායනයන් ඉදිරිපිට වාඩිවි සිටි ආකාරයයි.
රජයේ නිලධාරින්ගේ වෛද්‍ය සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා ගෙන් කළ විමසිමේදි ඔහු පැවසුවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරුන් 600 ක් පමණ දෙනා මෙම වර්ජනයට එක්ව සිටින බවයි.
වකුගඩු ඒකකයේ සහ හදිසි සේවාවන් පවත්වා ගෙන යන බවත් සායන සහ බාහිර රෝගින් සදහා ප‍්‍රතිකාර කිරිම අත් හිටවා ඇති බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.



(අනුරාධපුර - දයාරත්න ඇඹෝගම)



( පුත්තලම - හිරාන් ප්‍රියංකර)



( මඩකලපුව - ජවුෆර් ඛාන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට නිසි දඬුවම් පමුණුවන දවස කවදාද?
මේ තරම් නීතියට ගරු නොකරන වෘත්තිය සංගමයක් දැක නැත. රටක නීතියට ගරු නොකිරීම එම රටක අනාගතයට සූභ නිමිත්තක් නොවනු ඇත. වැදගක් වෘත්තිකයන් වශයෙන් වෛද්‍යවරු ක්‍රියා නොකරන්නේනම් අනාගතයේ බිහිවන වෛද්‍යවරුන්ටද එය කළු පැල්ලමක් වීමට පුළුවන. වැදගත් වෛද්‍යවරුන්ටද මෙය කළු පැල්ලමක් එක්කරනු ඇත. දෙවිවරු වගේ මිනිසුන්ගේ ජීවිත බේරන වෛද්‍යවරුත් මේ අතර සිටිනා බව අපේ හැගිමයි. ඔවුන්ට අපේ ප්‍රණාමය
අනේ මෙහෙම දොස්තරලා මිනීමරන රටක්!!!
ජනතාව විසින් පත්කරන ලද දේශපාලකයන් විසින් ගන්න තීන්දු තීරණ නිසා අපහසු තාවයට පත්වන්නේ ජනතාවමය. වර්ජන වෘත්තිමය අයිතිවාසිකමකි. මහජනයාට වඩාත්ම දැනේනේ සේවාව වෛද්‍ය වෘත්තියයි. එහි ගුණාත්මකභාවය යනු මිනිසුන්ගේ ජීවිතයි. ඔවුන්ගේ සටන ඒ සඳහයි. දේශපාලකයන් මෙයට ඇහුම්කන් නොදෙන්නේ මන්ද.?
පිළියන්දල සමාධි දැරියට සිදුවූ අසාධාරණයට එරෙහිව නුබලා වර්ජනය කරන්නේ කවදාද ?
දොස්තර මහත්වරුන්ට වෙනම ඇපයක් හදමු...
සමහර රෝහල්වල රෝගීන්ට නිහඬව තමයි ඉන්න වෙලා තියෙන්නේ
සමහර රෝගීන්ට හරියට කෑමක්, බීමක්, විටමින් එකක්වත් දෙන්නේ නැහැ. දන්නෙත් නැහැ. ඒවාට සල්ලිත් මේ අය ළඟ නැහැ. මේ දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය නම් හොඳ නැහැ..
මීට කලින් අවස්ථාවල වෛද්‍යවරු වර්ජනය කල අවස්ථාවල සමහර මාධ්‍ය මගින් විකාශනය කල ප්‍රවෘත්ති හා පුවත්පත්වල පලකළ අදහස් අනුව බොහෝ දෙනා කියනවා මේ දොස්තරලා කරන වර්ජනය සාධාරණයි කියලා. එවැනි සමාජ වාතාවරණයක් තුළ, අපේ රටේ රෝගීන්ට තියන විශාලම ප්‍රශ්නය තමන්ට තියන රෝගයටත් වඩා ඇත්තේ සයිටම් එකේ අර්බූදයයි. ඉතින් වෛද්‍යවරුන්ට ඒ අයගේ මේ වර්ජනය සාර්ථක කරගන්න ලෙඩ්ඩු ලෙස උදව් කරනවා හැරෙන්න මේ වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් නැති ලෙඩත් හදාගෙන රෝහල් වලට පැමිණීම මම නම් අනුමත කරන්නේ නැහැ.. ඔය සයිටම් එක වහලා දානකම් ලෙඩ හදාගන්නේ නැතිව ඉන්න බලන්න. අනික ඔබලා වැනි රෝගීන් පිළිබඳ තිබෙන සත්භාවයෙන්ම ඔවුන් පෞද්ගලික රෝහල් වල චැනල් සෙන්ටර් වල ඉතාම කැපවීමෙන් ඔවුන්ගේ සේවාව ඉටු කරනවා. කරුණාකර මෙතන මැසිවිලි නගන්නේ නැතිව ඒ උතුම් "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" එම ස්ථාන වලින් ලබා ගන්න.
මේ රජය ආපු දවස ඉඳන් කයිවාරු පමණයි. රජයේ දුර්වලකම නිසා තමයි මේ දේ සිදුවෙන්නේ. කනගාටුයි අහිංසක දුප්පත් රෝගීන් අසරණයි. සුළු සුළු ප්‍රශ්නවලට පවා විසඳුම් දෙන්න බැරි මේ රජයේ මැති ඇමතිවරුන්, වරප්‍රාසදවලටනං අඩුවක් නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මේ වැඩ වර්ජන ගැන දින දෙකකට කලින්වත් ගුවන් විදුලිය හෝ රුපවාහිනිය මගින් මහජනයා දැනුවත් කල යුතුයි. එවිට, මේ අසරණ ලෙඩුන් ඉස්පිරිතාලවල පැමිණ රස්තියාදු වීම වළක්වා ගත හැකියි. මීට අමතරව අපේ දේශීය වෛද්‍යවරුන් මීට වඩා රට තුල ප්‍රචලිත කල යුතුයි. මා දන්නා තරමින්, දේශීය වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ඔය බටහිර වෛද්‍යවරුන්ට වඩා ඉහළයි.
හය හතර නොදන්නා නුගත් පාලකයන්ට එය කියා දීමට උගත් බුද්දිමතුන් දරන උත්සාහයකි ! ?? මේ සියලු දෙනාම හය හතර (දිව්‍ය ලෝක හය සහ අපාය හතර) නොදන්නා බව ඔවුන්වත් නොදනී. සියලු දෙනාගේම මාර්ගය හතර අපාය වෙතය. ඒ නිසා නූගතුන් හා උගතුන් අතර වෙනසක් දැකිය නොහැක.